උදේම නැගිට්ටොත් දියුණු වෙන්න පුළුවන්ද? | Why Successful Rich people Wakeup Early In The Morning? | The 5 am Club Book Summary | time2talk

උදේම නැගිට්ටොත් දියුණු වෙන්න පුළුවන්ද? එහෙම නැගිටලා කරන්න ඕනෙ මොනවද?

සාර්ථක ව්‍යවසායකයෙක්, ජනප්‍රිය නළු නිළියො, World class athletesලා, Presidentsලා, නායකයො, Top performing studentsලා වගේ හැම අංශයකම සැලකිය යුතු පිරිසක් ඉන්නව උදෙන්ම නැගිටින එක දේව භක්තියෙන් අදහනවා. උදේම නැගිටින එක ඔවුන්ගෙ සාර්ථකත්වයේ රහසක් විදියට ඔවුන් දකිනවා.ීතින් මේ අය නගන තර්කය තමයි ඔයාගෙ Personal life එකේ සහ Professional life එකේ Best results ගන්න පුළුවන් හොඳම විදිය තමයි World class morning routine එකක් හදාගන්න එක. ඒ ගැන හොඳටම දැනගන්න නම් කියවන්න ඕනෙ හොඳම පොත තමයි The 5 am Club කියන පොත. දැන් මේකෙන් අදහස් වෙන්නෙ සාර්ථක වුණ හැම කෙනාම උදේ 5ට නැගිටිනව කියන එක නෙමෙයි. උදේ 5ට නැගිටින එකෙයි, World class morning routine එකක් තියාගන්න එකෙයි, Successful වෙන එකෙයි තියෙන සම්බන්ධය මොකක්ද. මේ පොත නගන තර්කයක් තමයි, දවසේ පළවෙනි පැය තමයි Heroesලව බිහි කරන, Top performanceලව බිහි කරන පැය. ඒ පැය පටන් ගන්න හොඳම වෙලාව තමයි උදේ 5ට නැගිටලා 5 a.m. club එකට Join වෙන එක. එතකොට ඇත්තටම මොකක්ද මේ 5 a.m. club එකට Join වෙන එකයි සාර්ථක වෙන එකෙයි තියෙන සම්බන්ධෙ? ඒ ගැන හැම දෙයක්ම ඔයාට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

(1) State of flow in your thinking
මේ පොත කියන විදියට ඇත්තටම උදේ 5ට නැගිටින එකෙන් අදහස් වෙන්නෙ එතන පොඩි පාළු ගතියක්, තනිකමක් වගේ තියෙන නිසා ඒක හරියට පාවිච්චි කරොත් ඔයාගෙ Industry එකේ Top performer කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. උදේ 5ට නැගිටිනව කියන්නෙ අපේ මොලේ State of flow in your thinking කියන Mode එකට එනව. කෙනෙකුගෙ මොලේ මේ Mode එකට එනව කියන්නෙ එයාගෙ Efficiency එක, කාර්‍යක්ෂමතාවය, Focus කිරීමේ හැකියාව සෑහෙන දුරට වැඩි වෙනවා. Top performanceලව බිහි කළේ මෙන්න මේ State of flow in your thinking කියන Mode එක. මිනිස්සු හැමෝටම තියෙන්නෙ සීමා සහිත Mental capacity එකක්. මේ සීමා සහිත Capacity එක ඇතුළෙ අපි දවස පුරා එකක් එක දේවල් වලට අවධානය Shift කරනවා. Work, Meating, Social media, Problem, Family life මේ හැම දෙයක්ම ප්‍රශ්න ගොඩක්. Research වලින් පෙන්වනවා සාමාන්‍යයෙන් ඔය වගේ එක එක දේවල් වලට අවධානය දීලා Lunch time එකෙන් පස්සෙ මිනිස්සුන්ගෙ අවධානය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. වැදගත් දේකට Focus කරන්න හරි අමාරුයි. ඒකට මේ The 5 am Club කියන පොතෙත් මේකට උදාහරණ තියෙනවා. මේ පොත නගන තර්කය තමයි ඔයා උදේ 5ට නැගිටින 5 a.m club එකේ කෙනෙක් නම් ඔයාගෙ Life එකේ High valuable දේකට ඔයාගෙ අවධානය යොමු කරන්න්න Golden opportunity එකක් තියෙනවා. වෙන විදියකට කියනව නම් ඔයා ඔයාගෙ Morning routine එක Efficient විදියට පාවිච්චි කරොත් ඔයා State of flow එකට යන නිසා ඔයාගෙ සිතුවිලි පාලනය කරන කොටස තාවකාලිකව Shut down වෙනවා. එතකොට ඔයා analyze කරන එක, Stress වෙන එක, කණගාටු වෙන එක තාවකාලිකව නොදැනී යනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගෙ මොලේ Serotonin සහ Dopamine කියන හෝමෝන ඉතාමත් හොඳින් සිද්ධ වෙන වෙලාවක් තමයි මේ. මේක ඉතාමත් හොඳින් සිද්ධ වෙන නිසා ඔයාට ලොකු Effort එකක් දෙන්නෙ නැතුව ඔයාගෙ මොලේ State of flow in your thinking එකට අරගෙන යන්න පුළුවන්. මේ පොත කියනවා, State of flow in your thinking කියන Mode එකට ලොකු Effort එකක් දෙන්නෙ නැතුව ඔයාට යන්න පුළුවන් වෙලාව තමයි මේක. ඒ නිසා ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ.

(2) 4 things to pay attention
දැන් ඔයා දන්නව 5 a.m. club එකට සම්බන්ධ වෙන එකේ තියෙන Psychological, Scientific පැත්ත මොකක්ද කියලා. ඒකෙ තියෙන වාසි මොනවද කියලා ඔයා දන්නවා. ඊළඟට මේ පොත Highlight කරන දෙයක් තමයි මේ 5 a.m. club එකට Join වෙන මිනිස්සු, World class morning routine එකක් තියෙන මිනිස්සු, Top perform කරන මිනිස්සු අවධානය දෙන දේවල් 4ක් තියෙනවා.
Talent – මේ පොත කියනවා, සාමාන්‍ය Great මිනිස්සු තියෙන Talent එකේ තරම මත උඩට ආපු මිනිස්සු නෙමෙයි. තමන්ට තියෙන Talent එක මොකක් වුණත් ඒක ප්‍රගුණ කරලා උඩට ආපු මිනිස්සු. ඒකට ඒ මිනිස්සු මේ World class morning routine එක පාවිච්චි කරලා තියෙනවා.
උදා:- හිතන්න,
A කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයාට Self discipline එකක්, නොපසුබසින උත්සාහයක් තිබුණත් සාමාන්‍ය Talent එකක් තියෙන්නෙ.
B කියලා පුද්ගලයෙක් ඉන්නවා. Top performing talent එකක් තියෙනවා. ඒත් උත්සාහය මදි. Discipline එක මදි.
ඔයාට බය නැතුව පළවෙනි කෙනාව විශ්වාස කරන්න පුළුවන්. මොකද, ඒ වගේ අය තමයි ප්‍රගුණ කරලා, Maximum effort එක දීලා උඩට ඇවිත් Great මිනිස්සු බවට පත් වුණේ.
Distractions – බාධා වලින් නිදහස් වෙන එක තමයි Game එක වෙන්නෙ. මේ පොත කියනවා අද වෙනකොට ගොඩක් මිනිස්සු Technology එකෙන්, Social media වලට පැය ගණන් තමන්ගෙ කාලය නාස්ති කරනව කිසිම තේරුමක් නැති දේවල් කරලා. සාමාන්‍යයෙන් Great perfomanceලව ගත්තම ඒගොල්ලොහැමදේම කරන්න ගියෙ නෑ. තෝරාගත්තු Projects කීපයකට Lazar focus එකක්, Concrete focus එකක් දීලා ඒ දේවල් හොඳට ඒ දේවල් කළා. ඒ දේවල් එහෙම කරන්න මේ World class morning routine එක, උදේ 5ට නැගිටින එක ඒගොල්ලො වාසියක් විදියට හරව ගත්තා. ඒ වෙලාව ඒකට කැප කරා.
The power of small things – ඔයා හැමදාම කරන පොඩි පොඩි දේවල් ටික තියෙනවනෙ, ඔයා ඉඳලා හිටලා කරන ලොකු දේවල් වලට වඩා ඒක වටිනවා. ඔයා එක දවසක 1%ක් ඔයාගෙ Skill එක වැඩි කරනවා. ඒ 1% ඔයාට ඇහැට පේන්න නැතුව ඇති, ඇඟට දැනෙන්නෙ නැතුව ඇති, කිසිම Result එකක් ලැබෙන්නෙ නැතුව ඇති. හැබැයි ඔයා අවුරුද්දක් තිස්සෙ එහෙම පොඩි පොඩි දේවල් කරගෙන යනව කියන්නෙ අවුරුද්ද ඉවර වෙනකොට ඔයා 365%කින් ඔයාගෙ Skill එක වැඩි කරලා තියෙන්නෙ. පොඩි පොඩි දේවල් අනිතිමට ඔයාට ලොකුවට බලපානවා. මේ පොත කියන්නෙ ඒ පොඩි පොඩි දේවල් ටික කරන්න හොඳම වෙලාව විදියට මේ 5 a.m club එකේ මිනිස්සු එයාලගෙ Morning routine එකට එකතු කරලා තියෙනව කියලා.
Be a master – මේ පොත කියනවා Avarrage මනුස්සයෙක්ට මොනව හරි Skill එකක, මොනව හරි Industry එකක Master කෙනෙක්, වැඩ්ඩෙක් වෙන්න අවශ්‍ය නම් දවසට පැය 2.75ක් ඒ Skill එක ප්‍රගුණ කරන්න ඔයා වෙලාවක් දෙන්න ඕනෙ වගේම ඔයා අවුරුදු 10ක් ඒක කරන්න ඕනෙ. එතකොට ඔයාට ඒ Skill එකේ Industry එකේ Master කෙනෙක් වෙන්න පුළුවන්. World class morning routine එකක් තියෙන මිනිස්සු, 5 a.m club එකේ ඉන්න මිනිස්සු උදේ 5ට නැගිටලා ඒ වෙලාව ඒකට වැය කරනවා.

(3) 4 internal kingdoms
ඔයා ඕනතරම් අහලා ඇති ඔයාගෙ Mindset එක Improve කරොත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ඔව් ඇත්ත. Mindset එක වෙනස් කරාම ඔයාට ඔයාගෙ ජීවිතේ ලොකු වෙනස්කම් කරන්න පුළුවන්. ප්‍රශ්නෙ කියන්නෙ, කෙනෙක්ව අභ්‍යන්තරයෙන් දියුණු කරන්න තව දේවල් 4ක් තියෙනවා. Mindset එක කියන්නෙ ඒකෙ එක දෙයක් විතරයි. මේ පොතේ විදියට මේකට කියන්නෙ ඔබේ අභ්‍යන්තර රාජධානි 4 කියලා.
Heart set– ඔයාගෙ Emotional life එක, ඔයාගෙ Friends, Family සහ Love life එක. ඔයාට World class Mindset එකක් තිබ්බත් වැඩක් නෑ ඔයාගෙ Emotional life එක, ඔයාගෙ Heart set එක අවුල් ජාලාවක් නම්. මොකක්ද Magical statement එක. ප්‍රකාශයට පත් නොකරපු හැඟීම් කවදාවත් මැරෙන්නෙ නෑ. ඒවා පණ පිටින් වැළලිලා තියෙන්නෙ. ඒවා සැරින් සැරේ මතු වෙවී රිදුම් දෙනවා.
Health set– ඔයාගෙ සෞඛ්‍ය, ඔයාගෙ Physical fitness එක. ඔයාට ලෙඩ ඇඳේ ඉඳගෙන ලෝකෙ වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයාගෙ ශරීර සෞඛ්‍ය ඉතාම වැදගත්.
Soul set– ඔයාගෙ අධ්‍යාත්මය. අපි සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් කරනකොට අපි වටේ තියෙන හැම දෙයක්ම අපිව අරගෙන යන්නෙ Materialistic දේවල් වලට. බාහිර පරිසරයෙ තියෙන භෞතික දේවල් වලට. ඒවා පස්සෙන් තමයි ගොඩක් වෙලාවට අපි යන්නෙ. හැබැයි 5 a.m. club එකේ මිනිස්සු, World class morning routine එකක් තියෙන මිනිස්සු ඒගොල්ලන්ගෙ ඇඟ ඇතුළෙ ඉන්න මනුස්සයත් එක්ක Chemistry එකක් හදාගන්න පොඩි වෙලාවක් වෙන් කරගන්නවා.
Mindset– මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි, Mindset කියන්නෙ මේකෙන් 25%ක් විතරයි.
මේ අභ්‍යන්තර රාජධානි 4 ගැන දැනගත්තට ඒක ජීවිතේට සම්බන්ධ කරගන්න විදිය අපි තාම දන්නෙ නෑනෙ. World class morning routine එකක් තියෙන මිනිස්සු, 5 a.m. club එකේ ඉන්න මිනිස්සු, උදේ 5ට නැගිටින මිනිස්සු කොහොමද මේ රාජධානි 4ම පාවිච්චි කරන්නෙ? ඒක Satisfy කරන්නෙ කොහොමද?

(4) The 20/20/20 formula
දැන් ඔයා උදේ 5ට නැගිටිනවා. 5 a.m. club එකට Join වෙලා ඉන්නෙ. World class morning routine එකක් හදාගන්නයි දැන් ඔයාට ඕනෙ. හැබැයි ඔයා උදේ 5ට නැගිටලා Social media use කරනවා. එතකොට ඒ නැගිටපු එකෙනුත් වැඩක් නෑ. ඒ නිසා මේ පොත අපිට දෙන උපදෙස තමයි, ඔයා 5 a.m. club එකට Join වෙනකොට, උදේ 5ට නැගිටිනකොට ඔයාගෙ පළවෙනි පැය කොටස් 3කට කඩන්න.
1st 20 minutes– Move~ World class morning routine එකක් තියෙන මිනිස්සු, 5 a.m. club එකේ ඉන්න මිනිස්සු, උදේ 5ට නැගිටින මිනිස්සු මේ පළවෙනි විනාඩි විස්ස ව්‍යායාම කරන්න, Gym එකට යන්න වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නෙ. එතකොට ඔයාට දාඩිය දානවා. දාඩිය දානව කියන්නෙ ඔයාගෙ කොලස්ටරෝල් ඇතිවෙන එක, බය ඇති වෙන එක වගේ හෝමෝන අවම කරනවා.
2nd 20 minutes– Reflect~ දවසේ වැඩ පටන් ගන්න කලින්, Distraction එන්න කලින්, බාධා එන්න කලින්, එක එක Daily routinesවලට යන්න කලින් World class morning routine එකක් තියෙන මිනිස්සු එයාලගෙ Life එකේ අරමුණු ගැන, Goals ගැන, Vision එක ගැන, එයාලට තියෙන දේවල් මොනවද, අනාගතේ යන්න ඕනෙ කොතනටද කියලා නිස්කලංකව හිතන්න ඒවා ගැන දකින්න Imagine කරන්න විනාඩි 20ක් වැය කරනවා.
3rd 20 minutes– Grow~ Learning, Studying, Reading, Watching a video, Biography එකක් Documentary එකක් බලන්න, Audio එකක් අහන්න, Article එකක් News paper එකක් කියවන්න වගේ ඕනේම දේකට යොමු වෙන එකෙන් තමන්ගෙKnowledge එක වැඩි කරලා තමන් ඉන්න තැන ඉඳලා තමන්ව Grow කරන දෙයක් World class morning routine එකක් තියෙන මිනිස්සු කරා. අති සාර්ථක මිනිස්සුත් මේ Learning කියන Process එකට මාර විදියට වෙලාව කැප කරා.

(5) Deep sleep
ගැඹුරු නින්ද. 5 a.m. club එකේ ඉන්න මිනිස්සු දවසේ පළවෙනි පැයේ වැදගත්කම දන්නව වගේම අපි නින්දට යන්න කලින් ගත කරන අවසාන පැයේ වැදගත්කමත් ඒගොල්ලො දන්නවා. ඔවුන් කියන දෙයක් තමයි, මේකත් ඔයාගෙ Performance level එකට සෑහෙන බලපෑමක් ඇති කරනව කියන එක. කොහොමද ඒ? මේ පොත කියනනෙ, අද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි නින්ද යන්නෙ නැති එක. මේක අනාගතේදි තව වැඩි වෙනව. ඔයාගෙ දියුණුව සිද්ධ වෙන්න ඔයාගෙ Performance, Activities කරන වෙලාවෙදි විතරක් නෙමෙයි. ඔයාගෙ Recovery time එකෙත් ඔයාගෙ Performance එක වැඩි කරන්න, ඔයාගෙ දියුණුව වැඩි කරන්න ඒක බලපානව. ගැඹුරි නින්ද, Deep sleep කියන ඒ Period එක තමයි ඔයාගෙ Recovery time එක. මේ පොත කියනවා ඔයාගෙ දවසේ අවසන් පැය Loved once එක්ක කාලය ගත කරන්න. Meditate කරන්න, Read කරන්න. ඒත් කරන්නම හොඳ නැති දේවල් තමයි Avoid tech devices. හැබැයි, ඒ වෙලාවට Tech devices එක්ක කාලය ගත කරන එක හොඳ නෑ කියලා දැන දැනත් අපි ඒකම තමයි කරන්නෙ.
5 a.m. club කියන World class morning routine එකක් තියෙන සාර්ථක මිනිස්සු එයාලගෙ Morning routine එක ගත කරේ කොහොමද කියලා විස්තර කරන The 5 am Club කියන පොතේ තියෙන අන්තර්ගතය දැන් ඔයා දන්නවා. ඔයාටත් පුළුවන් සාර්ථක මනුස්සයෙක් වෙන්න. Good Luck

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *