මේ දවස් වල හැමෝගෙම අවධානය ඊශ්‍රායල පලස්තීන යුද්ධය පැත්තට යොමු වෙලා තියෙනවා. මේක මෑතක පටන් ගත්ත ගැටලුවක් කියලා හිතුවට මේක හුඟක් පරන ඉතාමත් සංකීර්ණ දේශපාලන ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නෙ ඇතුලෙ අපිට කතාකරන්න ගොඩක් Interesting දේවල් තියෙනවා. ඒ නිසා අපි මේ යුද්ධය ආරම්භය ගැන ටිකක් හොයලා බලමු.
අපි ඊශ්‍රායලයේ ඉතිහාසය දිහා බලනකොට ඒකට තියෙන්නෙ ගොඩක් ආගමික ඉතිහාසයක්. ඔයාලා සමහරවිට අහලා ඇති මෝසස් ගැන. ඒ වගේම Ten commandments, එහෙමත් නැත්නම් දසපනත. ඉතාමත් කෙටියෙන් කිවුවොත් එහෙම මෝසස් කියලා කියන්නෙ ඊජිප්තුවේ හිටපු කුමාරයෙක්. එයාට දෙවියන් වහන්සේගෙ පණිවිඩයක් හම්බෙනව. එයා ඊජිප්තුවේ හිටපු යුදෙව් වහලුන්ව එකතු කරගෙන ඊජිප්තුවෙන් නික්මිලා උතුරු දිශාවට ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදියට මෝසස් එයාගෙ පිරිසත් එක්ක මධ්යදරණි මුහුද ගාවට ගියාට පස්සෙ දෙවියන් වහන්සේ මේ මුහුද දෙබෑ කරලා එයාලට යන්න පාරක් හදලා දෙනවා. ඒ පාර හරහා ගමන් කරලා ඒගොල්ලො ඒයාලගෙ ශොද්ධ වූ භූමියට ගමන් කරනවා. මෙන්න මේ ප්‍රදේශයේ තමයි අද ඊශ්‍රායලය තියෙන්නෙ. මුහුද දෙබෑ කරගෙන යෑමත් එක්ක ඒක ටිකක් මිත්‍යා ගතියක් තියෙනවා තමා. ඉතින් මං මේ කතාව කිවුවෙ ඉතාමත්ම කෙටියෙන්. මේකෙ තව Details ගොඩක් තියෙනවා.
ඉතින් මේ විදියට දෙවියන් වහන්සේ විසින් තෝරගත්ත විශේෂ පිරිස එයාලගෙ ශුද්ධ වූ භූමියට ගියාට පස්සෙ එයාලට එතන දිගටම ඉන්න හම්බෙන්නෙ නෑ. ඒගොල්ලන්ට බැබිලෝනියානු ශිෂ්ඨාචාරයෙන් ආක්‍රමණයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඊටපස්සෙ ඒගොල්ලන්ගෙ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. හැබැයි ආපහු එයාලට එයාලගෙ ශිෂ්ටාචාරය ගොඩ නගාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදියට ශිෂ්ඨාචාරය ගොඩ නගාගෙන ටික කාලයක් යනකොට රෝම අධිරාජ්‍යයෙන් මෙයාලට පහර දෙනවා. පහර දුන්නට පස්සෙ මේ ශුද්ධ වූ භූමියේ හිටපු යුදෙවුවන් මුලු ලෝකය පුරාම විසිරිලා එක එක රටවල් වල හැංගිලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා මුලු ලෝකෙ පුරාම ඉන්න යුදෙවුවන්ට තම ශුද්ධ වූ භූමිය අහිමි වෙනවා. ඒ වගේම එයාලට තමන්ගෙම කියලා රටක් නැති වෙනවා. එයාලට වෙන රටවල් වල Citizenship අරගෙන ඒ රටවල් වල විදියට ජීවත් වෙන්නත් පුරුදු වෙන්න වෙනවා.
මැදපෙරදිග කලාපයේ තියෙන්නෙ ඉතාම ශක්තිමත් ඉස්ලාමීය රාජ්‍යයන්. යුදෙවුවන් විශ්වාස කරන විදියට ඒගොල්ලන්ගෙ ශුද්ධ වූ භූමිය තියෙන්නෙ ජෝර්දානයට බටහිරින්, ඒ වගේම ඊජිප්තුවට ඊසාන දිගින් වගේම ලෙබනනයට දකුණින්. ඉතින් 1948ට කලින් මේ ප්‍රදේශයේ ඊශ්‍රායලය කියලා රටක් තිබුණෙ නෑ. කවුරුත් ඊශ්‍රායලය කියලා නමක් අහලවත් තිබුණෙ නෑ. ඒ වෙනුවට මේ ප්‍රදෙශයේ තිබුණෙ පලස්තීනය කියලා අරාබි රාජ්‍යයක්. හැබැයි කොහොම වුණත් මුලු ලෝකෙ පුරාම විසිරිලා හිටපු යුදෙවුවන්ගෙ හිතේ තිබුණා එයාලගෙ ශුද්ධ වූ භූමිය නැවතත් අත්පත් කරගන්න ඕනෙ කියලා. එයාලා ඒකට සියවස් ගණනාවක් තිස්සෙ ඉතාමත් සංකීර්ණ සැලසුම් හැදුවා. ඔයාලා හැමෝම දන්නවා යුදෙවුවන් ඉතාමත් බුද්ධිමත් වගේම ඉතාමත් කාර්යශූරයි කියලා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලො හරිම කපටියි. ඒ නිසා එයාලට පුළුවන් වුණා එයාලා ජීවත් වෙන රටවල් වල ඉතාමත් බලවත් වගේම ඉතාමත් ධනවත් පුද්ගලයන් බවට පත්වෙන්න. ඔයාලට අද වුණත් බැලුවොත් මුළු ලෝකෙ පුරාම දේශපාලනය, ව්‍යාපාර, ජනමාධ්‍ය, කලාව වගේ ගොඩක් අංශ වල ඉතාමත් ඉහළින් ඉන්න යුදෙවුවන් ඔයාලට බලාගන්න පුළුවන්.
ඉතින් මේ විදියට යුදෙව්වන් එයාලගෙ ශුද්ධ වූ භූමිය නැවතත් අත්පත් කරගන්න සියවස් ගානත් තිස්සෙ Plan කරා. එයාලගෙ ශුද්ධ වූ භූමිය තිබුණු තැන දැන් තියෙන්නෙ පලස්තීනය. ඒ නිසා ඔවුන් ක්‍රම ක්‍රමයෙන් පලස්තීනයට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. සංක්‍රමණය වෙලා එතන ව්‍යාපාර ආරම්භ කරා. ඒ වගේම ඉඩම් අත්පත් කරගන්නත් පටන් ගත්තා. ඉතින් මේ විදියට යුදෙවුවන් පලස්තීනයට ඇවිත් ව්‍යාපාර පටන් අරගෙන, සල්ලි හම්බ කරලා, ඉඩම් මිලට අරගෙන ටික ටික ස්ථාවර වෙනකොට එතන යම් යම් ආකාරයේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. මේ ප්‍රශ්න එන්න එන්නම සංකීර්ණ වෙන්න පටන් ගත්තා. එතකොට ලෝකෙ ගොඩක් අය මේ ප්‍රශ්න වලට මැදිහත් වුණා. හැබැයි කාටවත් ඒ ප්‍රශ්න හරියටම විසඳන්න බැරි වුණා.
ඉතින් මේ ප්‍රශ්න හැම එකක්ම මැදින් 1948දි David Ben-Gurion පලස්තීනය ඇතුලෙ ඊශ්‍රායලය කියලා අලුත් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරා. ඔයාලා හැමෝම මතක තියාගන්න ඕනෙ මේ දේ සිද්ධ වෙන්නෙ ශ්‍රී ලංකාවෙ ඉන්න අපිට නිදහස ලැබුණු අවුරුද්දෙ. ඉතින් මේ විදියට පලස්තීනය ඇතුලෙ ඊශ්‍රායලය කියලා අලුත් රාජ්‍යයක් හැදුවට පස්සෙ පලස්තීන ජාතිකයන්ට ඉන්න තියෙන ඉඩ ඉතාමත් සීමා සහිත වුණා. ක්‍රම ක්‍රමයෙන් ඔවුන් මධ්‍යදරණී මුහුද පැත්තෙ තියෙන වෙරළ තීරයකට කොටු වුණා. මෙන්න මේකට තමයි අපි ගාසා තීරය, එහෙම නැත්නම් Gaza Strip එක කියලා කියන්නෙ. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් මේ ප්රශ්නයේ තියෙන සංකීර්ණ බව. මේ ප්‍රදේශය එයාලගෙ ශුද්ධ වූ භූමිය කියලා යුදෙව්වන් ඉතාමත් තදින් විශ්වාස කරනවා. ඒ නිසා ඒක කොහොම හරි අත්පත් කරගන්න ඔවුන් හිතාගන්නවා. ඒ වගේම පලස්තීන ජාතිකයින් කල්පනා කරනවා “පිටරටකින් කට්ටියක් අපේ රටට ඇවිල්ලා අපේ රට අල්ලගෙන දැන් අපිට ඉන්න තැනක් නෑ” කියලා. ඒ නිසා එයාලත් මේ කාරණාව ගැන ඉතාමත් නොසතුටෙන් හිටියෙ. ඉතින් 1948දි ඩේවිඩ් බෙන්ගූරියම් මේ ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කරාට පස්සෙ වටේ තියෙන අරාබි රාජ්‍යයන් හැම එකක්ම ඊශ්‍රායලයට පහර දෙන්න පටන් ගත්තා. මේ වෙලාවෙදි ඊශ්‍රායලයට ප්‍රබල හමුදාවක් තිබුණෙ නෑ. ආයුධ තිබුණෙත් නෑ. ඒ නිසා මේ යුද්ධයට මුහුණ දෙන එක ඔවුන්ට ගොඩක් අමාරු වුණා. හැබැයි කලිනුත් ඔයාලට කිවුවා යුදෙව්වන් කියලා කියන්නෙ ඉතාමත් බුද්ධිමත්, කාර්යශූර වගේම ඉතාමත් කපටි පිරිසක් කියලා. ඒ නිසා විවිධ උපාය මාර්ග පාවිච්චි කරලා මේ වටේ තියෙන රටවල් හැම එකකටම පහර දීලා තමන් අලුතින් ගොඩනගපු මේ ඊශ්‍රායලය කියන රට ආරක්ෂා කරගන්න එයාලට පුළුවන් වුණා. ඉතින් මේ විදියට තමන්ගෙ රට ආරක්ෂා කරගත්තා විතරක් නෙමෙයි, මේ රට ඇතුලෙ ඉතාමත් දියුණු නගර ඉදි කරන්න වගේම ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගන්න ඔවුන්ට පුළුවන් වුණා. යුදෙව්වන් විද්‍යාවට සහ තාක්ෂණයට ඉතාමත්ම කැමතියි. මේ පැත්තෙනුත් ඔවුන් හරි අපූරු වැඩ කරලා තියෙනවා.
ඉතින් මේ විදියට 1948දි ඊශ්‍රායලය ආරක්ෂා කරගන්න පුළුවන් වුණාට වටේ තිබුණු අරාබි රටවල් මේ වැඩේට කොහෙත්ම කැමති වුණේ නෑ. ඒ නිසා ඊළඟ දශක කීපය ඇතුලත මේ ප්‍රදේශයේ ඉතාමත් භයානක යුද්ධ දෙකක් ඇති වෙනවා. මේ යුද්ධ දෙකෙන් පළවෙනි යුද්ධය පටන් ගන්නෙ 1967දි. මේ යුද්ධෙදි ඊශ්‍රායලයට පුළුවන් වෙනවා තමන්ගෙ රට වටේට තිබුණු අරාබි රාජ්‍යය 6කට පහර දීලා සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න. ඒ වගේම මේ යුද්ධයට ගත වෙන්නෙ දවස් 6ක් විතරයි. ඒ නිසා තමයි මේකට 6 Day War කියලා කියන්නෙ. ඉතින් මේ විදියට රටවල් 6කට දවස් 6ක් ඇතුළත පහර දීලා අඩපණ කරපු 6 Day War එකට නායකත්වය ලබා දෙන්නෙ ඊශ්රයලයෙ හිටපු ඉතාමත් දක්ෂ වගේම බිහිසුණු සෙන්පතියෙක් වුණු Moshe Dayan. අපි තවත් ලිපියකින් මේ Moshe Dayanගේ ජීවිත කතාව නුදුරේදිම අරගෙන එන්නම්.
1973දි මේ වටේ තිබුණු අරාබි රාජ්‍යයන් නැවතත් ඊශ්‍රායලයට පහර දෙනවා. හැබැයි මේ වෙනකොට මේ අරාබි රාජ්‍යයන් හැම එකක්ම දන්නව ඒ වැඩේ ඒ තරම් ලේසි නෑ කියලා. ඒ නිසා මොවුන් ඒකට හොඳින් සංවිධානය වෙනවා. ඉතාමත් නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම ඉතාමත් නිශ්චිත වෙලාවෙදි මොවුන් පහර දෙනවා. මේකට තමයි Yom Kippur War එක කියලා කියන්නෙ. ඔයාලා හැමෝම දන්නව මුළු ලෝකෙ පුරාම ඉන්න ඉස්ලාමීය ප්‍රජාවට ඔවුන්ගෙ උපවාස කාලයක් තියෙනව කියලා. මේ වගේම උපවාස කාලයක් යුදෙව්වන්ටත් තියෙනවා. මේ උපවාස දිනයට ඔවුන් කියන්නෙ Yom Kippur කියලා. මෙන්න මේ දවසෙ තමයි ඔවුන්ට මේ Yom Kippur යුද්ධයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ. වටේ තිබුණු අරාබි රටවල් මේ පාර ඊශ්‍රායලයට පහර දෙන්නෙ කොහෙත්ම නොහිතන වෙලාවක. ඉතින් මේ Yom Kippur War එක ඊශ්‍රායලයට ඒ තරම් ලේසි වෙන්නෙ නෑ. හැබැයි මං කලිනුත් ඔයාලට කීප සැරයක්ම කිවුවනෙ යුදෙව්වන් කියන්නෙ ඉතාමත් බුද්ධිමත්, කාර්යශූර වගේම ඉතාමත් කපටි පිරිසක් කියලා. ඒ නිසා ඔවුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගෙ විශේෂ උපක්‍රම පාවිච්චි කරලා මෙ යුද්ධයත් ජයග්‍රහණය කරන්න. ඉතින් මේ Yom Kippur War එක ගැන හොයලා බැලුවොත් එහෙම Eriel Sharon වගේ හරිම අපූරු චරිත ගැන විස්තර ලැබෙනවා. මොහු ජෙනරාල්වරයෙක්. Eriel Sharonගෙ ජීවිත කතාව ගැනත් අපි ලිපියකින් ගෙන එන්නම්. ඒ වගේම ඔහුට පස්සෙ කාලෙකදි ඊශ්‍රායලයෙ අගමැතිවරයා බවටත් පත් වෙන්න පුළුවන් වෙනවා. ඊශ්‍රායලයෙ අගමැතිවරුන් ගැන හොයලා බැලුවොත් එහෙම ඔවුන් ගොඩක් දෙනෙක් මීට කලින් ඔවුන්ගෙ හමුදාවෙ හිටපු ජෙනරාල්වරු.
ඉතින් මේ විදියට කාලයක් ගත වෙනකොට ඊජිප්තුව වගේම ජෝර්දානයත් පිළිගන්නව ඊශ්‍රායලය කියලා කියන්නෙ ස්වෛරීය රාජ්‍යයක් කියලා. ඒ නිසා මේ රාජ්‍යයන් දෙක සමග මිත්‍රත්වයෙන් කටයුතු කරන්න ඊශ්‍රායලය එකඟ වෙනවා. මීට කලින් අපි කතා කරපු 6 Day War එකේදි ඊජිප්තුවට අයිති වෙලා තිබුණු Sinai කියන අර්ධද්වීපය ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නවා. හැබැයි ඊට පස්සෙ ඊජිප්තුව ඊශ්‍රායලය ස්වෛරීය රාජ්‍යයක් කියලා පිළිගත්තට පස්සෙ ඊශ්‍රායලය එකඟ වෙනවා මේ Sinai කියන අර්ධද්වීපය නැවතත් ඊජිප්තුවට ලබා දෙන්න. මේ 6 Day War එක පැවතුණු කාලෙදි ජෝර්දානයට අයිති වෙලා තිබුණු West Bank එක, එහෙමත් නැත්නම් බටහිර ඉවුරත් ඊශ්‍රායල ජාතිකයන් අල්ලගන්නවා. හැබැයි පස්සෙ කාලෙකදි ජෝර්දානය තීරණය කරනවා ඊශ්‍රායලය ස්වෛරීය රාජ්‍යයක් කියලා පිළිගන්න. එහෙම පිළිගත්ත නිසා ඔවුන් මේ බටහිර ඉවුර නැවතත් ජෝර්දානයට ලබා දෙනවා.
හැබැයි කොහොම වුණත් ලෙබනනය, සිරියාව වගේ රටවල් ඊශ්‍රායලය ස්වෛරීය රාජ්‍යයක් කියලා පිළිගන්න කැමති වුණේ නෑ. ඒ නිසා ඊශ්‍රායලයට උතුරින් තියෙන Golan Heights වල. ඒ කියන්නෙ ගෝලාන් උස්බිම් වල නිතර නිතරම ගැටුම් ඇති වෙනවා. මේ හැමදෙයක්ම සිද්ධ වෙන අතරෙ පලස්තීන ජාතිකයන් ගාසා තීරයේ හිර වෙලයි ඉන්නෙ. මේ කාරණාව ගැන ඔවුන් ඉතාමත්ම නොසතුටින් තමයි ඉන්නෙ. ඒ නිසා ඔවුන් ඊශ්‍රායලයට පහර දෙන්න මොකක් හරි අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාවෙන් උපරිම පයෝජන අරගෙන ඊශ්‍රායලයට ඉතාමත් තදින් පහර දෙනවා. ඊශ්රයලෙ හිටපු මිනිස්සු මුල ඉඳන්ම දැනගෙන හිටියා වටේ තියෙන රටවල් වලින් ඔවුන්ට ගොඩක් ලොකු තර්ජනයක් තියෙනව කියලා. ඒ නිසා ඔවුන් මුල ඉඳන්ම ඉතාමත් දියුණු මට්ටමේ ආයුධ හදන්න සෑහෙන උනන්දු වුණා. ඇමෙරිකාව, රුසියාවටත් වඩා ඉතාමත් දියුණු මට්ටමේ ඉතාමත් බිහිසිණු ආයුධ ඔවුන් ළඟ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා හදන්න සමහර වෙලාවට මොවුන්ට පුළුවන් වුණා.
ඊශ්රයලයෙ හිටියෙ ඉතාමත් කුඩා ජනගහණයක්. ඒ නිසා මොවුන්ට ගොඩක් ලොකු හමුදාවක් පවත්වගෙන යන්න බැහැ. ඒ කියන්නෙ ලොකු Standing Army එකක් ඔවුන්ට තියාගන්න බැහැ. ඉතින් මේ ප්‍රශ්නෙ විසඳගන්න ඔවුන් කරපු වැඩේ තමයි ඔවුන්ගෙ රටේ ඉන්න සියලුම දෙනාට යුධ පුහුණුව ලබා දුන්නා. මේ යුධ පුහුණුව ඔවුන් පිරිමින්ට විතරක් නෙමෙයි, කාන්තාවන්ට පවා ලබා දුන්නා. ඉතින් මේ විදියට හැමෝටම යුධ පුහුණුව ලබා දීලා තියෙන නිසා ඊශ්‍රායලයට පුළුවන් දවස් 2/3ක් වගේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගානක හමුදාවක් හදාගන්න. මේකට අවශ්‍ය වන communication protocols, ඒ කියන්නෙ සන්නිවේදන උපක්‍රමත් ඒගොල්ලො විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙනවා.
දැන් ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි ඇයි යුදෙව්වන්ට මේ වගේ අරාබි රාජ්‍යයන් ගොඩක් මැදට ඇවිල්ලා මේ පලස්තීනය තියෙන තැනටම ඇවිල්ලා තමන්ගෙ රට හදාගන්න ඕනෙ වුණේ කියලා. ඒගොල්ලො ඉතාමත් තදින් විශ්වාස කරනවා මෙතන තමයි ඔවුන්ගෙ ශුද්ධ වූ භූමිය තිබ්බෙ කියලා. ඉතින් මේ විදියට තමන්ගෙම රටක් හදාගන්න ඒගොල්ලො සියවස් ගාණක් මහන්සි වෙලා තියෙනවා. සෑහෙන සල්ලි වියදම් කරලා තියෙනවා. මේ හැම දේකටම මුල් වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ තියෙන දැඩි ආගමික භක්තිය. ලෝකෙ තියෙන හැම ආගමකම මොකක් හරි ජාතියක අනාගත වාක්‍යය තියෙනවා. යුදෙව්වන්ගෙ බයිබලය වෙන්නෙ Torah කියන ග්‍රන්ථය. මේ ග්‍රන්ථයෙත් තියෙනවා හරිම අපූරු අනාගත වාක්‍ය. ඉතින් මේ වගේ එක අනාගත වාක්‍යක කියලා තියෙනව “දෙවියන් වහන්සේ විසින් තෝරාගන්නා ලද පිරිස ශුද්ධ වූ භූමියට ආවට පස්සෙ ඒගොල්ලන්ගෙ සතුරන් අහසින් ගින්දර එවනව” කියලා. මේ ගින්දර වලින් ශුද්ධ වූ භූමිය වගේම තොරාගන්නා ලද පිරිස ආරක්ෂා කරගන්න ඒගොල්ලො හැමෝම එකතු වෙලා යකඩින් වහලක් ගහනව කියලා.
පහුගිය සතිය පුරාම ඔයාලා දකින්න ඇති ගාසා තීරයේ ඉඳන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර, මිසයිල ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් මීට ගොඩක් කාලෙකට කලින් මේ විදියට ගාසා තීරයෙන් රොකට් ප්‍රහාර එනකොට යුදෙව්වන් කල්පනා කරන්න පටන් ගත්තා මේ සිද්ධ වෙන්නෙ ඔවුන්ගෙ අනාගත වාක්‍යයේ තියෙන දේ නේද කියලා. ඒ නිසා මේ ශුද්ධ වූ භූමිය ආරක්ෂා කරන්න යකඩින් වහලයක් ගහන්න ඕනෙ කියලා ඔවුන් කල්පනා කළා. හැබැයි කොහොම වුණත් මුළු ඊශ්රයලයම ආවරණය වෙන විදියට යකඩෙන් වහලයක් ගහන එක ඒ තරම් ප්‍රායෝගික වැඩක් නෙමෙයි. ඒ කාරණාව මුල ඉඳන් යුදෙව්වන් දැනගෙන හිටියා. ඒ වෙනුවට ඔවුන් මුළු ලෝකයේම තියෙන ඉතාමත් දියුණුම මට්ටමේ Anti-Missile System එකක් නිර්මාණය කරා. මේකට ඔවුන් දාපු නම තමයි Iron Dome. එහෙම නැත්නම් යකඩ වහල. මේ Iron Dome එක ගැනත් අපි තවත් ලිපියකින් ඔයාලව දැනුවත් කරන්නම්
ඉතින් මේ කාරණාවෙන් ඔයාලට තවත් පැහැදිලි වෙන්න ඇති යුදෙව්වන් කරන ගොඩක් වැඩ ඇතුලෙ හැංගිලා තියෙන්නෙ ඔවුන්ගෙ දැඩි ආගමික භක්තිය කියලා. මේ Iron Dome කියන Anti-Missile System එක ඔවුන් හැදුවෙත් ඒ ආගමික භක්තිය නිසා.
ඉතින් අවසාන වශයෙන් ඔයාලට තේරෙනව ඇති මේ ගාසා තීරය, පලස්තීනය, ඊශ්‍රායලය මේ ගැටුමට මුල් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ තියෙන දැඩි ආගමික භක්තිය නිසා කියලා. මේ වගේ දැඩි ආගමික භක්තියක් තියෙන වෙලාවක මේ වගේ ගැටුමක් බොහොම පහසුවෙන් හටගන්න පුළුවන්. ලෝකෙ තියෙන හැම ආගමක්ම වගේ පදනම් වෙලා තියෙන්නෙ Non-Falsifiable Argument එකක් උඩ. ඒ කියන්නෙ අපිට ඇත්ත කියලා ඔප්පු කරන්නත් බැරි, ඒ වගේම බොරු කියලා ඔප්පු කරන්නත් බැරි Argument එකක් උඩ. උදාහරණයක් විදියට මේ සිද්ධියම ගත්තොත් එහෙම, මේ පලස්තීනය කියන ප්‍රදේශය යුදෙව්වන්ගෙ ශුද්ධ වූ භූමිය කියලා ඔවුන්ට ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒ වගේම පලස්තීන ජාතිකයන්ට මේ ඔවුන්ගෙ ශුද්ධ වූ භූමිය නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්නත් බෑ. ඉතින් මේ විදියට ඇත්තයි කියලා ඔප්පු කරන්නත් බැරි, බොරුයි කියලා ඔප්පු කරන්නත් බැරි කාරණාවක් අපි හැම තිස්සෙම පිළිගන්නෙ අන්ධ භක්තියෙන්. මේ වගේ සමාජයක් අන්ධ භක්තියෙන් වෙළුණට පස්සෙ ඒ සමාජය ගොඩක් Emotional වෙනවා. ගොඩක් හැඟීම්බර වෙනවා. මේ වගේ හැඟීම්බර සමාජයක් අතින් ගොඩක් නරක වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව නිසා අපි ඔයාලා හැමෝටම යෝජනා කරනවා පොඩ්ඩක් තමන්ගෙ ඇතුලාන්තය දිහා බලන්න කියලා. මේ වෙනකොටත් ඔයා සමහර වෙලාවට මේ වගේ Non-Falsifiable Arguments විශාල ප්‍රමාණයක් ඔයාගෙ තියෙන භක්තිය නිසා පිළිඅරගෙන ඇති. එහෙම පිළිඅරගෙන තියෙනව නම් අපි ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන්නෙ නෑ. හැබැයි ඒක Non-Falsifiable Argument එකක් බව දැනගෙන ජීවත් වෙන්න.
ආයෙත් මේ වගේ ලිපියකින් මුණගැහෙමු!
Time2talk
තොරතුරු මූලාශ – TechTrack
TechTrack
0 Comments