රික්ටර් මාපකයේ අගය 13ක් වන මහා භූමිකම්පාවක් ඇති වුණොත් පෘථිවිය දෙපළු වෙයිද?
තුර්කිය සහ සිරියාව ඉතාම මෑතකදී වුණු භූමිකම්පාවන් නිසා අද වැටිලා ඉන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වය ඔබ මාධ්‍ය තුළින් දකින්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ භූමි කම්පාව නිසා තුර්කිය සහ සිරියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 36000 ඉක්මවා අවසන්. භූමිකම්පාවක් කියන්නේ වෙන්න පුළුවන් අතිශයින්ම දරුණු ස්වභාවික ව්‍යසනයක් කියන කාරණය ලෝකයට තේරුම් ගන්න තුර්කිය අද උදාහරණයක් වෙලා ඉවරයි. තුර්කියට බලපාපු මේ භූමි කම්පාවේ විශාලත්වය ගත්තොත් එය රිච්ටර් මාපකයේ 7.9 ක් විදියටයි සටහන් වෙලා තිබුණේ. මේ රිච්ටර් මාපකය ගැන කතා කරද්දි ඒකෙ විශාලත්වය 13 අගය දක්වන ලද භූමිකම්පාවක් මේ ලෝකේ සිද්ධ වුනොත් තත්ත්වය කුමක් වෙයි කියලද ඔබ හිතන්නේ?ෙ එහෙම සිද්ධ වෙන්න පුලුවන්ද ඇත්තටම? එහෙමත් නැත්නම් ඒ වගේ භූමිකම්පාවක් කෙතරම් විනාශයක් මේ ලෝකෙට සිද්ධ කරයිද?
ඒ වගේ කරුණු කාරණා රැසක් ඔබත් එක්ක බෙදා ගන්න තමයි අද අපි මේ ලිපියේ ඉඩකඩ වෙන් කරන්නේ. ඔබ මෙම විශේෂ ලිපියේ අවසානය තෙක් කියවා මේ පිළිබඳව ලොකු දැනුමක් ලබාගනී කියලා අපි විශ්වාස කරනවා.
රිච්ටර් මාපකය (Richter Scale) හඳුන්වා දුන්නේ චාල්ස් ෆ්‍රැන්සිස් රිච්ටර් නම් විද්වතා විසින්.1935 වර්ෂයට ආසන්න සමයේ තමයි මෙය ලෝකයට හඳුන්වා දෙන්නේ. මේ ඇත්තටම magnetive scale එකක්. භූමි කම්පා වල බලපෑම එහෙමත් නැත්නම් විශාලත්වය නිශ්චය කරන්නේ ප්‍රධාන ලෙස මෙම පරිමාණ යොදාගෙනයි. රිච්ටර් මාපකයේ 7ඉක්මවන ලද භූමි කම්පාවක් සාමාන්‍යයෙන් දෑවැන්ත භූමිකම්පාවක් විදියටයි අපි සලකන්නේ. අපි කිව්වොත්, ඇයි භූමිකම්පාවක් ඇති වෙන්නේ කියලා සරල සිද්ධාන්ත අනුව පැහැදිලි කළහොත් භූමිකම්පාවක් ඇති වෙන්නේ මේ පෘථිවි පෘෂ්ඨයේ ලොකු කාලයක් දීර්ඝ කාලීනව එක්රැස් වෙලා තියෙන ශක්තීන් එකවර මුදා හැරීම මඟින්. මේ කියන සංසිද්ධියේ දී ඇතිවන භූමියේ චලනය තමයි අපි මේ සරලව භූමිකම්පාවක් විදිහට සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන්නෙ.
අපි මේ පෘථිවි පෘෂ්ඨය ගැන සලකා බැලුවොත් එය නිර්මාණය වෙලා තියෙන්නෙ ප්‍රධාන තැටි හතකින්.
(1) ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය
(2) යුරේෂියානු තැටිය
(3) අප්‍රිකානු තැටිය
(4)දකුණු ඇමරිකානු තැටිය
(5) උතුරු ඇමරිකානු තැටිය
(6) පැසිෆික් තැටිය
(7) ඇන්ටාක්ටික් තැටිය
කියන්නෙ ඒ ප්‍රධාන හැටි හතයි. පෘථිවිය භ්‍යන්තරයේ ඇතිවන මෙම විවිධ වෙනස්කම් නිසා මේ කියන තැටි 7 එකිනෙක හා ගැටීම හෝ එකක් මත එකක් ලිස්සා යෑම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. මෙන්න මේ වෙලාවල් වලදී තමයි භූමි කම්පාවක් ඇති වෙන්නෙ. සාමාන්‍යයෙන් මේ විදියට මේ තැටි ගැටීම් ඇති වෙන්නෙ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර 15ත් 20ත් අතර අභ්‍යන්තර කලාපයේ. හැබැයි මේ තැටි ගැටීම පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර 100ක් අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන අවස්ථා වාර්තා වෙලා තියනවා.
ඉතින් මේ විදියට තැටි ගැටීමේ ශීඝ්‍රතාවයක් අනුව විද්‍යාවේදී පෘථිවියේ ප්‍රධාන ලෙස භූකම්පන ඇති විය හැකි කලාප 4ක් මේ වෙද්දි හඳුනා ගන්නවා.
(01) පැසිපික් ගිණි වළල්ල
(02) මධ්‍යදරණී හිමාල කලාපය
(3) අත්ලාන්තික් සාගර කලාපය
(4) අප්‍රිකාවේ සුවිභේද නිම්න කලාපය
කියන්නෙ ඒ කලාප 4යි. බහුලව ම භූමිකම්පන සිද්ධ වෙන්නෙ මෙන්න මේ කියන කලාපයන් තුළයි. හැබැයි මේ කලාප වලින් බාහිරව සුළු හෝ දැවැන්ත භූමිකම්පා ඕන තරම් මේ ලෝකෙ සිද්ධ වෙලා තියනවා. අපි මේ භූ කම්පන පිළිබඳව ලෝක ඉතිහාසය සළකා බැලුවොත් 1950 වර්ෂයේ දී ටිබෙට් දේශයේ හටගත් අසාම් භූමිකම්පාව (Assam Eartgquake) රිච්ටර් මාපකයේ 8.5ක අගයක් ගත්තා. මේ භූ කම්පාවෙන් සිදු වුණු හානිය හරි හැටි තක්සේරු කරලා නෑ. මොකද ටිබෙටය ආශ්‍රිතව ජීවත් වූ බොහෝ ජන කොටස් වල දත්ත එවකට ලැයිස්තුගත කර තිබුණෙ නැති නිසා. කොහොම හරි මූලාශ්‍ර වාර්තා අනුව ඒ වෙද්දි මිය ගිය සංඛ්‍යාව 4800ක් පමණයි. හැබැයි ඒ භූ කම්පනය නිසා ටිබෙටය හරහා ඇදෙන ජල ප්‍රභව වල ජල මට්ටම් විශාල වශයෙන් ඉහළ යාම සිද්ධ වුණා. මේ තත්තවය කොතරම් දුරහ් හරහා විහිදී ගියාද කිවුවොත් නෝර්වේ රාජ්‍යයේ පිහිටි ජලාශ වල පවා ජල මට්ටමද මේ භූ කම්පනයත් එක්ක ඉහළ ගියා කියලා වාර්තා වෙලා තියනවා. ලෝක ඉතිහාසයේ ගත්තොත් වැඩිම හානියක් වුණු භූමිකම්පාව විදියට සැලකෙන්නේ 1956දී චීනයට බලපාන ලද ෂැංසී (Shaanxi) කියන භූමිකම්පාවයි. රිච්ටර් මාපකයේ අගය 8ක් ලෙස සටහන් වූ මේ භූමිකම්පාවෙන් මිය ගිය පිරිස ලක්ෂයක් ලෙස සටහන් වුණත් එය ලක්ෂ 8ක් පමණ විය හැකි බවයි ගවේෂකයින්ගේ මතය වුණේ.
මෑත කාලයේදී වැඩිම හානියක් සිද්ධ වුණු භූමිකම්පාව විදියට සැළකෙන්නේ 1976 අවුරුද්දේ චීනයේ උභේ (Hebei) ප්‍රදේශයට බලපෑ තංෂෑං (Tangshan) කියන භූමි කම්පාවයි. රිච්ටර් මාපකගේ අගය 7ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාව නිසා අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් දහසේ සිට ලක්ෂ 7ක් පමණ වෙනව කියලයි ගණන් බලලා තියෙන්නේ. අතීතයට නොගොස් ඉතා මෑතකදි ගතහොත් 2004 අවුරුද්දෙ ඉන්දියාව, ඉන්දුනීසියාව සහ අපේ රට ඇතුලුව අග්නිදිග සහ දකුනු ආසියාතික රටවල් වලට බලපෑ භූකම්පනය සහ ඒ හා සමඟ ඇති වුණු සුනාමි තත්තවය ලෝක ඉතිහාසයේ විශේස සංදිස්ථානයක් හිමිකර ගන්නවා. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න මුහුදු කලාපයේ අති වූ මෙම භූමිකම්පාව නිසා සුනාමි රළ පහර අප්‍රිකාව තෙක් විහිදී ගිය අතර මෙම භූමිකම්පාවේ අගය ගතහොත් රිච්ටර් පරිමාණය 9.1ත්, 9.3ත් අතර අගයක පැවතුණා ලියලයි විද්‍යාවේදීන් සඳහන් කළේ. මේ භූමිකම්පාව සහ සුනාමි රළ පහර හේතුවෙන් අහිමි වුණු ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසක් විදියට බොහෝ වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා. හබැයි ඒ අගය තහවුරු කරන ලද දත්ත මත පදනම්ව සඳහන් කරන ලද අගයක් පමණයි. ඇත්ත ජීවිත ගත්තොත්, ජීවිත හානිය ගත්තොත් ඊට බොහෝ වැඩී කියලයි ලංකාවෙ අපි ලද අත්දකීමෙන් අපිට කියන්න තියෙන්නේ. කොහොම හරි මේ භූමිකම්පාවේ බලපාම රටවල් 14කට බලපෑම් ඇති කළා. සාගරය ඇතුලෙ දවැන්ත භූමිකම්පා ඇති වීමේ භයානක බව හොඳින්ම ලෝකයට කිවුවේ මේ සුනාමි තත්තවයත් එක්ක.
මේ සියලු කරුණු කාරනා මැද රිච්ට පරිමානයේ වැඩිම අගයකින් සිද්ධ වුණු භූමිකම්පාව සිද්ධ වුණේ 1960 අවුරුද්දේ චිලී රාජ්‍යයේ. මෙම භූමිකම්පාව රිච්ටර් පරිමානයේ 9.4ත් 9.6ත් අතර අගයක් ගත් අතර, එය තමයි මෙතෙක් සිද්ධ වුණු ලෝකයේ විශාලතම දරුණු බලපෑමක් කළ භූමිකම්පාව විදියට සඳහන් වෙන්නේ. ඒ භූමිකම්පනයෙන් සිදු වුණු හානිය කොපමණක් වන්නට ඇති කියලද ඔබ හිතන්නේ? සාපේක්ෂ ව ගත්තොත් මේ භූමි කම්පාව නිසා සිදු වුණු හානිය ඉතාම අඩුයි. භූමිකම්පාව නිසා සුනාමි තත්ත්වයක් ඇති වූ අතර සිදු වූ මරණ ප්‍රමාණය 6000ක් පමණ වුණා කියලයි වාර්තා වෙන්නෙ. ඇත්තටම මේ භූමිකම්පාවෙ සිද්ධ වුණු හානිය, එහි විශාලත්වයට සාපේක්ෂව ඉතා අඩුයි කියලා ඔබට පේනවා ඇති. ඒකට හේතුව වුණේ චිලී රාජ්‍යය නිරන්තරයෙන් ම භූමිකම්පා වලට ගොදුරු වෙන රටක් නිසා එහි ජනතාව ස්වභාවික උවදුරු සම්බන්ධව හොඳ සුදානමකින් සහ දැනුමකින් යුතු වීමයි. හැබැයි මේ භූමිකම්පාවත් එක්ක සුනාමි අනතුරු පිලිබඳව ජනතාව දැනුවත් කිරීමට එවකට චිලී රාජ්‍යය අපොහොසත් වුණා. මේ නිසා තමයි මේ ජනතාව මේ තාක් දුරකට හරි මරණ සංඛ්‍යාවක් සහිතව තමන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවීමට සිද්ධ වුණේ. කොහොමහරි, චිලී භූකම්පනය හා සමානවම රිච්ටර් මාපකයේ 9.1ක භූකම්පනයක් 1964 වර්ෂයේදී ඇලෙස්කාවේ සිද්ධ වුණා. හැබැයි මේ භූකම්පනය නිසා පුද්ගල හානි සිද්ධ වුණේ 113ක් පමණයි. ඇලෙස්කා ඇතුලේ එවකට අඩු ජනගහනයක් සිටීම තමයි එයට හේතු වුණේ.
විද්‍යාවේදීන් කියන විදියට දවසකට පෘථිවියේ කොතනක හරි තැනක භූකම්පනයක් සිද්ධ වෙනවා. National Earthqake Information Center ආයතනයේ දත්ත වාර්තා අනුව දවසකට අපේ ලෝකයේ භූකම්පන 55ක් විතර සිද්ධ වෙනවා. ඒකෙන් 90%ක් ම සිද්ධ වෙන්නෙ ෆැසිපික් ගිණි වළල්ලේ. සාමාන්‍යයෙන් මෙච්චර කාලෙකට රිච්ටර් මාපකය අනුව ගත්තොත් 9.4ත් 9.6ත් අතර අගයක් ගත් භූමිකම්පාවක් විතරයි වැඩි ම ප්‍රමාණයකින් වාර්තා වෙලා තියෙන්නේ. එතකොට මේ මරිමාණයේ අගය 10 හෝ ඊට වැඩි නම් අපේ මාතෘකාවෙ හැටියට 13ක අගයක් වුණොත්, එහෙම නැත්නම් 13ක් විය හැකි දැවැන්ත භූමිකම්පාවක් සිද්ධ වුණොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන එක තමයි ඔබට තියන ගැටළුව. පෙර සඳහන් කරුණු වලින් ඔබට පැහැදිලි ඇති මේ භූමිකම්පාවට විශාල, එහෙම නැත්නම් අපිට හිතාගන්නවත් බැරි තරම් හානියක් සිද්ධ කරන්න පුළුවන් බව. හැබැයි ඇත්තටම ඊට කලින් අපි සලකලා බලන්න ඕනෙ රිච්ටර් පරිමාව මෙතරම් අගයක් දරණ භූමිකම්පාවක් මේ ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා. දැවැන්ත භූමිකම්පාවක් ඇති වෙන්න නම් පෘථිවිය අභ්‍යන්තරයෙන් පෘථිවිය මතුපිටට ඇති කරනු ලබන බලය ඉතාමත් විශාල වෙන්න ඕනෙ. සාමන්‍යයෙන් රිච්ටර් මාපකයේ අගය 13ක් වෙන භූමිකම්පාවක් ඇති වෙන්න පෘථිවි අභ්‍යන්තරයෙන් පෘථිවිය මතුපිටට ඇති කරන බලය හෝ පෘථිවි මතුපිටට ඇති කරන භූකම්පන ශක්තිය මෙතෙක් ලෝකයේ සිද්ධ වෙලා තියන දරුණුතම භූමිකම්පාව වගේ එහෙමත් නැත්නම් එමගින් නිකුත් වූ භූකම්පන ශක්තිය වගේ මිලියන ගණනක් වෙන්න ඕනෙ කියලයි විද්‍යාවේදීන් සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේ බලයක් සිද්ධාන්තිකව ඇතිවෙන්න බෑ කියලත් විද්‍යාවේදීන්ගේ අදහස වෙලා තියනවා. ඒ වගේ බලපෑමක් ඇති කිරීමට තරම් පෘථිවිය විශාල නෑ කියලයි වැඩිදුරටත් ඔවුන්ගේ අදහස වෙන්නේ. හැබැයි රිච්ටර් මාපකයේ අගය 10ක් වෙන්න පුළුවන් භූමිකම්පාවක් ඇති වීමට සිද්ධාන්තිකව නම් යම් හැකියාවක් තියනවා. විද්‍යාඥයින් අතර මේ පිළිබඳව මත 2ක් තිබෙනවා. ජපානයේ ටොහොකෝ විශ්වවිද්‍යාලයෙන් (Tohoku University) සිද්ධ කරන ලද සමීක්ෂණ වලින් ඔවුන් කියන්නේ, ඇමෙරිකාවේ ෆැසිපික් කලාපය හෝ ජපානය ආශ්‍රිත මුහුදු කලාපයේ වසර දසදහසකට වරක් මෙවන් අති දැවැන්ත භූමිකම්පාවක් ඇතිවෙන්න ඉඩකඩ තියනව කියලයි. හැබැයි බහුතරයන්ගේ මතය වෙලා තියෙන්නේ රිච්ටර් මාපකයේ අගය 10ක් වන භූමිකම්පාවක් ඇති කිරීමටවත් පෘථිවිය අභ්‍යන්තරයෙන් භූකම්පන ශක්තියක් නිකුත් වෙන්න බැහැ කියලයි. මේ නිසා රිච්ටර් මාපකයේ අගය 13ක් වුණු භූමිකම්පාවක් කිසි ලෙසකින්වත් ඇති වෙන එකක් නැහැ. නමුත් යම්හෙයකින් පෘථිවියේ පරිබාහිරින් පැමිණෙන විශාල උල්කාවක් පෘථිවියේ ගැටුණහොත් එමඟින් ඇති වන භූමිකම්පාව අති දැවැන්ත වෙන්න පුළුවන්. විද්වතුන් සඳහන් කරන විදියට කිලෝමීටර 1ක් දිග ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමෙන් ඇති වන කම්පනය රිච්ටර් මාපකයේ 9.35ක පමණ භූකම්පනයකට සමානයි. එහෙම නම් ඩයින්සෝරයන් ජීවත්ව සිටි කාලයේ පෘථිවියට කඩා වැටුණු කිලෝමීටර 10-15ත් අතර අගයක් ගත් ග්‍රාහකය තරම් ප්‍රමාණයක ග්‍රාහකයක් නැවත දවසක පෘථිවියට වැටුණොත් එමඟින් ඇතිවන බලපෑම ඔබට හිතාගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඇත්තටම කිවුවොත් ඒක අපිට හිතාගන්නවත් බැරි තරම් විනාශයක් ගෙන දෙයි. ඒ නිසා මේ සියලු දේවල් ගැන දැනගෙන ඉන්න, හොයන්න කියන කාරණයත් එක්ක අද ලිපිය අවසන් කරනවා.
ඔබට සුභ දවසක්!
0 Comments