විශ්ව ආකර්ෂණ නීතිය | The Law Of Attraction | The Secret Book Summary | time2talk

ඔයා වැඩිපුරම Focus කරන දේවල් ඔයාට ලබා ගන්න පුළුවන් හකියාව තමයි Law Of Attraction කියලා කියන්නෙ. ඔයාට ජීවිතේ ලැබිල තියෙන හැමදේම ලැබිලා තියෙන්නේ විශ්ව ආකර්ෂණ නීතියට අනුව. ඩොඩනැගිල්ලක් උඩ ඉඳලා පහළට පැන්නොත් අනිවාර්‍යයෙන්ම බිමට වැටෙනවනෙ. ඒක ඔයා කැමති වුණත් නැතත්, ඔයා හොඳ කෙනෙක් වුණත් නරක කෙනෙක් වුණත් හැමෝටම පොදු දෙයක්. අන්න ඒ වගේ තමයි ඔයා කොයි රටේ හිටියත්, මොන වයසක කෙනෙක් වුණත්, කවුරු වුණත් Law Of Attraction Is Always Working. හැමෝටම ඒක වැඩ කරනවා. ඔයාට Better Salesman කෙනෙක්, Better CEO & Better Founder කෙනෙක්, Better Parent කෙනෙක්, Better Student කෙනෙක්, Better Investor කෙනෙක් වෙන්න ඕනෙ නම් Law Of Attraction එකට අනුව කොතනද ඔයා වෙනස් කරන්න ඕනෙ. The Secret කියන, ලංකාවෙ ගොඩක් ජනප්‍රිය Law Of Attraction සම්බන්ධයෙන් ලියලා තියෙන පොත ගැන ඔබව දැනුවත් කරන්න තමයි අද මේ ලිපියේ ඉඩකඩ වෙන් වෙන්නෙ. මේ පොතට අමතරව මේ සම්බන්ධයෙන් චිත්‍රපටයකුත් නිකුත් කරලා තියෙනවා. ලෝකෙ 80%ක්ම ධනය නිපදවන්නෙ, ලෝකෙ 1%ක ඉන්න ධනවත් මිනිස්සු කිහිපදෙනෙක් විතරයි. ඒකනෙ අර කතාවක් තියෙන්නෙ The Rich Become Richer කියලා. ඒ අයට Law Of Attraction වැඩ කරනවා. ඉතින් මොකක්ද මේ Law Of Attraction කියන්නෙ, කොහොමද ඒක අපේ වාසියට හරවගන්නෙ, කොහොමද ඒක කරන්නෙ කියන මේ හැම දෙයක්ම මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.

(1) The mechanism of your mind and body
පළවෙනිම කාරණය විදියට අපි දැබගන්න ඕනෙ, මේ පොත අපිට පැහැදිලි කරනවා ඔයාගෙ මනස සහ ශරීරය කොහොමද ඇත්තටම වැඩ කරන්නෙ, මොකක්ද මේකෙ තියෙන Mechanism එක? ඒක අපි Visually බලන්න උත්සාහ කරොත්,

මේ පේන ලොකු රවුම තමයි ඔයාගෙ මනස. එතකොට ඒ රවුම 2ට බෙදුවොත්, රවුමෙ උඩ කොටස තමයි ඔයාගෙ උඩු සිත. එතකොට රවුමෙ පහළ කොටස තමයි ඔයාගෙ යටි සිත. ඔය ලොකු රවුමට යටින් තියෙන පොඩි රවුම තමයි ඔයාගෙ ශරීරය. See, Hear, Taste, Touch, Thinking, Education, Imagination, Thoughts කියන මේ ඔක්කොම කරන්නෙ ඔයාගෙ උඩු සිත. Law Of Attraction එකේ ආරම්භයම තියෙන්නෙ මෙතන තමයි. මෙතනින් තමයි හැමදේම පටන් ගන්නෙ. අධ්‍යාපනය සහ දැනුම ගොඩක් වැඩගත් වෙන්නෙ ඇයි කියලා ඔයාට තේරෙනවද? ඔයාගෙ උඩු සිත Improve වෙන්නෙ මේ දේවල් මත තමයි. ඔයාගෙ උඩු සිතට ඔයාගෙ ජීවිතේ ඕනෙ සහ ඕනෙ නැති දේවල් අඳුරගන්න පුළුවන් හැකියාව තියෙනවා. උඩු සිත තමයි ඔයාගෙ Life එකට Want එකක් ඇති කරන්නෙ.

ඊළඟට තියෙන්නෙ යටි සිත. ඔයාගෙ උඩු සිතෙන් ඇතුළට ගන්න දේවල් ඔයාට ඇත්තටම ලබා දෙන්නෙ යටි සිත. උඩු සිතේ තිබ්බ ඔයාගෙ අවශ්‍යතාවය Desire එකක් බවට පත් කරන්නෙ යටි සිත තමයි. හිතන, තර්ක කරන එක යටි සිතේ වැඩක් නෙමෙයි. උඩු සිතෙන් ඇතුළට ගත්ත හොඳ හෝ නරක වේවා ඒ දේවල් ඔයාට Attract කරලා දෙන්නෙ යටි සිත තමයි. ඒකනෙ කියන්නෙ බිස්නස් එකක් පටන් ගන්න ඔයාට අවශ්‍යතාවය තිබ්බට ඔයාට ඒක පටන් ගන්න බෑ. ඒක ඔයාගෙ යටි සිතට ගිහින් Desire එකක් වුණොත් තමයි ඔයාට ඒවා Attract කරගන්න පුළුවන් වෙන්නෙ.

ඊළඟට තියෙන්නෙ ඔයාගෙ Body එක. ඇත්තටම කිවුවොත් ඔයාගෙ ශරීරය කියන්නෙ ඔයාගෙ Mind එකේ Product එකක්. ඔයාගෙ Desire එක එළියට පෙන්නන්න සහ Attract කරගන්න physically දෙයක් තියෙන්න එපැයි. අන්න ඒ Physically තියෙන දේට තමයි ඔයා ඔයාගෙ ශරීරය පාවිච්චි කරන්නෙ.

මේ විදියට ඔයාගෙ උඩු සිතින් ඔයා හිතන දේවල් යටි සිතට යනකොට, යටි සිතට ඕනෙ දේවල් තියෙනවනෙ. විශේෂයෙන් Desire එක. ඒ Desire එක ළඟා කරගන්න මොනවද දන්නවද යටි සිත කරන්නෙ? ඔයාගෙ ශරීරයෙන් Vibration එකක් නිකුත් කරනවා ඔයාට ඒ Action එක ගන්න. ඒ දේවල් ටික කරන්න සලස්වන්නෙ ඒ Vibration එක තමයි. ඒ Vibration එකට අනුව ඔයා Action එකක් කරනකොට තමයි ඒ Vibration එකට සමාන Vibration එකක් තියෙන දේවල් ඔයාගෙ ජීවිතේට ඔයා Attract කර ගන්නෙ. ලියලා හරි තියාගන්න ඕනෙ වැදගත්ම දේ තමයි, Law Of Attraction කියලා මේකට කිවුවට Attraction කියන්නෙ මේකෙ දෙවනි සිදුවීම. මූලික සිදුවීම තමයි ඔයාගෙ Vibration එක. ඔයාගෙ Vibration එක හොඳයි නම් Attract වෙන දේත් හොඳයි.

(2) The power of your thoughts
ඔයාගෙ Body එක, Mind එක වැඩ කරන Mechanism එක තේරුම් ගත්ත කෙනෙක් විදියට ඔයා දන්නවා උඩු සිත Control වෙන මූලික සාධකය මොකක්ද කියලා. ඔයා හිතන දේවල්, ඔයාගෙ Thoughts, ඔයාගෙ සිතුවිලි ලොකු බලපෑමක් මේකට කරන්න පුළුවන්. මේ පොතේ කියවෙනවා, මේ Univers එක ඔයාටයි මටයි වාසියට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ. ඔයා රෝස පැළයක් හිටෙවුවොත් ඔයාට රෝස මල් ලැබෙනවා. ඔයා බෝගන්විලා පැළයක් හැදුවොත් ඔයාට බෝගන්විලා මල් ලැබෙනවා. ඔයාගෙ වත්තෙ ඔයා මුකුත්ම හදන් නැතුව තිබ්බොත් ඔයාට මුකුත්ම ලැබෙන් නැතුව තියෙයිද? නෑ. වල් පැළ එනවා. ඒ වගේ තමයි ඔයාගෙ මනස. ඔයා ඔයාගෙ මනසට Motivational, Positive, Inspirational, Practical, Educational දේවල් පිරෙවුවෙ නැත්නම් ඔයාගෙ මාසෙත් වල් පැළ හැදෙනවා. මට අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ, වාහනයක් ගන්න ඕනෙ, සාර්ථක වෙන්න ඕනෙ, සේල්ස් වැඩි කරගන්න ඕනෙ, මට අපෙ Team එක Motivate කරන්න ඕනෙ. මේ පොතේ කියවෙන විදියට මේ හැම සිතුවිල්ලක්ම Vibration එකක් Frequency එකක් තියෙනවා. අර ටීවි චැනල් වලට, රේඩියෝ වලට වෙන වෙනම Frequency තියෙන්නෙ. ඔයා කෝල් එකක් ගද්දි ඒ Frequency සමාන නම්බර් එක රින්ග් වෙනව වගේ, සිතුවිලි වලටත් Frequency තියෙනවා. මේ සමාන සිතුවිලි තමයි ඔයා Attract කරගන්නෙ.Magical Statement එක, Thoughts Become Things. Once Again, Thoughts Become Things. සල්ලි ගස් වලද වැවෙන්නෙ, සල්ලි ගස් වල හැදෙන් නෑ නෙ, අපිට ඒක කරන්න බෑ, මට වාසනාව නෑ, ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි වගේ දේවල් නම් ඔයා කියන්නෙ, මේවා නම් ඔයාගෙ සිතුවිලි වල තියෙන්නෙ ඔයාගෙ යටි සිත වැඩේ පටන් ගන්නවා. හරි, ඔයාට ඒකනෙ ඕනෙ. මං ඔයාට ඒක Attract කරලා දෙන්නම්. ඔයාගෙ Vibration එක ඒක නම් ඒකට සමාන Vibration එකක් මං Attract කරලා දෙන්නම්. එතකොට මොනවද මේ Emotions සහ Feelings කියන්නෙ? මේ Secret පොතේ කියවෙනවා ඔයාගෙ Thoughts වලින් ඔයා හිතන්නෙ මොනවද, ඔයාගෙ සිතුවිලි මොනවද කියලා ඔයාට Feedback එකක් විදියට දෙන Gift එකක් තමයි මේ Emotions කියලා කියන්නෙ. මේ පොතට අනුව මේ Emotions ජාති 2ක් තියෙනවා.
Two types of emotions
Positive emotions
Negative emotions
Guilt, Anger, Anxiety, Unhappy, Sad කියන මේ ඔක්කොම Negative emotions. කොයි වගේ වෙලාවටද ඔයාට Negative emotions එන්නෙ? ඔයාගෙ Goal එකට, ඔයාට යන්න ඕනෙ තැනට, ඔයාගෙ Desire එකට ගැළපෙන් නැති දේවල් ජීවිතේ සිද්ධ වෙනකොට ඒක තේරුම් කරන Feedback එකක් විදියට තමයි Negative emotions ඔයාට එන්නෙ.

(3) The creative process
The Secret පොතේ Three Step Creative Process එකක් පැහැදිලි කරනව මේ Law Of Attraction සම්බන්ධව. දැන් මේ ඇලඩින්ගෙ පුදුම පහන ගන්නකො. ඒ පහනෙන් එළියට එන ආත්මය, ඒ ආත්මය එළියට ගත්ත කෙනාට මොනවද කියන්නෙ. Your commander is my wish. ඔයා සිතන පතන දේ මම ඔයාට ලබා දෙනවා. එයාගෙ වැඩේ එච්චරයි. ඒ වගේම, මේ Three step process එකේ පළවෙනි step එක මොකක්ද?
Ask– ඔයාට ඕනෙ දේ අහන්න. අහන්න කියන්නෙ ඔයාගෙ වචන වලින්ම නෙමෙයි. ඔයාගෙ Thoughts වලින්. සිතුවිලි වලින්. ඒකත් Future tense වලින් කියන්න එපාලු. Present tense වලින් කියන්නලු. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ නම්, I will start a business කියන්න එපා. මම දැන් බිස්නස් එකක් පටන් ගත්තා. මම දැන් Found. ඒ විදියට හිතන්න. Mike Tyson කිවුවා, එයා Great වෙන්න කලින් “i’m a greatest” කියලා. Warren Buffett කිවුවා එයා සාර්ථක වෙන්න කලින් “පොඩිකාලෙ ඉඳන්ම මම දැනගෙන හිටියා මම සාර්ථක වෙනවා ඒ ගැන මට කිසිම සැකයක් නෑ” කියලා.
Answer– දැන් මේ පොතේ කියවෙන විදියට මේ ද්වෙනි Step එක ඔයාට හරියන Step එකක් නෙමෙයි. ඒක Univers එක විසින්ම ඔයාට කරලා දෙන Step එකක්. පළවෙනි Ask එක ඔයා හරියට කරොත් දෙවෙනි Step එක ගැන ඔයා බය වෙන්න එපා. ඒක ඔයාගෙ වටේ තියෙන දේවල් Rearrange කරලා ඔයාට ගැළපෙන විදියට ඒ Answer එක ඔයාට එයා ලබා දෙනවා. එතකොට ඔයාට ප්‍රශ්නයක් ඇති වෙනවනෙ කොහොමද ඒක සිද්ධ වෙන්නෙ, එහෙම වෙන්න පුළුවන්ද කියලා. මේ පොතෙන් කියන්නේ ලෝකෙ ලොකුදේවල්, වෙනස් දේවල්, හිතාගන්න බැරි දේවල් කරපු මිනිස්සු ඒක වෙන්නෙ කොහොමද කියලා හිතපු මිනිස්සු නෙමෙයි. එයාලටත් ඒකට උත්තරයක් තිබ්බෙ නැහැ. මේකට ලස්සන උදාහරණයක් මේ පොතේ පැහැදිලි කරනවා. මේ පොතේ කියනවා, Goals වර්ග 3ක් තියෙනව කියලා.
1-A type goals. ඒ කියන්නෙ, ඔයා මේක කරන්න ඕනෙ විදිය දන්නවා. I know how to do it. උදා:- ඔයාට වාහනයක් ගන්න ඕනෙ නම්, ඔයාගෙ ගෙදර කාට හරි වාහනයක් තියෙනව නම් ඔයා දන්නව වාහනයක් ගන්නෙ කොහොමද, අරන් පදින්නෙ කොහොමද, ඒ feeling එක ඔයා දන්නවා. ඒක A type goal එකක්.
2- B type goals. ඔයා දන්නෙ නෑ කරන්න ඕනෙ විදිය. ඒත් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවා. I don’t know how to do it. But, I know I can do it. අරයා කරලා තියෙනව, මෙයා කරලා තියෙනව, අල්ලපු ගෙදර කෙනා කරලා තියෙනව. එහෙනම් මටත් කරන්න පුළුවන්. මං කරන්න පුළුවන් කියලා දන්නවා. ඒත් කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැහැ.
3- C type goals. ඔයා කරන්න ඕනෙ කොහොමද කියලා දන්නෙ නෑ. හැබැයි කරන්න පුළුවන් Will එකක් තියෙනව. Don’t know how to do it. But, I know I will do it. උදා:- රයිට් සහෝදරයන්ට ප්ලේන් එකක් යවන්න ඕනෙ Will එක විතරයි තිබ්බෙ. එලෝන් මස්ක්ට හඳට රොකට් යවන්න ඕනෙ Will එක විතරයි තිබ්බෙ. ලෝකෙ වෙනස් කරපු මිනිස්සුන්ට තිබ්බෙ C type goals. ඒක කරන්නෙ කොහොමද, මේක මෙහෙම වෙයිද, මම හිතුවට ඒක වෙයිද, මම Ask එකක් දුන්නට ඒක වෙයිද කියලා එයාලා හිතන්න ගියෙ නෑ. අර Will එක තිබ්බ නිසා අදාළ දේවල් Attract වුණා.
Receive– මම Ask එකත් හරියට කරා. Answer එකත් හරියට වෙනව ඇති. ඒත් මං බලාපොරොත්තු වෙන දේවල් වෙන්නෙ නෑනෙ. ඇයි එහෙම වෙන්නෙ? මේ පොතේ කියවෙනවා. ඔයාගෙ Desire එකට, ඔයාගෙ Goals වලට Match වෙන් නැති දෙයක් නම් ඔයා අහන්නෙ, Match වෙන් නැති දෙයක් නම් ඔයා කරන්නෙ, Match වෙන් නැති දෙයක් නම් ඔයා ඉල්ලන්න උත්සාහ කරන්නෙ මේක ඔයාට ලැබුණත් ඔයා Receive කරන්න සූදානම් නෑ. මොකද, මේක ලැබුණත් ඔයාට Match වෙන දෙයක් නෙමෙයිනෙ ඔයා කරන්නෙ. එතකොට ඔයාට ඒක Negative emotion එකක් විදියට තමයි දැනෙන්නෙ. එතකොට ඔයාට දැනෙන්නෙ මම ඉල්ලන දේවල් මට ලැබෙන්නෙ නෑ කියලා.

(4) What can you do now
ඔයාගෙ Thought process එක Control කරන්න ඔයාට දැන් ඉඳන්ම කරන්න පුළුවන් දේවල් මොනවද? මේ පොතට අනුව ප්‍රධාන Exercise දෙකක් ගැන අපි බලමු.
Gratitude exercise- කොළ කෑල්ලක් අරගෙන මේ මොහොතේ ඔයාට තියෙන සතුටු වෙන්න පුළුවන් දේවල් ටික List down කරන්න. හැමදාම නැති එක, බැරි එක, දුකට පත් වෙන හේතු, අසතුටු වෙන්න හේතු, අරයට තියෙනව මට නෑ වගේ දේවල් හිතන් නැතුව මේ පොතේ කියවෙන විදියට කොළයක් අරගෙන තියෙන දේවල් ටික ලියාගන්න. මේක කරාම ඔයා හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. Positive Vibration එකක් ඇති වෙනවා.
Protect the filter within you- ඔයත් එක්ක Filter එකක් තියෙනවා. අපි හැමෝටම Filter එකක් තියෙනවා. ඒ Filter එක ආරක්ෂා කරගන්න. කොච්චර වැදගත්ද කියනව නම්, මේ පොත කියනවා ඔයා මොනව හරි දෙයක් අහනකොට දකිනකොට ඔයා හැම තිස්සෙම අහන්නෙ ඔයාට ඕනෙ කරන දේවල් විතරයි. You hear always what you want to hear. Not what you hear. ඔයාට ඇහෙන දේවල් නෙමෙයි ඔයා අහන්න ඕනෙ. ඔයාට අහන්න ඕනෙ දේවල්. උදා:- ඔයාට සුදු පාට BMW එකක් ගන්න ආසාවක් තියෙනවා. Desire එකක් තියෙනවා. දැන් ඒක ඔයාගෙ Filter එකේ කොටසක්. දැන් පාරෙ යනකොට ඔයාට වෙනදටත් වඩා සුදු පාට BMW පේනවා. ඔයා කල්පනා කරනව පාරෙ මේ තරම් සුදු පාට BMW තියෙනවද? මට ගන්න ඕනෙ වුණාම තමයි හැමෝම අරන් තියෙන්නෙ කියලා. නෑ. පාරෙ මීට කලිනුත් ඒ ටික තිබුණා. ඔයාගෙ Filter එකේ ඒක තිබ්බෙ නෑ. දැන් ඔයාගෙ Desire එකේ කොටසක් ඒක. දැන් ඔයාට ඒක පේනවා. කෝටිපති ව්‍යාපාරික Dan lok එක තැනකදි කියනවා, “මම කවදාකවත් News බලන්නෙ නෑ. News කියන්නෙ තනිකරම විශබීජයක්. මං ඒවා බලන්නෙ නෑ. වැදගත් News එකක් තියෙනව නම් මට ඒක කොහෙන් හරි දැනගන්න ලැබෙනවා. ඒ නිසා මට කවදාවත් වැදගත් දෙයක් මගහැරෙන්නෙ නෑ. මේ Media business එක වැඩ කරන්නෙ පුළුවන් තරම් කුණු ගොඩක් හරි කමක් නෑ මිනිස්සුන්ගෙ අවධානය ගන්න පුළුවන් දේවල් දාලා ඒවා විකුණන්න තමයි ඔවුන් උත්සාහ කරන්නෙ.” ඉතින් මේ වගේ කුණු ගොඩවල් නම් ඔයා හැමදම බලන්නෙ, දකින්නෙ ඔයාගෙ Filter එකත් ඒ වගේ දේවල් වලින් විතරයි පිරෙන්නෙ. ඒක ඔයා බේරගන්න ඕනෙ.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *