ඔයත් යම් සිදුවීමක් වෙන්න කලින් ඒ ගැන අනවශ්‍ය විදියට හිතලා හිතින් වද වෙන කෙනෙක්ද? එහෙම නම් ජීවිතේ ගොඩක් අවස්ථා කලකිරීම, දුක හා පීඩනයත් එක්ක තමයි ඔයාට ගත කරන්න වෙන්නෙ. අපි අද බලමු මොකක්ද මේ Overthinking කියන්නෙ, මොනවද හේතු සහ මෙයින් මිදෙන්න නම් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මේ ලිපිය අවසන් වෙනකල් කියවලා බලන්නකො. ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන එක නවත්තගන්න ඔයාටත් පුළුවන් වේවි.
Overthinking, එහෙම නැත්නම් ඕනෙවටත් වඩා හිතීම කියලා කියන්නෙ අපි මුලින් කිවුවා වගේ මොනවහරි සිදුවීමක් සිද්ධ වෙන්න කලින් හෝ සිදු වුණාට පස්සෙ අනවශ්‍ය විදියට ඒ ගැන හිතින් දේවල් මවාගෙන කල්පනා කරන එකට. මේක ඇත්තටම ලෙඩක් නෙමෙයි. රෝග ලක්ෂණයක්. ඇත්තටම මෙහෙම Overthinking කරන්න ගොඩක් හේතු තියෙනවා. අපි ඉස්සර වෙලාම බලමු ඒ වගේ හේතු 7ක් ගැන.
- කුඩා කාලේ ඉඳන් තියෙන පුරුද්ද – කවුරු හරි කෙනෙක් පොඩි කාලෙ ඉඳන් හැම දෙයක් ගැනම ඕනෙවට වඩා හිතන්න පුරුදු වෙලා තියෙනව නම් එයාලා වයසින් වැඩුණත් ඒ පුරුද්ද නතර කරගන්න බැරි වෙනවා. සමහර අයට කුඩා කාලයේ ඉඳන් මුහුණ දෙන්න වෙන දුෂ්කර බියජනක සිදුවීම් සහ තනිකම වගේ දේවල් වලදි මේ Overthinking කියන තත්ත්වෙට නැඹුරු වෙනවා. තමන්ගෙ පවුලෙ අයත් මේ විදියට පොඩි දේටත් කලබල වෙලා සහ ඕනෙවට වඩා හිතනව නම් ඒත් මේක පුරුද්දක් විදියට ලැබෙන්න පුළුවන්.
- තමන්ට යම් යම් දේවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක – උදාහරණයක් විදියට විභාගයට ලකුණු අඩු වුණොත් “නෑ එහෙම වෙන්න බෑ. එහෙම කොහොමද ලකුණු අඩු වෙන්නෙ” කියලා ඒ දේ තමන්ට පාලනය පුළුවන් කියලා ඒ ගැන නිතරම කල්පනා කරනවා. තවත් විදියකින් කියනව නම් මේ තමයි දෙයක් භාර ගැනීමට ඇති නොහැකියාව. පුංචි කාලෙ ඉඳන් අපිට විවිධ ක්‍රීඩා වලදි ජය පැරදුම භාර ගන්න පුරුදු කරන්නෙ මෙන්න මේ දේ Train කරන්න තමයි. අපි යම් දෙයකට අපිට කරන්න පුළුවන් දේ 100%ක්ම කළත් වෙනත් බාහිර සංරචක නිසා ඒ දේ සාර්ථක නොවෙන්න පුළුවන්. Overthinker කෙනෙක් කරන්නෙ ඒ දේ හිතන් නැතුව තමන්ට පාලනය කරන්න පුළුවන් සීමාවෙන් එහා පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනව කියලා ඒ ගැන හිතින් මවාගෙන කනස්සල්ලට පත් වෙන එක.
- හැමදේම නිශ්චිතයි කියලා හිහන එක – සාමාන්‍යයෙන් එක රේඛාවක් වගේ හැම දෙයක්ම එකම විදියට සිද්ධ වෙනව නම් අපි ඒකට ගොඩක් කැමතී. ඒත් හැම දෙයක්ම එහෙම සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් මේ විදියට නිශ්චිතතාවයට පොඩි පොඩි බාධා ඇති වෙන තැන් වලදි Overthinkersලා ඕනෙවටත් වඩා ඒ සිදුවීම ගැන හිතලා අවිනිශ්චිතතාවය මගහරවාගන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදියට අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා හිටපු පන්තිකාමරයක් තුළ ඉගෙන ගන්න ක්‍රමවේදය පසුගිය වසංගත කාලෙත් එක්ක වෙනස් වුණා. අපිට සිද්ධ වුණා ගෙදරදි ඉගෙන ගන්න. මේ වගේ වෙලාවට Overthinker කෙනෙක් “මට මේ විදියට වැඩ කරන්න බෑ. මං කොහොමද මෙහෙම කරන්නෙ. මේක හොඳ දෙයක් නෙමෙයි. මට ප්‍රශ්න ගොඩක් තියෙනව” කියලා මේ තත්ත්වය ගැන ඕනෙවටත් වඩා හිතන්න පටන් ගන්නවා. වෙනස් වුන පරිසරයට අනුවර්තනය වෙන්නෙ නැතුව නිදහසට හේතු හදාගන්නව.
- ද්වීතික වාසි ලබා ගැනීමේ අරමුණ – මේ වගේ අය හිතනව තමන් Overthinker කෙනෙක් කියලා අනිත් අය දැනගත්තම එයාලා ඉස්සරහ තමන්ට එක එක වාසි හම්බවෙයි කියලා. උදාහරණයක් විදියට තමන් අතින් මොකක් හරි වැරැද්දක් අඩුපාඩුවක් සිද්ධ වුණු වෙලාවක “අනේ මෙයා Overthinker කෙනෙක්නෙ. මෙයා හිතනව වැඩී. ඒ නිසා තමයි මෙහෙම වුණේ” කියලා අනිත් පාර්ශවයෙන් එයාලට සමාව ලැබෙයි, එහෙමත් නැත්නම් එයාට මොනවත් කියන්න එපා එයා ගොඩක් හිතනව කියලා අනුකම්පාව ලැබැයි කියලා එයාලා හිතනව. ඒ වගේම සමහර අය තීරණ ගැනීම කල් දැමීමට, මගහැරීමට හේතුවක් විදියටත් සමහර වෙලාවට Overthinking පාවිච්චි කරනවා.
- හැම දෙයක්ම පරිපූර්ණ විදියට කරන්න ඕනෙ කියලා හිතනවා – මේ වගේ අයට අවස්ථානුකූලව ලැබෙන දේ භාර හැනීමේ හැකියාව අඩුයි. ඒ වගේම යථාර්තයට මුහුණ දීමේ හැකියාවත් අඩුයි. හැමදේම කිසිම අඩුපාඩුවක් නැතුව පරිපූර්ණ විදියට සිද්ධ වෙන්න ඕනෙ කියලා තමයි මෙයාලට හිතෙන්නෙ. පොඩිම පොඩි අඩුපාඩුවක් සිද්ධ වුණත් මේ වගේ අය ඒ ගැන අනවශ්‍ය විදියට හිතින් හිතලා පරිපූර්ණත්වයට පත් වෙන්න උත්සාහ කරනවා. හිතන්නකො ඔයා O/L වලට A 9ක් අරගත්තා කියලා. ඒත් A/L වලින් A 3ක් ගන්න බැරි වුණා කියලා එතකොට ඔයා කිතනව ඒක ඔයාගෙ ජීවිතේට වුණු ලොකු අඩුපාඩුවක් කියලා. “මං O/L වලට A 9කුත් අරගෙන මට Medicine යන්න බැරි වුණානෙ. කැම්පස් යන්න බැරි වුණානෙ. මගෙන් වැඩක් නෑ. මේක මගෙ ජීවිතේට වුණ ලොකු අඩුපාඩුවක්” කියලා ඔයා දුක් වෙන්න පටන් ගන්නවා. දෙයක් පරිපූර්ණ වෙන්න සාධක ගොඩක් බලපානවා. අපේ පැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕනෙ සාධකවත් හරියට නැතුව ඒ දෙයින් පරිපූර්ණ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
- අධි සාමාන්‍යකරණය – සමහර අවස්ථා වල Overthinking කියන එක ඔයාගෙ ජීවිතේට ධනාත්මක විදියට බලපාන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට ඔයාගෙ පාසල් වැඩ වලදී ඒක ගොඩක් අවධානය ලබා දීලා ඒ වැඩ ගැන ගොඩක් හිතලා අවසානයේ ඒවා ගොඩක් හොඳින් කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයා හිතනව මට මේ Exam එකෙන් හොඳ Result එකක් ආවෙ මම මේ ගැන Overthink කරපු නිසා කියලා. ඒ නිසා Overthinking කියන්නෙ නරක දෙයක් නෙමෙයි. ඒක ගොඩක් හොඳ දෙයක් කියලා ඔයා නිගමනය කරනවා. එහෙම නිගමනය කරලා පාසල් වැඩ වලදි විතරක් නෙමෙයි, අනිත් හැම දේටමත් මේක යොදාගන්න උත්සාහ කරනවා. එතනදි ඔයාට Overthinking කියන දේ අනවශ්‍ය විදියට සාමාන්‍යකරණය වෙලා පුරුද්දක් බවට පත් වෙනවා.
- අධික බිය – ඔයා සාමාන්‍ය ජීවිතේ වැඩ කරගෙන යනකොට එන බාහිර බලපෑම් වලට අනවශ්‍ය විදියට බය වෙන කෙනෙක් නම් එහෙම බය වෙලා හිතේ ගොඩක් ප්‍රශ්න හදාගෙන ඒක දිගේ දිගින් දිගටම කල්පනා කරන එක තමයි මෙතනදි වෙන්නෙ. ඒ වගේම ගැටුම් ගැන තියෙන අධික බියත් මේකට හේතුවක් වෙනවා. ඔයාට බාහිරින් ලැබෙන ප්‍රශ්න වලට අනවශ්‍ය විදියට බය වෙන එක ඔයාගෙ Personality එකේ තියෙන දුර්වලතාවයක්.
මේ කියපු මොන හේතුවක් නිසා හරි ඔයා යම් දෙයක් ගැන ඕනෙවටත් වඩා හිතනව නම් ඒ නිසා ලැබෙන ප්‍රතිඵල නම් ධනාත්මක වෙන්නෙ නැහැ. දුක, තනිකම, හිස්කම වගේ හැඟීම් එක්ක මානසික අවපීඩනය (ඩිප්‍රෙශන්), ඒ වගේම කාංසාව, පශ්චාත් කම්පන ආතති ආබාධය වගේ මානසික ආබාධ වලට ගොදුරු වෙන්නත් මේක හේතුවක් වෙනවා. මේ මානසික ආබාධ වලට අමතරව හිසේ කැක්කුම, උදරයේ වේදනා, ගැස්ට්‍රයිටිස් වගේ ශාරීරික ආබාධ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අපි හේතු කතා කරද්දිත් මේවගෙන් ගැලවෙන විදිය ගැන ඔයාලට අදහසක් එන්න ඇති. ඊට අමතරව ඔයාට මේකෙන් ගැලවෙන්න මෙන්න Tips 7ක්.
- යථාර්ථය පිළිගන්න – අපි මුලින්ම, මේ ලෝකෙ අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. අපිට Control කරන්න බැරි ගොඩක් දේවල් සිද්ධ වෙනව කියන යථාර්ථය පිළිගන්න ඕනෙ.
- කාලයට ඉඩ දෙන්න – අපිට මීට අවුරුදු 3කට විතර කලින් තිබුණු ප්‍රශ්න නෙමෙයි අද වෙනකොට තියෙන්නෙ. එදා අපිට තිබ්බ ප්‍රශ්න ගැන දැන් කල්පනා කරොත් ඇත්තටම ඒවා ප්‍රශ්නද, දැන්නෙ මට ප්‍රශ්න තියෙන්නෙ කියලා. ඉතින් ඉස්සරහට තත්ත්වෙත් ඕකම තමයි. තව අවුරුදු දෙකතුනකින්මේ කාලෙ මතක් කරලා අපි කල්පනා කරයි ඒ කාලෙ හරිම සැහැල්ලුයි නේද කියලා. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ආවම ඒ මත්තෙම කල්පනා කර කර ඉන්නෙ නැතුව කාලයට ඉඩ දෙන එක ඉතාම හොඳ තීරණයක්.
- විශ්වාසවන්ත කෙනෙකුට කතා කරන්න – ඔයාට තියෙන ප්‍රශ්න ටික විශ්වාසවන්ත කෙනෙකුට කියන එකත් ඉතාම හොඳ දෙයක්. හැබැයි මෙතනදි අදාල පුද්ගලයව තෝර ගන්නකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනෙ.
- ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේට සූදානම් වෙන්න – ඔයාට මෙතනදි කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගෙ ජීවිතේට වෙන්න පුළුවන් නරකම දේවල් ටික ලිස්ට් එකකට දාගන්න එක. ඒ එක්කම වෙන්න පුළුවන් හොඳ දේවල් ටිකත් තව ලිස්ට් එකක දාගන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් ආවට පස්සෙ අවශ්‍ය උත්තරේ එතනින්ම හොයාගන්න පුළුවන් වේවි.
- සිංදුවක් අහන්න – මේකත් හොඳම විදියක්. ප්‍රශ්නයක් ආවට පස්සෙ අහන්න ඕනෙ මොන වගේ සිංදුද කියන එකත් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වෙලාවකදි වේගරිද්ම සිංදුවක් අහන්න තිබ්බා නම් තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍ය සිංදුවකට වඩා ටිකක් Dance කරන්න පුළුවන් සිංදුවක් අහලා ඉවර වුණාට පස්සෙ ඔයාගෙ හිතේ තියෙන පීඩනය යම්තාක් දුරකට අවම කරගන්න ඔයාට පුළුවන් වෙනවා.
- ජීවිතේ වැඩියෙන්ම අවුල්සහගත වෙන දේවල් වලින් ඈත් වෙන්න – ඔයාගෙ ජීවිතේ අවුල් සහගත වෙන්න පුළුවන් දේවල් වලින් පුළුවන් තරම් අයින් වෙන්න. අතීතය හෝ අනාගතය පිළිබඳව අනවශ්‍ය විදියට හිතන්නෙ නැතුව වර්තමානයේ ජීවත් වෙන්න. මොන දෙයක් වුණත් පසු තැවෙන් නැතුව “කමක් නෑ. දැන් මොකක්ද මට කරන්න පුළුවන්” කියලා බලලා ජීවිතේ ඉස්සරහට යන්න. කතාවක් තියෙනවනෙ “අපි ළඟ තියෙන එකම දේ මිටිය නම් අපිට පේන ඔක්කොම ඇණ” කියලා. අන්න ඒ කතාව ජීවිතේට Apply කරගන්න. මොකද අපි ළඟ තියෙන එකම දේ කලකිරීම, දුක, ඕනෙවට වඩා කල්පනා කිරීම නම් අපිට පේන්න තියෙන හැමදේකින්ම අපිට දැනෙන්න ගන්නෙ, අපිට අත්දැකීම් හම්බෙන්නෙ සෘණාත්මක දේවල්. ඒත් අපි ළඟ තියෙන්නෙ සතුට මිශ්‍ර වුණු ධනාත්මක සිතුවිලි නම් අපිට ඕනෙම ගැටළුවකදි බොහොම ධනාත්මකව ඒ දිහා බලන්න පුළුවන් වෙනවා.
0 Comments