මේ පොත ලියන Robert T. Kiyosaki කියනවා, “මගේ Rich Dad ඒ කියන්නෙ මගෙ යාළුවගේ තාත්තා අපිව පොඩි කාලෙ ඉන්ඳලා අපිට කියලා දෙනවා Asset එකක් කියන්නෙ මොකක්ද කියලා. එයා කියනවා ඔයාලා ධනවත් වෙන්න නම් මේකෙ තේරුම අනිවාර්යයෙන් දැනගන්න ඕනෙ.” මේ පොත සල්ලි පාවිච්චි කරන විදිය අනුව, දුප්පත්, මධ්‍යම පාන්තික සහ ධනවත් පවුලක් විදියට ප්‍රධාන කොටස් 3කට බෙදනවා. ඔයාගෙ Profession එක කියන්නෙ, ඔයා සතියට පැය හතළිස් ගාණක් වැඩ කරන දෙයක්. ඒක ඔයාගෙ ජොබ් එක වෙන්න පුළුවන්. මේකෙන් තමයි ඔයාගෙ ඉඳුම් හිටුම්, කෑම බීම, Bills ගෙවන ඒවා වගේ ඔක්කොම කරන්නෙ මේකෙන්. හොඳට ඉගෙන ගන්න, ආරක්ෂාකාරී හොඳ රස්සාවක් කරන්න, හොඳ පඩියක් ගන්න, සල්ලි වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි Robert T. Kiyosaki කියනවා, “මගේ ධනවත් පියා මට හොඳ උපදෙසක් දුන්නා. එයා මට කියලා දුන්නේ, සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා. සල්ලි හොයාගන්න අවශ්‍ය කරන දැනුම හොයාගන්න වැඩ කරන්න.” ඒක තමයි පැහැදිලි වෙනස. ඇයි සමාජයේ පොඩි පිරිසක් විතරක් ධනවත් වෙලා ඉන්නෙ? සල්ලි තිබ්බට ගොඩක් මිනිස්සු ධනවත් නැත්තෙ ඇයි? ධනවත් වෙච්ච මිනිස්සු අරන් බැලුවොත් ඒගොල්ලො ධනවත් වීමේ කලාව හොඳට ප්‍රගුණ කරපු කට්ටිය. මෙන්න මේ ධනවත් වීමේ කලාව උදාහරණත් එක්ක ලෝකෙට පැහැදිලි කරන ලෝකප්‍රකට පොතක් තමයි Robert T. Kiyosaki විසින් රචිත Rich Dad Poor Dad කියන පොත. ලෝකෙ පුරා රටවල් 109ක, භාෂා 51කින් පරිවර්තනය වෙන, පොත් මිලියන 22ක් විකුණපු ලෝකෙ Number 1 Hit වුණු පොතක්. මේ පොත ලියපු Robert T. Kiyosaki කියනවා, “ධනවත්කම කියන්නෙ මොකක්ද කියන එක මගේ ජීවිතේට මූලික වශයෙන් කියලා දෙන්න පුද්ගලයන් දෙන්නෙක් මට බලපාලා තියෙනවා. එක්කෙනෙක් තමයි මගේ තාත්තා. එයා තමයි මේ පොතේ ඉන්න Poor Dad විදියට මං නම් කරලා තියෙන කෙනා. සාම්ප්‍රධායික අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත, PHD එකක් පවා තියෙන කෙනෙක්. ගුරුවරයෙක්. හොඳට පඩි ගෙවපු රස්සාවක් කරපු කෙනෙක්. දෙවෙනි පුද්ගලයා තමයි මගෙ යාළුවෙකුගෙ තාත්තා කෙනෙක්. එයාව තමයි මේ පොතේ Rich Dad විදියට නම් කරලා තියෙන්නෙ. එයා ව්‍යවසායකයෙක්. 8 පන්තිය වෙනකල් විතරයි ඉගෙනගෙන තියෙන්නෙ. හැබැයි සල්ලිකාරයෙක් විතරක් නෙමෙයි, හොඳ ධනවත් විදියට ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ දෙන්නටම සමාජයේ හොඳ නමක් සහ සල්ලි කියන දේ තිබ්බා. හැබැයි ඇයි එක්කෙනෙක් විතරක් ධනවත් වුණේ?” ඔයාගෙ සමාජය ඔයාට කියලා දෙන්න ඇති. ඔයාගෙ පාසල් පද්ධතිය ඔයාට කියලා දෙන්න ඇති. ඔයාගෙ පවුල ඔයාට කියලා දෙන්න ඇති ධනවත් වෙන මිනිස්සු විතරක් දන්න මේ ධනවත් වීමේ කලාව. ඒ කලාව Robert T. Kiyosaki අපිට මේ පොතෙන් පැහැදිලි කරනවා. මේ පොතෙන් අපිට ගන්න පුළුවන් වැදගත් Lessons 4ක් මේ ලිපියෙන් අද අපි ඉගෙන ගමු. Research වලට අනුව සාර්ථක CEO කෙනෙක් සහ ලෝකෙ වෙනස් කරන ව්‍යවසායකයෙක් මාසෙකට පොත් 4ක් 5ක්වත් කියවනවා. හැබැයි ලංකාවෙ ගොඩක් අයට පොත් කියවන්න ආසාව තිබ්බට කියවන්න වෙලාවක් නෑ වගේම ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමේ ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඕනෙම කෙනෙක්ට තේරෙන විදියට, සරලව, ව්‍යවසායකත්වය පිළිබඳ ලියවුණු ලෝකප්‍රසිද්ධ පොත් ගොඩක සාරාංශය මේ වගේ ලිපි මගින් අපි ඔබට ඉදිරිපත් කරන්නෙ.
(1) Rich people want work for money
ධනවත් වෙන මිනිස්සු සල්ලි වෙනුවෙන් වැඩ කරන්නෙ නෑ. සල්ලි වලට තමන් වෙනුවෙන් වැඩ කරන්න සලස්වනවා. ඒ කොහොමද ඒ? මේ Rich Dad Poor Dad පොත ගේන තර්කය තමයි, ධනවත් වෙන මිනිස්සු හැම තිස්සෙම තමන්ගෙ ආදායමෙන් සැලකිය යුතු කොටසක් Assets ගන්න වත්කම් මිලදී ගන්න පාවිච්චි කරනවා. එතකොට මොකක්ද මේ Asset එකක් කියලා කියන්නෙ? මේ පොත ලියන Robert T. Kiyosaki කියනවා, “මගේ Rich Dad ඒ කියන්නෙ මගෙ යාළුවගේ තාත්තා අපිව පොඩි කාලෙ ඉන්ඳලා අපිට කියලා දෙනවා Asset එකක් කියන්නෙ මොකක්ද කියලා. එයා කියනවා ඔයාලා ධනවත් වෙන්න නම් මේකෙ තේරුම අනිවාර්යයෙන් දැනගන්න ඕනෙ.” Asset එකක් කියන්නෙ ඔයාගෙ පර්ස් එකට සල්ලි ගේන දෙයක්. හැබැයි දුක තමයි, ගොඩක් මිනිස්සු Asset කියලා ගන්නෙ තමන්ගෙ පර්ස් එකෙන් සල්ලි යන දෙයක්. උදාහරණෙකට, ගොඩක් මිනිස්සු Asset කියලා Liabilitiesලු මිලදී ගන්නෙ. ඒවා අන්තිමට පර්ස් එකෙන් සල්ලි එළියට යන දේවල්. ලෝකෙ ගොඩක් මිනිස්සු තමන්ගෙ ආදායමෙන් මුලින්ම කරන්නෙ ලොකු ගෙයක් මිලදී ගන්න එක. නැත්නම් ලොකු වාහනයක් මිලදී ගන්න එක. ඒගොල්ලො හිතන්නෙ ඒක Asset එකක් කියලලු. හැබැයි මේ පොත කියන්නෙ මේක Asset එකක් නෙමෙයි. මේක ඔයාගෙ පර්ස් එකෙන් සල්ලි එළියට ගන්න දෙයක්. මේක Liability එකක්. ඇයි ඒක Liability එකක් වෙන්නෙ? ඔයා ඔයාගෙ ගේ මිලදී ගත්තෙ අවුරුදු 30කට උගසක් තියලා නම් ඒ අවුරුදු 30 පුරාවටම ඔයාගෙ පර්ස් එකෙන් සල්ලි එළියට යනවා. ඔයා වාහනය ගත්තෙ අවුරුදු 5කට ලීසිං එකක් තියලා නම් ඒ අවුරුදු 5 පුරාම ඔයාගෙ පර්ස් එකෙන් සල්ලි එළියට යනවා. මේක Liability එකක්. එතකොට කෙනෙක් අහයි, එතකොට මේ මේ පොත කියන්නෙ අපිට වාහන, ගෙවල් ගන්න එපා කියලද? නෑ. නෑ. නෑ. මේ පොත ගොඩනගන මූලික තර්කය තමයි, ඔයාගෙ බලාපොරොත්තුව ධනවත් වෙන එක නම් මුල් කාලෙදි පුළුවන් තරම් ඔයාගෙ වියදම් සහ Liabilities අඩු කරලා පුළුවන් තරම් ඔයාගෙ ආදායමෙන් වත්කම් මිලදී ගන්න උත්සාහ කරන්න කියලා. උදාහරණයකට මේ පොත සල්ලි පාවිච්චි කරන විදිය අනුව දුප්පත්, මධ්‍යමපාන්තික සහ ධනවත් පවුලක් ප්‍රධාන කොටස් 3කට බෙදනවා. කොහොමද දන්නවද?
Poor Family – ඒගොල්ලො Rent, Food, Clothes, Basic needs වගේ දේවල් ටිකට වියදම් කරාම ආදායමෙන් ආය කීයක්වත් හොයාගන්නවත් නෑ. කෙලින්ම ආදායම වියදමක් වෙලා ඒගොල්ලන්ට කිසිම දෙයක් ඉතුරු වෙන්නෙවත් නෑ. ඒක තමයි දුප්පත් පවුලක ස්වභාවය.
Middle Class Family – මධ්‍යමපාන්තික පවුලක් ගත්තොත් ඒගොල්ලොත් මේ කන බොන මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරාම ඒගොල්ලන්ට යම්කිසි ගාණක් ඉතුරුයි. හැබැයි ඒ ඉතුරු වෙන ගාණෙන් Credit card payments, Moetgage, Lease වගේ දේවල් ටික කරාම වාසනාව තිබ්බොත් ඔයාට යම්කිසි ගාණක් ඉතුරු වෙනවා. ඕක තමයි Middle-class පවුලක් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගෙ සල්ලි පාවිච්චි කරන ආදායම වියදමක් බවට පත් වෙනවා වගේම තව කොටසක් Liabilities වලට යනවා. ඊටත් පස්සෙ ඉතිරි වුණොත් ඒක ඔයාට Assets වලට ගන්න පුළුවන්. හැබැයි ඒක වෙනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න ඕනෙ.
Rich Famity – හැබැයි ධනවත් වෙන පවුලක් දිහා බැලුවොත් ඒගොල්ලන්ට මේ සාමාන්‍ය වියදම් සහ Liabilities නැතුවමත් නෙමෙයි. හැබැයි ඒගොල්ලො මූලිකත්වය දෙන්නෙ Assets මිලදී ගන්න. ඉතුරු වෙන මුදල මත තමයි ඒගොල්ලන්ගෙ වියදම් ටික ඒගොල්ලො Control කරන්නෙ.
(2) Profession VS Business
දැන් මේ ලිපිය කියවන කෙනෙක් හිතයි, හරි, Stock market එකේ හරි Invest කරන්න සල්ලි තියෙන්න එපැයි. ඒකට මොකක් හරි ජොබ් එකක් කරන්න එපැයි. අපි හැමෝම ධනවත් පවුල් වල අය නෙමෙයිනෙ. ඔවු. ඔයාට ජොබ් එකෙන් අයින් වෙන්න කියලා මේ පොතේ කිසිම තැනක සඳහන් වෙන්නෙ නෑ. මේ පොත ගොඩනගන තර්කයක් තමයි දැන් ඔයාගෙ Personal finance එක ගත්තම ඒක ප්‍රධාන කොටස් 2කට බෙදෙනවා. එකක් ඔයාගෙ Profession එක. අනික ඔයාගෙ Business එක. මේ පොත කියන්නෙ පළවෙනියටම මේ දෙකේ වෙනස ඔයා දැනගෙන ඉන්න ඕනෙ. මොකක්ද ඒ දෙකේ වෙනස? ඔයාගෙ Profession එක කියන්නෙ ඔයා සතියට පැය හතළිස් ගාණක් වැඩ කරන දෙයක්. ඒක ඔයාගෙ ජොබ් එක වෙන්න පුළුවන්. මේකෙන් තමයි ඔයාගෙ කෑම බීම, ඉඳුම් හිටුම්, Bills ගෙවන ඒවා වගේ දේවල් ඔක්කොම කරන්නෙ. සාමාන්‍යයෙන් Profession එකක් වුණාම ඒකට පොඩි Title එකක් එහෙම තියෙනවා. Manager, Execetive වගේ මොනා හරි නමකුත් තියනවා. එතකොට මේ Profession එක කිරීම තුළින් ඔයාට ආදායමක් එනවනෙ. ඔයා අර වැඩ කරන පැය හතළිස් ගාණට අමතරව ඒ ආදායම පාවිච්චි කරලා කොහොමද Assets ගන්නෙ? කොහොමද ඔයාගෙ Assets වැඩි දියුණු කරන්නෙ? Assets වැඩි දියුණු කිරීම තුළින් ඔයාගෙ ආදායම දෙගුණ තෙගුණ කරන්නෙ කොහොමද? මේක තමයි ඔයාගෙ Business එක වෙන්න ඕනෙ. ධනවත් වෙන කෙනෙක් නම් මේ විදියට තමයි ඔයා මුලින් පටන් ගන්න ඕනෙ කියලා තමයි මේ Rich Dad Poor Dad කියන මේ පොත ගේන මූලික තර්කය වෙන්නෙ. Robert T. Kiyosaki කියනවා, එයාගෙ දුප්පත් පියා සමාජයේ ඉන්න හැමෝම වගේ දෙන සාම්ප්‍රධායික උපදෙසක් තමයිලු එයාට දුන්නෙ. “හොඳට ඉගෙන ගන්න, ආරක්ෂාකාරී හොඳ රස්සාවක් කරන්න, හොඳ පඩියක් ගන්න, සල්ලි වෙනුවෙන් වැඩ කරන්න.” හැබැයි Robert T. Kiyosaki කියනවා, “මගේ ධනවත් පියා මට හොඳ උපදෙසක් දුන්නා. එයා මට කියලා දුන්නේ, සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා. සල්ලි හොයාගන්න අවශ්‍ය කරන දැනුම ලබාගන්න වැඩ කරන්න.” පැහැදිලි වෙනසක්. දැන් සල්ලි වෙනුවෙන් වැඩ කරන අය මුලින් තව කෙනෙක් වෙනුවෙන් වැඩ කරනවා. පස්සෙ ඒකෙන් ලැබෙන පඩියෙන් රජයට TAX ගෙවන නිසා රජය වෙනුවෙනුත් වැඩ කරනවා. පස්සෙ බැංකුවෙන් Loan එකක් අරන් වාහන ගෙවල් හදන නිසා සහ Loan එක Clear කරන්න ඕනෙ නිසා ඒ වෙනුවෙනුත් වැඩ කරනවා. මේ ඔක්කොම ඉවර වුණාම තමයි තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නෙ. හැබැයි එතකොට ඔයා වයසට ගිහින් ඉවරයි. ඉතින් මෙච්චර කල් ධනවත් නොවුන එක පුදුම වෙන්න දෙයක්ද කියලා තමයි මේ පොත අපෙන් ප්‍රශ්න කරන්නෙ. මේ පොත ලියන Robert T. Kiyosaki කියනවා, ඒ හේතුව නිසා මම වයස අවුරුදු 9දිම මගේ ධනවත් පියා මට මේක කියලා දීපු නිසා මම යාළුවොත් එක්ක එකතු වෙලා ගරාජ් එකක දාලා කොමික් පොත් විකුණන්න උත්සාහ කරා. හැබැයි මේක විකිණුවේ මම නෙමෙයි. මගේ යාළුවෝ ටික. ඒත් අවසානෙදි මේකෙන් එන ආදායමෙන් කොටසක් අනිවාර්යයෙන් මගේ අතට එනවා. ඉතින් මේ දෙවෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්න ඕනෙ දේ වෙන්නෙ, ඔවු. අපි ඉගෙන ගන්න ඕනෙ තමයි. හැබැයි ඔයාගෙ අරමුණ ධනවත් වෙන එක නම් ඉගෙන ගන්න එකට අමතරව එතනින් එහාට ගිහින් තමන්ගෙ Profession එකයි Business එකයි Manage කරන හැටි දැනගන්න එකත් හරි වැදගත් කියලා තමයි මේ Rich Dad Poor Dad කියන පොත ලෝකෙටම උගන්නන්න උත්සාහ කරන්නෙ.
(3) Three steps to become rich
මේ Rich Dad Poor Dad පොත අපිට කියලා දෙනවා ඔයාගෙ ධනවත්කම ඊළඟ Level එකට අරගෙන යන්න නම් ඒක කරන්න පුළුවන් සරල Steps 3ක් අපිට පැහැදිලි කරනවා. මේ තුනෙන් 1ක් 2ක් දැනගත්තට මදි. ඔයා මේ 3ම දැනගන්න ඕනෙ. මොකද මේ පියවර 3?
මේ මොහොතේ ආර්ථික තත්ත්වය- ඔයා හෙට නෙමෙයි. තව අවුරුදු 3කින් නෙමෙයි. අවුරුදු 5කින් නෙමෙයි. මේ දැන් ඔයාට තියෙන ආර්ථික තත්ත්වය මොකක්ද? මේක මොකක්ද කියලා හරියට දැනගන්න කියලා තමයි මේ පොත අපිට කියන්නෙ. උදා:- ඔයාගෙ ජොබ් එක මොකක්ද, ඔයාගෙ වියදම් මොනවද, ඔයාගෙ ආදායම මොකක්ද කියන දේවල් සම්බන්ධයෙන් ඔයාට හරි දැනුමක් තියෙන්න ඕනෙ. ඔයාගෙ හීනෙ කවදා හරි Benz එකක් ගන්න නම් මේ යන විදියට ඔයාට Benz එකක් ගන්න පුළුවන්ද?
Have a goal- දැන් ඉන්න තැන ඔයා දන්නවා. යන්න ඕනෙ තැන මොකක්ද කියලා ඔයා Goal එකක් හදාගන්න. උදා:- මේ පොත ලියපු Robert T. Kiyosaki ගෙ Wife කියනවා, මට අවුරුදු 5කින් Benz එකක් ගන්න ඕනෙ කියන හීනෙ තිබ්බා. හැබැයි එයා ඒ හීනෙ වෙනුවෙන් එයාගෙ ආදායමෙන් Assets මිල දී ගෙන ඒකෙන් ලැබුණු ආදායම නිසාලු අවුරුදු 4කින් එයාට Benz එකක් ගන්න පුළුවන් වුණේ.
Learn the skills and knowledge- ඔයා ඉන්න තැන දන්නවා. යන්න ඕනෙ තැන දන්නවා. මෙතනට යන්න අවශ්‍ය කරන Skill Gap එක Knowledge Gap එක මොකක්ද කියලා අඳුරගෙන ඒක ඔයා ඉගෙන ගන්න ඕනෙ. උදාහරණයක් විදියට මේ පොත අපිට කියනවා ඔයාගෙ Goal එක ධනවත් වෙන එක නම් ඔයා ප්‍රධාන Subject 4ක් ගැන හොඳින් අධ්‍යනය කරන්න ඕනෙ.
Accounting
Investing
Markets
Laws (Economics සම්බන්ධ)
Robert T. Kiyosaki කියනවා, මගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික මං ඉවර කරාට පස්සෙ මට හොඳට පඩි ගෙවන හොඳ ආයතනයක හොඳ රස්සාවක් ලැබුණා. මගේ Poor Dad හරියට සතුටු වුණා. මොකද, එයාටත් ඕනෙ වුණේ මේ දේම තමයි. හැබැයි මට ඒකෙන් එච්චර ආත්ම තෘප්තියක් ලැබුණෙ නෑ. මොකද, මගෙ හීනෙ වෙලා තිබ්බෙ හොඳ ආරක්ෂාකාරී රස්සාවක් හොයාගන්න එක නෙමෙයි. ඒ නිසා මං මාස 6යි එතන හිටියෙ. මං Risk එකක් අරගෙන එතනින් අයින් වෙනවා. Robert T. Kiyosaki කියනව එයාගෙ Rich Dad ඒ කියන්නෙ එයාගෙ යාළුවගෙ තාත්තා මේ දැනුම ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනෙ නිසා එයාගෙ ආයතනයේ හැම Department එකකටම ගිහින් මෙයාලට ඒ අත්දැකීම ගන්න කියලා කිවුවා. Robert T. Kiyosaki කියනව මං අඩු වයසින් Construction, Marketing, Sales, Accounts වගේ මේ හැම අංශයකම වැඩ කරන විදිය ගැන පටු දැනුමක් නෙමෙයි පුළුල් දැනුමක් මට ලබාගන්න පුළුවන් වුණා. මේක මම කරේ සල්ලි හොයන්න බලාගෙන නෙමෙයි. සල්ලි හොයාගන්න අවශ්‍ය දැනුම ලබාගන්න අවශ්‍ය නිසා. ඒකයි වෙනස.
(4) Five things holding you back
මෙච්චර මේ පොතෙන් උගන්නලත් Robert T. Kiyosaki කියනවා, ඇයි ඒත් තාමත් ගොඩක් මිනිස්සු ධනවත් නැත්තෙ? ධනවත් නොවෙන්න ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ව අල්ලගෙන ඉන්න භයානක පුරුදු 5ක් ගැන මේ පොතෙන් ඉදිරිපත් කරනවා. ඔයාම බලන්න මේ ටිකෙන් ඔයාට මොනවද තියෙන්නෙ කියලා.
බය – මේ පොතෙන් අපිට පැහැදිලි කරනවා සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තමයි ඔයාට දෙයක් ලැබෙනව කියන එකට වඩා ඔයාට දෙයක් නැති වෙනව කිවුවොත් ඒ නැති වෙන දේ ගැන තමයි අපි වැඩි අවධානයක් දෙන්නෙ. මේකට උදාහරණයක් විදියට මේ පොත කියනවා, කෙනෙක් ඔයාගෙ ඉස්සරහට ඇවිල්ලා කාසියක් උඩ ඩාලා සිරස ආවොත් ඔයාට රුපියල් 1000ක් දෙනව කියලා කියනවා. හැබැයි ඒක ආවෙ නැත්නම් ඔයා මට රුපියල් 500ක් දෙන්න ඕනෙ කියලා කිවුවොත් ඒ ලැබෙන රුපියල් 1000 ගැන නෙමෙයි එයා කල්පනා කරන්නෙ ඒ නැති වෙන රුපියල් 500 ගැන තමයි කතා කරන්නෙ. ඒක නිසාලු ගොඩක් මිනිස්සු Risk එකක් ගන්න පවා බය.
සැකය – Business එකක් පටන් ගන්න යනකොට මට මේක කරගන්න පුළුවන් වෙයිද, සල්ලි එයිද, කට්ටිය කැමති වෙයිද, ණය වෙයිද, Loan එක Settle කරගන්න පුළුවන් වෙයිද, Business plan එක වැඩ කරයිද, Investment එක වැඩ කරයිද, මං මේකට හරියනවද, මට මේකෙන් ගොඩ යන්න පුළුවන්ද වගේ ප්‍රශ්න වැඩේ පටන් ගන්න කලින් ගොඩක් අයට ඔලුවට එනවලු. ඒත් ධනවත් වෙන මිනිස්සු ඒ සෘණාත්මක සිතුවිලි වල ඇහුම්කන් දෙන්න යන්නෙ නෑ.
කම්මැලිකම – මේ පොත කියනවා, සාමාන්‍යයෙන් මොනා හරි දෙයක් ලබා ගන්න නම් ඔයා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් පෙරේත වෙන්නත් ඕනෙ. හැබැයි සමාජය අපිට කියලා තියෙන්නෙ පෙරේත වෙන්න එපා. ඕනෑවට වඩා තණ්හා වෙන්න එපා. ඒක නරක මිනිස්සුන්ගෙ ගතියක්. හැබැයි ඔයාට දෙයක් ළඟා කරගන්න ඕනෙ නම් ඒ පිළිබඳව දැඩි කැමැත්තක්, පොඩි පෙරේතකමක් තිබ්බට ප්‍රශ්නයක් නෑ කියලා තමයි මේ පොත අපිට පැහැදිලි කරන්නෙ.
නරක පුරුදු – මේකට මේ පොත ලෝකෙටම Golden Statement එකක් ඉදිරිපත් කරනවා. අපේ ජීවිත අපි ලබපු අධ්‍යාපනයට වඩා අපේ පුරුදු වල කණ්ණාඩියක්.
ගණන් ගන්නෙ නැතිකම – සමහර අය ඉන්නවා වැරදිලා තියනව කියලා දන්නවා. කරන ඕනෙ මොකක්ද කියලත් දන්නවා. ඒත් ගණන් ගන්නෙ නෑ. නොදන්න දේ ඉගෙන ගන්න උවමනාවක් නෑ. Robert T. Kiyosaki කියනවා, මං දන්න දේ මට සල්ලි උපයලා දෙනවා. මං නොදන්න දේ මගෙන් සල්ලි නැති කරගන්නවා. මොකද ධනවත් මිනිස්සු සෙල්ලම් කරන්නෙ ධනවත් වෙන්න. ඒත් දුප්පත් මිනිස්සු සෙල්ලම් කරන්නෙ සල්ලි නැති වෙන් නැතුව ජීවත් වෙන්න. ඕක තමයි වෙනස.
ලෝකෙම ව්‍යාපාරිකයන් ගොඩක් කියවලා තියෙන මේ Rich Dad Poor Dad කියන පොතේ මූලික සංකල්ප වලින් වටිනා පාඩම් 4ක් දැන් ඔයා දන්නවා.
ඔබට ජය!
0 Comments