ඔයාව නීරෝගිමත් කරන ජපන් පුරුදු 6ක් | Japanese 6 Healthy Habits

by | Sep 13, 2023 | Uncategorized | 0 comments

ජපන් ජාතිකයින් නීරෝගිමත් කියලා අපි නිතරම අහලා තියෙනවනේ. ඒ විදියට නීරෝගිමත්ව දිගුකල් තරබාරුකම නොමැතිව සිටීමට හේතුව වන්නේද ඔවුන්ගේ ජීවන රටාවයි. ඔයත් කැමතිද අවුරුදු 100ක් නීරෝගිමත්ව ජිවත් වෙන්න. ලෝකයේ වෙනත් රටවල් වලට වඩා වයස අවුරුදු 100ට වැඩි ඒක පුද්ගල සංඛ්‍යාව වැඩිම සංඛ්‍යාවක් ඉන්නෙත් ජපානෙ. ජපන් ජාතිකයින් ක්‍රීඩාශීලි අය ලෙස ප්‍රසිද්ධ නැති උනත්, වැඩ කිරීමට නම් ඉතා දක්ශයින් ලෙස ප්‍රසිද්ධයි. ඔවුන්ගේ ජීවන පරිසරය ඇමරිකානුවන්ට සමාන වගේම ඔවුන්ගේ රැකියා ජිවිතය නිසා ක්‍රිඩා කිරීමට තරම් කාලයක්ද නොමැති වෙනවා. එහෙනම් කොහොමද ජපන් ජාතිකයින් නීරෝගිමත්ව ඉන්නේ? ඔවුන් අනුගමනය කරන මෙම පුරුදු 6 මෙලෙස නිරෝගිමත්ව සිටින්න උදව් වෙනවා. එහෙනම් අපි කතා කරමු මේ පුරුදු ගැන. ඒ වගේම අපි බලමු කොහොමද මේ පුරුදු අපේ එදිනෙදා ජිවිතේටත් ක්‍රියාත්මක කරන්නේ කියලා.

(1) මුහුදු පැලෑටි ආහාරයට ගැනීම
ජපන් ජාතිකයින්ගේ ආහාර අතරට පෝෂ්‍යදායී පළා වර්ග ඇතුළත් වෙනවා. ඒ අතරින් මුහුදු පැලෑටි විශේෂ තැනක් ගන්නවා. මේ මුහුදු පැලෑටි වල විශේෂත්වය වන්නේ විවිධ පෝෂ්‍යදායී සංඝටක අඩංගු වීමයි. ඒ අතර ඛණිජ වර්ග, අයඩීන්, තඹ සහ යකඩ වගේම ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝටීන් ෆයිබර් වගේම ඔමේගා 3 පෝෂ්‍යදායී සංඝටකයත් අඩංගු වෙනවා.

(2) මුහුදු ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම
ජපන් ආහාර වේල එතරම් සෞඛ්‍ය සම්පන්න කරන තවත් දෙයක් වෙන්නෙ මුහුදු ආහාර කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමයි. ජපානය ලොව පහළම හෘද රෝග පවතින රට වන අතර මැදි වියේ ජපන් ජාතිකයෙකු ඇමෙරිකානු ජාතිකයින් හා සසඳන විට ඔවුන්ගේ ධමනි තුළ කොලෙස්ටරෝල් සෑදීම ඉතාම අඩුයි. ඒක එහෙම වෙන්නෙ ඔවුන් මුහුදු ආහාර පරිභෝජනය කිරීමෙනුයි. සතියකට දෙපාරක් මුහුදු ආහාර ආහාරයට ගැනීමෙන් මගින් හදවතට විතරක් නෙමෙයි මොළයටත් මානසික සෞඛ්‍යටත් ඉතාමත්ම හොඳයි.

(3) ග්‍රීන් ටී
ග්‍රීන් ටී කියන්නෙ සෞඛ්‍ය සම්පන්න බීම වර්ගයක්. ඒ වගේම ග්‍රීන් ටී පානය කිරීම ජපන් ජාතිකයින්ගෙ දෛනික පුරුද්දක්. ග්‍රීන් ටී පොලිෆිනෝල් ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එය ප්‍රදාහය අඩු කරනවා. නිදන්ගත රෝග ඇති කළ හැකි හානි වලින් සෛල ආරක්ෂා කරනව වගේම ප්‍රතිශක්තිකරණ සෛල බහුතරයක් සහ මනෝභාවය වැඩි කරන ස්නායු රසායන ද්‍රව්‍ය නිපදවන අපේ බඩවැලේ ඇති මිත්‍රශීලී බැක්ටීරියාද පෝෂණය කරනවා.

(4) ඔබට දැනෙන තරමට පමණක් ආහාර ගන්න
ජපානයේ කියමනක් තියෙනවා “Hara Hachi Bu” කියලා. එනම් ඔබගේ බඩ 80%ක් පිරෙන තුරු ආහාර ගැනීමයි. ඒ කියන්නෙ, ඔබට සැප පහසු වන තෙක් ආහාර ගන්නව වගේම තවමත් ඔයාගෙ බඩේ ඉඩ ඉතිරි වෙනවා. එය සිහි කල්පනාවෙන් ආහාර ගැනීමේ ආකාරයක් වන අතර ආහාර ඉක්මවා නොගෙන ඔයාගෙ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නට ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමක් වෙනවා.

(5) සෙමින් ආහාර ගැනීම
ටීවි, මොබයිල් වැනි තාක්ෂණික දේවල් වලින් බාධා නොවී ආහාර ගැනීම නිසා ආහාර වේලෙන් වඩාත් ප්‍රීතියක් ලබා ගැනීමට ජපන් ජාතිකයින්ට හැකි වෙනවා.

(6) සොබාදහම සමඟ මුසු වීම
ජපන් ජාතිකයින් සොබාදහමට බොහෝ සෙයින් ආදරය කරනව වගේම ඔවුන් දවස පුරාම සොබාදහම සමඟ සිටීමටත් කැමැත්තක් දක්වනවා. සොබාදහම යනු චිකිත්සාවක් වගේම භාවනාවක්ද වෙනවා. ඇත්තටම මේ වගේ සොබාදහම එක්ක ඉන්න එකෙන් අපිට නිරෝගීව ඉන්න ලොකු උදවුවක් වෙනවා. නගර පසුබිමක ඉන්න කෙනෙක් සහ සසඳන විට වනාන්තර පසුබිමක ඉන්න කෙනෙක් අඩු රුධිර පීඩනය, ආතතිය අඩු හෝමෝන සාන්ද්‍රණය වගේම සෑම දෙයක්ම වඩා සන්සුන් කිරීමට මෙමඟින් උදවු වෙනව කියලා ඇධ්‍යනයක් මගින් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම තවත් අධ්‍යනයකින් හොයාගෙන තියෙනව ඔයා සතියකට පැය 2ක් ව්‍යායාම කිරීම හෝ එළිමහනේ කාලය ගත කීරීම ඔයාගෙ යහ පැවැත්මට වගේම ජීවිත තෘප්තියටත් බොහෝ සෙයින් වැදගත් වෙනව කියලා.

(7) ශක්තිමත් සමාජ කවයක්
ජපන් ජාතිකයින් සමාජීය වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න ඉතා දැඩි කැමැත්තක් දක්වනවා. එලෙස සම්බන්ධ වීම ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන්ද බොහෝ සෙයින් වැදගත් වෙනවා. හුදෙකලාව ඉන්නවට වඩා මිතුරන් හා පවුලෙ අය එක්ක සම්බන්ධ වීම ඔයාගෙ යහපැවැත්මට ඉතාම වැදගත්.

එහෙනම් ඉතින් ඔයත් මේ ජපන් පුරුදු ජීවිතයට එකතු කරගෙන වැඩි කාලයක් නිරෝගීව ඉන්න. සුබ දවසක්….!

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

developer

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *