මේ පොත අපිට කියන විදියට ඔයා Startup එකක් කරනව කියලා ඇත්තටම මොනවද දන්නවද කරන්නෙ? ඔයා මේ ප්රෙහේලිකාවෙන් විසඳන්න උත්සාහ කරන්නෙ ලාභදායී, දිගු කාලයක් පවතින Business Model එකක් හොයන එක. උදා:- Twiter මුල් කාලෙදි ආවෙ Podcasting App එකක් විදියට. ඒ කියන්නෙ Audios Share කරන්න පුළුවන් App එකක් විදියට. හැබැයි එයාලා ඒක Market එකට Lounch කරන්න කලින් Apple ආයතනයත් ඒ වගේම App එකක් හැදුවා. ඉතින් මේ Test එක කරන එකත් ඔයාට විධි 2කින් කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි, Value Hypothesis Test එක – මේ පොත අපිට කියනව ගොඩක් Founders ලා මෙතනදි වරද්දගන්නව කියලා. ඒ තමයි, ඔයාගෙ Startup එකේ හරියටම හරියන Business Model එක හම්බුණේ නැත්නම් ඔයාට ඔයාගෙ Business එක (0.52) කරන්න සිද්ධ වෙයි. Business එකක් පටන් ගන්නවට වඩා පටන් ගන්න ඒවා Fail වෙන තැන් තමයි වැඩිපුරම තියෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ? ඔයා කැමතිද ඔයාගෙ Business එක Fail වෙනව දකින්න? එහෙම නොවී දිගු කාලයක් පවතින Customers ලට නැතිවම බැරි ව්‍යාපාරයක් විදියට පත් කරන්නෙ කොහොමද? මෙන්න මේ ගැන ලියලා තියෙන ලෝකප්‍රකට පොතක් තමයි Eric Ries විසින් රචිත The Learn Startup කියන පොත. ඔයාගෙ Business Idea එක Idea එකක් විදියට විතරක් තියාගන්නෙ නැතුව පියවරෙන් පියවර Startup එකක් දක්වා අරගෙන යන්නෙ කොහොමද? මේ ලිපිය කියෙවුවට පස්සෙ ඔයා Mini Business Course එකක් කරා වගේ තියෙයි. ව්‍යාපාරයක් පටන් ගැනීම සම්බන්ධයෙන් කවුරුවත් ඔයාට කියලා දෙන්නෙ නැති වටිනා දේවල් ගොඩක් මේ පොතෙන් අපිට පැහැදිලි කරනවා.මේ The Learn Startup කියන පොත ව්‍යාපාරය පටන් ගන්න ඉන්න ඔයාට ඒක කරන්න පුළුවන් ප්‍රායෝගික පියවර 5ක් පැහැදිලි කරනවා. ඔයා මේ පියවර 6ම දැනගන්න ඕනෙ.
(1) විශාල ආයතනයක සහ Startup එකක වෙනස දැනගෙන ඉන්න
මේක ඔයාගෙ Mindset එකත් එක්ක කරන්න ඕනෙ දෙයක්. මේ පොත අපිට පැහැදිලි කරනවා, මුලින්ම ඔයා තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ඔයා අලුතින්ම නම් ඔයාගෙ Startup එක පටන් ගන්නෙ මේක ඔයාට ලොකු ආයතනයක් Manage කරනව වගේ Manage කරන්න බෑ. ඒක ඔයා පළවෙනියටම තේරුම් ගන්න ඕනෙ දෙයක්. සාමාන්‍යයෙන් ලොකු ආයතනය වුණාම එයාලට අත්දැකීම් බහුල ලොකු Team එකක් ඉන්නවා. ඒගොල්ලො අවුරුද්දට, මාසෙට Master Plans හදනව. ඒ Plan ටික වෙනවද නැද්ද කියලා ඒ අය Monitor කරනව. ඒකට ඒගොල්ලන්ට Skill එක තියෙන මිනිස්සු ඉන්නවා. ලොකු ආයතනයකට ඒක කරන්න පුළුවන්. මොකද ඒ ආයතනයට අතීතයක් තියෙන නිසා. ඔවුන් දන්නව හරි ගිය තැන් වැරදුණු තැන් මොනවද කියලා. ඒත් Startup එකක් එහෙම නෙමෙයි. මොකද, ඔයාගෙ Startup එක තියෙන්නෙ ළදරු අවධියේ. මේක වැඩ කරයිද නැද්ද කියලාවත් තාම ෂුවර් නෑ. අපිට අනුමානයක් විතරයි තියෙන්නෙ. ඒ නිසා මේ පොත අපිට පැහැදිලි කරන්නෙ ඔයා Startup Owner කෙනෙක් නම් ලොකුවට Master Plan එකක් හදාගෙන, ලොකු වෙලාවක් අරගෙන ඒ Plan එකේ එල්ලීගෙනම ඉන්න එපා. වෙලාවෙ හැටියට, Market එකේ හැටියට වෙනස්කම් ටික කරන්න පළවෙනියටම ඔයා ඔයාගෙ මනස සූදානම් කරගෙන ඉන්න ඕනෙ. මේ ඔත අපිට කියනවා, ඔයා Startup එකක් කරනව කියලා.
(2) ලාභදායී සහ දිගු කාලයක් පවතින Business Model එක වලංගු ඉගෙනීමකින් හොයාගන්න
දැන් මේ ඉගෙනීම කරන්න කලින් ඔයාගෙ Startup එක සම්බන්ධයෙන් ඔයාට අනුමානයක් තියෙන්න ඕනෙ. ඒකට අපි කියන්නෙ Hypothesis එකක් කියලා. උදා:- ඔයා Online ක්‍රමේට සපත්තු විකුණන්න යනව කියලා හිතන්නකො. මිනිස්සු Online ඇවිත් සපත්තු මිල දී ගනී කියලා ඔයා අනුමානය කරනවා. මේක මට ලාභදායී සහ දිගුකාලීන Business එකක් කරන්න පුළුවන් වෙයි කියලා අනුමානය කරනවා. තාම ෂුවර් නෑ. ඉතින් මේ The Lean Startup කියන පොත අපිට පැහැදිලි කරන්නේ ලෝකෙ නැති Master Plan ගහන්න කලින් මුලින්ම පුළුවන් තරම් ලේසියෙන් සහ ඉක්මනින් මේ Hypothesis එක මේ අනුමානය Test කරන්න පුළුවන් ලේසිම ක්‍රමයෙන් Test කරන්න. උදා:- Zappos කියලා Online එකෙන් සපත්තු විකුණන Startup එකක් තිබුණා. ඒගොල්ලො කොහොමද දන්නවද මේක කරේ? Fake Website එකක් අරගෙන ඒකට Google එකෙන් සපත්තු වල පින්තූර ටිකක් අරගෙන Website එකට දැම්මා. ඉතින් මිනිස්සු ඇවිල්ලා සපත්ති වල පින්තූර Click කරන ප්‍රමාණය අනුව ඒගොල්ලො තේරුම් ගත්තා, ඒගොල්ලන්ගෙ අනුමානය සනාථ කරගත්තා “හරි, මිනිස්සු Online ඇවිත් සපත්තු හොයනවා.” වැඩිය අවශ්‍ය නෑ. Netflix ආයතනයත් මෙහෙම වැඩක් කරා. දැන් ඒගොල්ලො Online Video Streaming Platform එකක් විදියට එන්න කලින් ඔවුන් මුලින් කරේ DVD එකක් ඔයාගෙ ගෙදරට කුරියර් කරන එක. ඒගොල්ලන්ට මේ අදහස Test කරන්න උවමනාවක් තිබ්බා. මොකද, එයාලට තිබ්බෙ මේ වැඩේ හරියයි කියලා අනුමානයක් විතරයි. Netflix එකේ එක Founder කෙනෙකුගෙ ගෙදරට මෙයින් එකක් කුරියර් කරලා බැලුවා ඇත්තටම මේක යයිද කියලා. ඒ විදියට තමයි ඒගොල්ලො ඒ Idea එක Test කළේ. ඉතින් මේ Test එක කරන එකත් ඔයාට විධි 2කින් කරන්න පුළුවන්.
Value Hypothesis Test- ඒ කියන්නෙ, ඔයාගෙ Product එක සම්බන්ධයෙන් Cusromers ලා කොච්චරක් ඔයාගෙ Product එකට වටිනාකමක් ලබා දෙනවද? ඒගොල්ලන්ට කොච්චරක් මේක ඕනෙද කියන එක ඔයාට Test කරන්න පුළුවන්.
Growth Hypothesis Test- ඒ කියන්නෙ ඔයාගෙ Business එක කොයි තරම් ඉක්මනින් දියුණු වෙයිද? ඒක දියුණු වෙන Product එකක්ද? මේකත් ඔයාට Test කරලා බලන්න පුළුවන්.
ඉතින් මේ Value Hypothesis Test එකයි, Growth Hypothesis Test එකයි කියන මේ 2ම ඔයා ඉක්මනින් කරන තරමට ඔයා ඔයාගෙ Startup එකට යොමු කරන කාලයෙන් ඔයාට වටිනාකමක් ලබා ගන්න පුළුවන්. උදා:- Facebook එකෙන් මේ Test 2ම ඒගොල්ලො සනාථ කරපු විදියත් මේ පොතෙන් අපිට පැහැදිලි කරනවා. කොහොමද දන්නවද? දැන් මේ App එක හදපු ගමන්ම මේකට Register වුණ කට්ටියක් ඉන්නවනෙ. අන්න ඒ Users ලගෙන් බාගයකටත් වඩා වැඩියෙන් අඩුම දවසකට සැරයක්වත් App එකට Log වුණා කියලා මේගොල්ලො දැක්කා. ඒ කියන්නෙ මිනිස්සු මේකට වටිනාකමක් දීලා තිබ්බා. අර Value Test එක මේකෙන් සනාථ වුණා. App එක මුලින්ම Lounge කරේ විශ්ව විද්‍යාල සිසුන්ටනෙ. ටික කාලෙකින් මේක Lounge කරපු University එකේ 75%ක්ම මේ App එක Download කරලා පාවිච්චි කරන්න ගත්තලු. ඒ කියන්නෙ Growth Test එකත් හරි. මෙන්න මේ හේතු නිසා තමයි මුල් කාලෙදි Investors ලා පිස්සුවෙන් වගේ මේ Business එකට සල්ලි Invest කරේ.
(3) ඔයාගෙ Product එකේ MVP එකක් හදන්න පුළුවන්ද බලන්න
පුළුවන් නම් ඔයා Market එකට දාන්න යන Product එකේ Minimum Viable Product එකක් හදන්න. ඒ මොකක්ද ඒ? ඒ කියන්නෙ, ඔයා Market එකට දාන්න යන Product එකේ සම්පූර්ණයෙන්ම නැතුව ලේසියෙන්ම හදන්න පුළුවන් සරල Basic ම Product එකක් හදලා Market එකද දාලා ඒ Product එක සම්බන්ධයෙන් Customers ලගෙන් Feedbacks අරගන්න. මොකද ගොඩක් Founders ලා ඉන්නවා ඒගොල්ලන්ගෙ හිතේ විතරයි Business එක තියාගෙන ඉන්නෙ. Customer ට ඒක ඕනෙද එපාද කියලවත් ගණන් ගන්නෙ නෑ. මේකට උදාහරණයක් විදියට මේ පොත අපිට පැහැදිලි කරනවා, Dropbox එකේ Founders ලා මේ අදහස ආවට පස්සෙ එයාලට හිතුණා, මේක අපිට Execute කරන්න ලොකු Investment එකක්, ලොකු කාලයක් ඕනෙ. ලොකුවට හිතන්න ඕනෙ. ඒකට අපිට වෙලාවක් නැති නිසා මේ Idea එක හොඳයිද නැද්ද කියලා කොහොමද අපි දැනගන්නෙ? කොහොමද දන්නවද එයාලා මේක Test කරේ? ඔවුන් මේ අදහස දාලා, අපි මෙහෙම Product එකක් හදන්න යනවා. ඒකෙන් ඔයාට ලැබෙන වාසි මේකයි. ඔයාගෙ ජීවිතේ ලේසි වෙන්නෙ මෙන්න මෙහෙමයි කියලා ඒගොල්ලො Video එකක් Upload කරලා Publish කරා. මේක බලපු අයට Link එකෙන් Register වෙන්න පුළුවන් කියලා Link එකකුත් දාලා තිබ්බා. එක රැයින් 75000ක් Users ලා මේකට Log වුණා. මේකෙන් ඔවුන් තේරුම් ගත්තා ඔවුන්ගේ Product එකට අනාගතයක් තියෙනවා කියලා. මේ විදියට ඔයාගෙ MVP එක සරල Video එකක් වුණත් වෙන්න පුළුවන්.
(4) Build, Measure, Learn (BML Cycle එක සැරින් සැරේ වේගෙන් කරන්න)
ඒ මොකක්ද ඒ? දැන් ඔයා MVP Product එකක් හැදුවා කියලා වැඩේ ඉවර වෙන්නෙ නෑ. ඔයාගෙ Product එක Market එකට අවශ්‍ය විදියට Market එකේ ඉල්ලුම තියෙන විදියට Fine tune කරලා Product market fit එකත් ඔයා හොයාගන්න ඕනෙ. මේකට පියවර 3ක් තියෙනවා.
Build – මේකෙදිත් ඔයා අර කලින් කිවුවා වගේ ඔයාගෙ Product එක වෙනුවෙන් හදන්න පුළුවන් සරලම, Basic ම, Simple ම Product එකක MVP එකක් හදන්න ඕනෙ.
Measure – ඒ කියන්නෙ, ඔයාගෙ MVP එක Customers ලට දීලා ඒගොල්ලන්ගෙන් Feedbacks ගන්න. මේක හොඳද, මේක හොඳ නැද්ද, ඇයි මේක හොඳ නැත්තෙ, මේක මෙහෙම කරොත් මොකද වෙන්නෙ, ඇයි මේක අයින් කරන්න කියන්නෙ කියලා ප්‍රශ්න අසමින් ඔයාගෙ Measure Stage එකේදි ඔයා ඒක වලංගු කරගන්න ඕනෙ.
Learn – ඔයා ඒ ගත්ත Feedbacks වලින් ඔයාට වෙනස්කමක් කරන්න පුළුවන් නම් ඒ වෙනස්කම කරන්න.
මේ විදියට Build, Measure, Learn කියන මේ Circle එක සැරින් සැරේ සැරින් සැරේ ඔයාගෙ Customers ලත් එක්ක ඔයා ඒක වැඩියෙන් කරන තරමට ඔයාට Market එකට ගැළපෙන Customers ලට ඕනෙ කරන හරිම Product එක ඔයාට Lounge කරන්න පුළුවන්. මේක තමයි මේ පොතෙන් අපිට පැහැදිලි කරන්නෙ. මේ පොත කියන ත්ව වැදගත් Point එකක් තමයි දැන් ඔයා මේ විදියට BML Circle එක කරගෙන යනකොට ඔයාට ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න Spilt test කියන මේ Strategy එකත් Follow කරන්න. උදාහරණෙකට හිතන්න, ඔයාගෙ Product එක සම්බන්ධයෙන් Leaflet එකක් Design කරලා ඒකට ඕනෙ නම් කතා කරන්න කියලා නම්බර් එකක් දාලා ඔයා එක Area එකකට ගිහින් එක පාරිභෝගික පිරිසකට ඒ ටික බෙදනවා. ඒගොල්ලො කැමති නම් ඔයාට කෝල් කරයි. ඊළඟට ඒ Product එකම තව Leaflet එකක් හදලාමේ Product එකේ Features දාලා වැඩිපුරත් එක්ක Options ටිකක් දාලා වෙන නම්බර් එකක් දාලා වෙන Area එකකට ගිහින් ඔයා ඒ Leaflet ටික බෙදනවා. ඉතින් මේ Leaflet වල දාලා තියෙන නම්බර්ස් ගත්තොත් වැඩිපුරම කෝල් එන්නෙ මොන නම්බර් එකටද කියන එකෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන්ලු කොයි Features වලටද මිනිස්සු කැමති, කොයි Features වලටද මිනිස්සු වැඩි අවධානයක් දෙන් නැත්තෙ, මේ Features තිබ්බොත් මිනිස්සු කෝල් කරනව වැඩී, මිනිස්සු මේ Product එකට කැමතිද නැද්ද කියන එක මේවගේ දේවල් කරොත් ඔයාට අදහසක් ගන්න පුළුවන්. මේ පොත අපිට කියන විදියට Test version දෙකක් හදලා වැඩිපුරම මිනිස්සු කැමති මොකක්ද කියලා ඔයාට දැනගන්න පුළුවන්.
(5) ඔයාගෙ Business එක Pivot කරන්න ලෑස්තිපිට ඉන්න
සාමාන්‍යයෙන් Founders ලා ගොඩක් මෙතනදි මේ වැරැද්ද කරනව. ඒ කියන්නෙ, තමන්ගෙ අහංකාරකම නිසාද දන්නෙත් නෑ, Market එකට අවධානය දෙන් නැති නිසාද දන්නෙත් නෑ එහෙම වරද්දගන්නෙ. ඒ තමයි ඔයාගෙ Startup එකේ හරියටම හරියන Business Module එක හම්බුණේ නැත්නම් ඔයාට ඔයාගෙ Business එක Pivot කරන්න සිද්ධ වෙයි. ඒ මොකක්ද ඒ? මේ පොත අපිට පැහැදිලි කරනවා ගොඩක් Startup Founders ලා හිතනවා මේක මගේ මහන්සිය, මේක මගේ Idea එක, මේක තමයි වසරේ Idea එක. මං මේක වෙනස් කරන්නෙ නෑ කියලා තමන්ට හිතුමතේ Customerට ඕන් නැති Product එකක් අවුරුදු ගාණක් තිස්සෙ Develop කරලා තමන්ගෙ සල්ලි සහ කාලය නැති කරගන්නවා. ඒ වෙනුවට ඔයා කරන්න ඕනෙ Market එකට ඕනෙ විදියට ඔයාගෙ Business Module එක ඔයා Adjust කරගන්න ඕනෙ. Pivot කරගන්න ඕනෙ. ඔයා ඔයාගෙ Product එක Target කරන්නෙ වයස අවුරුදු 18-25 අයට නම් ඔයාට බලන් යනකොට පේනවා මේක 30ට වැඩි අය තමයි හොඳටම පාවිච්චි කරන්නෙ. එතකොට ඔයාට ඔයාගෙ Target Audience එක Pivot කරන්න පුළුවන්. තව විදියකට කියනව නම් ඔයා ඔයාගෙ Product එකක් Super market එකක දාලා විකුණන්න යනව කියලා හිතන්න. හැබැයි බලන් යද්දි පේනවා ඊටත් වඩා Online එකෙන් විකුණන්න පුළුවන් කියලා. එතකොට ඔයාට ඔයාගෙ Sales channel එක වෙනස් කරන්න පුළුවන්. උදා:- Twitter එක මුල් කාලෙදි ආවෙ Podcasting App එකක් විදියට. ඒ කියන්නෙ, Audios Share කරන්න පුළුවන් App එකක් විදියට. හැබැයි ඔවුන් ඒක Market එකට Lounge කරන්න කලින් Apple ආයතනයත් ඒ වගේම App එකක් හැදුවා. මේගොල්ලො දැනගත්තා අපේ Capacity එකත් එක්ක Apple ආයතනත් එක්ක කොහෙත්ම අපිට තරඟ කරන්න බෑ කියලා. මේ හේතුව නිසා තමයි ඒගොල්ලො අද Twitter තියෙන තැනට ඒක Pivot කරේ. අද Twitter කොයිවගේ තැනකද තියෙන්නෙ. ඉතින් මේ පොත අපිට පැහැදිලි කරන්නෙ සති දෙකකට වතාවක් හරි ඔයාගෙ Partners ලත් එක්ක Customers ලගෙ Feedbacks අරගෙන බලන්න ඔයාගෙ Startup එකේ Module එක Pivot කරන්න ඕනෙද එපාද කියලා.
(6) Engine of growth එකට අවධානය දෙන්න
Startup එකක් වුණාම ඕගොල්ලො එක Engine of growth එකකට තමයි අවධානය දෙන්න ඕනෙ. මේ The Lean Startup කියන පොතෙන් අපිට පැහැදිලි කරන දෙයක් තමයි Startup එකක් වුණාම Engine of growth වර්ග 3ක් තියෙනවා. ඔයාගෙ Startup එක දියුණු කරන්න පුළුවන් Engines 3ක් තියෙනවා. දැන් ඔයාට මේ තුනටම එකපාර අවධානය දෙන්න පුලුවන්. හැබැයි මේ පොත අපිට Recommend කරන්නෙ එක Engine එකකට එකපාර අවධානය දෙන්න කියලා.
Sticky engine – ඒ කියන්නෙ, ඔයාට ඕනෙ අලුතෙන් Customers ලව මේකට දාගන්න නෙමෙයි. ඔයාට ඕනෙ දැනට ඉන්න Customers ලව පුළුවන් තරම් ඔයාගෙ Product එක පාවිච්චි කරන්න සලස්වන්න. ඔයාගෙ Platform එකේ තියාගන්න. ඔයාගෙ Service ගන්න තැන තියාගන්න. ඒ කියන්නෙ අලුත් Features, අලුත් Options දීලා ඒගොල්ලන්ව පුළුවන් තරම් Satisfy කරලා තියාගන්න එක තමයි ඔයාගෙ එකම අවධානය. ඔයාට තියෙන්නෙ එහෙම අවධානයක් නම් ඔයා Focus කරන්න ඕනෙ Sticky engine එක.
Viral engine – මේකෙදි වෙන්නෙ ඔයාගෙ Product එක පාවිච්චි කරන Customers ලව භාවිතා කරලා ඔයාගෙ Marketing එක කරන්න සලස්වනව. ඒ කියන්නෙ Word of mouth එක පාවිච්චි කරලා. මේක සමහරවිට Viral යන්නත් පුළුවන්. ඔයාගෙ Advertising cost, Marketing cost නෑ. මේකට නම් ඔයා අවධානය දෙන්නෙ ඒ කියන්නෙ ඔයා Focus කරන්නෙ Viral engineඑකට.
Paid engine – මේකෙදි වෙන්නෙ ඔයා පුළුවන් තරම් සල්ලි Invest කරනව Marketing එකටයි Advertisment එකටයි. ඔයා පුළුවන් තරම් මේක ඇතුළට කට්ටියව ගේන්න තමයි උත්සාහ කරන්නෙ. ඒත් මේක කරන්නත් Customers ලගෙන් Revenue එකක් එන්න ඕනෙ. නැත්නම් ඔයාට Paid engine එකට වියදම් කරන්න සල්ලි නෑ.
Startup එකක් පටන් ගන්න පුළුවන් අතිසාර්ථක පියවර 6ක්, කිසිම කෙනෙක් ඔයාට කියලා දෙන් නැති ප්‍රායෝගික ක්‍රම 6ක් ඕනෙම කෙනෙක්ට තේරෙන විදියට සරලව අපි පැහැදිලි කරා. අපි හිතනව මේ ලිපියෙන් ඔයාට ලොකු වටිනාකමක් ලැබෙන්න ඇති කියලා. ඔබට ජය!
0 Comments