ඔබට මේ භෞතික ලෝකෙ ඇතුලෙ අරමුණු, හීන ගොඩක් ඇති. හැබැයි ඔයා ඒ අරමුණු ඉෂ්ට කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔයා ඔයාගෙ Mind එක control කරන විදිය අනුව තමයි. හිතන්න ඔයාගෙ අරමුණ කවද හරි ධනවත් වෙන එක නම්, ඒක කරන්නෙ කොහොමද? හරි ගැඹුරු ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියලා තියෙන ලෝක ප්‍රකට පොතක් තමයි නැපෝලියන් හිල් (Napoleon Hill) ගේ Think And Grow Rich කියන පොත. Jhone D Rockefeller, Andrew Carnegie, Henry ford, Thomas Alva Edison වගේ ලෝකෙ ධනවත් වුණු මිනිස්සු 500කට වැඩියෙන් Interview කරලා අවුරුදු 30කට වැඩි Research එකකින් තමයි මේ ධනවත් වීමේ කලාව Think And Grow Rich කියන පොතකින් එළිදක්වලා තියෙන්නෙ. ඉතින් මොකක්ද මේ පොත ඇතුළෙ තියෙන්නෙ.
(1) Two parts of your mind (ඉතින් මේ පොත ගත්තම ඔයාගෙ මනස ප්‍රධාන කොටස් 2කට බෙදෙනවා.)
1-Conscious Mind (උඩු සිත)
2-Sub Conscious Mind (යටි සිත)
ඉතින් මේ දෙක අනුව ඔයා හිතන විදියට වැඩියෙන්ම බලවත් මොකක්ද? මේ පොතෙන් කියනවා, ඔයාට ලොකු හීන අරමුණු වලට යන්න තියෙනව නම් මේ හැම එකක්ම Control කරන්නෙ ඔයාගෙ යටි සිත. හැබැයි ඔයාගෙ යටි සිත Control කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් ලස්සනම දේ තමයි, මේ Think And Grow Rich කියන පොතේ මූලිකම දේ වෙන්නෙ ධනවත් වෙන්න නම් ඔයා කොහොමද ඔයාගෙ යටි සිත Control කරන්නෙ කියලා විස්තර කරන එක.
(2) Three main characteristics of your subconscious mind (ඔබේ යටි සිතේ තියෙන ප්‍රධාන ලක්ෂණ 3)
ඔයාගෙ යටි සිත Program කරන්නෙ කොහොමද කියලා දැනගන්න කලින් ඔයා දැනගන්න ඕනෙ ඔයාගෙ යටි සිතේ තියෙන ප්‍රධාන ලක්ෂණ 3 මොනවද කියලා.
1- ඔබේ උඩු සිත යටි සිත පාලනය කරනවා
උදා:- ගෙවත්ත ඔබේ යටි සිත කියලා හිතන්න. ඒ ගෙවත්ත නිර්මාණය කරන කෙනා තමයි උඩු සිත වෙන්නෙ. නිර්මාණය කරන කෙනා මත තමයි ඔයාගෙ ගෙවත්ත ලස්සනද නැද්ද කියලා තීරණය වෙන්නෙ.
2- යටි සිත හැම වෙලේම වැඩ කරමින් ඉන්න බව
යටිසිත කිසිම විටෙක වැඩක් නොකර ඉන්නෙ නැහැ. හැම පොඩි ඉඟියක්ම යටි සිත ග්‍රහණය කරගන්නවා. හැබැයි, මේ පොතේ තියෙන විදියට ගොඩක් මිනිස්සු තමන්ගෙ යටි සිත වැරදි විදියට තමයි පාවිච්චි කරන්නෙ.
උදා:- ඔයාගෙ වටපිටාව අරගෙන බලන්නකො. ධනවත් වෙන එක, සාර්ථක වෙන එක ගැන කොච්චර සෘණාත්මක දේවල්ද ඔයාගෙ වටේ තියෙන්නෙ කියලා ඔයා කල්පනා කරාද. ඔයා ටීවි එකේ බලන දේවල්, සෝශල් මීඩියා එකේ බලන දේවල්, ආශ්‍රය කරන යාළුවන් ධනවත් වීම සම්බන්ධයෙන් හොඳ විදියටද කතා කරන්නෙ? ෆිල්ම් එකක් අරන් බැලුවත්, දුශ්ටයා කරලා තියෙන්නෙ කාවද? ඒ ගොඩක් වෙලාවට හොඳට සල්ලි තියෙන කෙනෙක්ව. ධනවත් කෙනෙක් වැරැද්දක් කරොත් ඒක Highlight කරලා පෙන්වනවා. ඉතින් ඒවා අපට නොදැනුවත්වම යටි සිත අඳුරගන්නවා. ඒ යටි සිත හැමවෙලේම Active නිසා. ඉතින් ඔයාගෙ සිතුවිලි වලත් තියෙන්නෙ භය, දුප්පත්කම, ඉදිරියට යන්න බැරිකම වගේ සෘණාත්මක සිතුවිලි නම් මේ පොතේ තියෙන විදියට හැම වෙලේම Active නිසා යටි සිත ඒවා Program කරගන්නවා. හැබැයි මෙය ධනාත්මක විදියටත් මේ ආකාරයමයි. සාර්ථක වෙන එක, වැඩ කරන එක, Perform කරන එක වගේ දේවල් නම් ඔයාගෙ සිතුවිලි විදියට එන්නෙ, ඔයාගෙ යාළුවෝ කතා කරන්නෙ ඔයාගෙ යටි සිත ඒවා ඳුරගන්නවා.
3-කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්නෙ නෑ
ඔයාගෙ යටි සිතට ඒ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා අදාල නෑ. ඔයා හොඳ දෙයක් හිතුවත් නරක දෙයක් හිතුවත්, ඒක කරන්න පුළුවන්ද, එහෙම කරොත් Posibility එකක් තියෙනවද, එහෙම කරන එක ප්‍රායෝගිකද ඒවා මුකුත් යටි සිත හිතන්නෙ නැහැ. ඔයාගෙ අරමුණ හඳට යන්න නම්, කොහොම හරි ඔයාට හඳට යන්න පාරක් හොයලා දෙන එක තමයි සටි සිතේ කාර්යභාරය වෙන්නෙ.
ඉතින් මේ කරුණු 3 තමයි ප්‍රධාන වශයෙන් මේ පොතේ ඔයාගෙ යටි සිතේ තියෙන ප්‍රධාන ලක්ෂණ 3 විදියට මූලිකව ඉදිරිපත් කරන්නෙ.
(3) Four ways to program your sub conscious mind (කොහොමද ඔබ ධනවත් වෙන මනසක් හදා ගන්න ඔබේ යටිසිත Program කරන්නෙ)
ඊළඟට මේ Think And Grow Rich කියන පොත තවත් පියවරක් ඉදිරියට ගිහින් අපට කියලා දෙනවා කොහොමද ඔබ ධනවත් වෙන මනසක් හදාගන්න ඔබේ යටි සිත ඒ සඳහා Program කරන්නෙ කියලා. මේ සඳහා කරුණු 4ක් මේ පොතේ පැහැදිලි කරනවා.
1- ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් පැහැදිලි අරමුණක් හදාගන්න
ඔයාගෙ Target එක, Goal එක,Vision එක මොකක්ද කියලා එකපාර තේරෙන පැහැදිලි විදියට සටහන් කරගන්න.
උදා:- මං මගෙ Business එක Grow කරගන්නව කියන එක එච්චර පැහැදිලි අරමුණක් නෙමෙයි. එය යටි සිතට ග්‍රහණය කරගන්න ලේසි අරමුණක් නෙමෙයි. ඒ කියන්නෙ ඒ අරමුණ පැහදිලි නැති බොඳ අරමුණක්. මම ඊළඟ අවුරුදු 2 ඇතුලෙ බිලියනයක ආදායමක් අරගෙන කොහොම හරි මගේ බිස්නස් එක Grow කරනව කියලා කිවුවොත්, අන්න ඒක කලින් කියපු එකට වඩා ලේසියෙන් යටි සිතට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක ලේසි අරමුණක් නිසා යටි සිත දන්නවා ඊළඟට මොකක්ද කරන්න ඕනෙ කියලා.
2- Auto Suggestion එකේ Power එක පාවිච්චි කරන්න
ඒ මොකක්ද ඒ? ඔයාට Life එකේ පැහැදිලි අරමුණක් තියෙන එක විතරක් මදි. ඒක ඔයාගෙ යටි සිතට තවත් ග්‍රහණය වෙන්න ඕනෙ නම් ඒක ඔයා යටි සිතට Repeat කර කර ඉන්නත් ඕනෙ. එතකොට තමා ඒක සාමාන්‍යකරණය වෙලා Auto suggestion එකක් විදියට ඔබේ මනසෙ Save වෙන්නෙ. මොකද, Expertලා කියන විදියට ඔබේ සිතුවිලි සහ ඔබ කතා කරන වචන අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. ඔයා කතා කරන වචන වලින් ඔයා ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉතින් ඔයාට ඕනෙ ඊළඟ් අවුරුදු 2 ඇතුලෙ කොහොම හරි 1 Million Income එකක් අරගන්න නම්, ඒක ඔයාගෙ Business partner එක්ක නිතරම කතා කරන්න පුළුවන්, ඒක ඔයාගෙ Employersලට කියන්න පුළුවන්, ඔයාට ඔයත් එක්කම කතා කරන්න පුළුවන්. මේ වගේ ඒ සිතුවිල්ල Repeat කරන්න පුළුවන් විධි ටිකක් ඔයා හොයාගන්න ඕනෙ.
3- ඔයාගෙ හැඟීම් මේකට එකතු කරන්න
ඔයාට Emotions, හැඟීම් වල තියෙන මේ වටිනාකම තේරුම් ගන්න. ඔයාට පැහැදිලි අරමුණක් තිබ්බත් මදි. ඒක නිතර නිතර Repeat කර කර හිටියත් මදි. ඒක ඔයා මොකක් හරි හැඟීමක් එක්ක එකතු කරන්න ඕනෙ. මොකද හැඟීමක් නැති සිතුවිල්ලකට ලොකු දෙයක් කරන්න බැහැ. Logic එක විතරක් තිබ්බට මදි. මොකද, ධනාත්මක සිතුවිල්ලකට හැඟීමක් එකතු වුණොත් ඒකට තවත් ධනාත්මක සිතුවිලි ආකර්ෂණය කරගන්නවා. (Positive thought + Emotion = Attracts Positive Thoughts)
ඉතින් මේ Think And Grow Rich කියන පොත කියන්නේ, ඔයාගෙ අරමුණට ඔයාට යන්න පුළුවන් වුනා නම් ඔයාට කොයි වගේ හැඟීමක්ද ඔලුවට එන්නෙ? හිතන්න, ඔයාගෙ බිස්නස් එකෙන් 1 Million Income එකක් ඔයාට ලැබෙනවා. ඔයාට කොයි වගේ හැඟීම් ටිකක්ද එන්නෙ? ඔයාට ගොඩක් සතුටු හිතෙනවද, සතුට වැඩිකමට ඔයා අඬනවද නැත්නම් ඔයාගෙ Motivation තවත් වැඩි වෙලා ඔයා තවත් ලොකු අරමුණක් හදාගන්නවද, ඔයාව දැකලා තව කීදෙනෙක් Motivate වෙයිද? මේක නිකම් අර කොවිඩ් එකට වැක්සීන් එක ගහනව වගේ වැඩක්. කොවිඩ් හැදෙන්න කලින් ඔයා වැක්සීන් එක ගහනව වගේම ඔයාට ඒ අරමුණ ඉෂ්ට කරන්න කලින් ඒකෙ හැඟීම ඔයා ඇඟට Inject කරගන්න ඕනෙ. හරි, දැන් ඔයාට පැහැදිලි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් අරමුණක් තියෙනවා. ඒක ඔයා නිතර නිතර Repeat කරලා ඔයා ඔයාගෙ Auto suggestion එකටත් ඒක අරගෙන ගිහින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේක ඔයා ඔයාගෙ හැඟීමක් එක්ක එකතු කරලා, ඒක වෙන්න කලින් මට දැනෙන හැඟීම කොයි වගේද කියලත් ඔයා හිතලා ඉවරයි. මේක තව දුරටත් ඔයාගෙ යටි සිතට ඔයාට අරගෙන යන්න පුළුවන්. කොහොමද ඒක කරන්නෙ? මේ Think And Grow Rich කියන පොත අපිට කියලා දෙනවා.
4- අරමුණ ඉෂ්ට වුණා කියලා හිතාගන්න
දැන් හිතන්න, ඔයාගෙ අරමුණ ඔයාගෙ Income එක Double කරන එක නම් ඒක වුණා කියලා හිතන්න. ඒක වුණොත් ඔයාගෙ ජීවිතේ කොහොමද වෙනස් වෙන්න යන්නෙ. Lifestyle එක කොහොමද වෙනස් වෙන්නෙ. ඒක දකින්න. මේ පොත විශේෂයෙන් Highlight කරන දෙයක් තමයි, ඔයාට අරමුණක් තියෙනවා කියලා හිතන්න එපා. ඒක වුණා කියලා හිතන්න. ඉතින් මේ Steps 4ම ඔයා Follow කරොත් සෘණාත්මක සිතුවිලි වලට ඔයාගෙ මනසට ඇවිත් ව්‍යාප්ත වෙන එක කරන්න අමාරු දෙයක් බවට පත් වෙනවා.
මේ Think And Grow Rich කියන පොතේ ගොඩාක් සංකීර්ණ වචන වලින් අපිට පැහැදිලි කරපු ඔයාගෙ යටි සිත ඔයා ධනවත් වෙන විදියට Program කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව පියවර 4ක් ඔයා දැන් දන්නවා. හැබැයි, මෙතනින් නවතින්නෙ නැහැ. මේ පොත තවත් එක පියවරක් ඉස්සරහට ගිහින් මේක කරන්න පුළුවන් එක කෙටි ක්‍රමයක් අපට පැහැදිලි කරනවා.
(4) Burn the boats concept
ඔව්, කලින් කියපු දේවල් 4 කරොත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් තමයි. ඒත් මේක ඔයාට හරි ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. හැබැයි මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්න පුළුවන් ඔයාටම තමයි. පොතේ තියෙන උදාහරණත් එක්කම පැහැදිලි කරොත් මේ ක්‍රමය Burn the boats concept. ඉතිහාසයේ සිදුවීමක් වෙලා තියෙනවා එතනදි Hernando Cortes කියලා කෙනෙක් එයාගෙ සෙබලුන් සමඟ නැව් වලින් රටක් අල්ලගන්න යනවා. ඒ තමයි අද මෙක්සිකෝව කියලා හඳුන්වන රට. හැබැයි මේ සෙබළු එක්ක එහෙට ගොඩබැස්සට පස්සෙ ඔවුන් දකිනවා ඒ රටේ සතුරු සෙබළු ගාණ ඔවුන්ගෙ සෙබලුන්ට වඩා ගොඩක් වැඩි බව. දැන් මොකක්ද සිද්ධ වුණේ? Hernando Cortes දැක්කා ඒ සෙබලු ටිකක් බය වෙලා තියෙනව කියලා. ඊටපස්සෙ ඔවුන් කතා වෙන්න පටන් ගත්තා අපිට මේ සටන දිනන්න පුළුවන් වෙයිද, බැරි වුණොත් පැනගන්නෙ කොහොමද වගේ දේවල් නිසා. දැන් Hernando Cortes දැක්කා ඔහුගේ සෙබලු ටිකක් පසුබැස්සා කියලා. ඉතින් ඔහු මේකට මොකක්ද කළේ? ඔහු සෙබලු ටිකට අණ දුන්නා ඔවුන් ආපු නැව් ඔක්කොම ගිණි තියන්න කියලා. ඒ ඇයි තමන්ගෙම නැව් ටික ගිණි තියාගත්තෙ. මේ පොතේ තියෙන විදියට මේකෙන් සිද්ධ වුණේ මෙහෙම දෙයක්. තමන් ආපු නැව් ටික ගිණි තිබ්බ එකෙන් ඒ සෙබලු ටිකට තේරුණා පැනලා යන්න Option එකක් නැහැ. තියෙන එකම Option එක සටන් කරලා දිනන එක විතරයි කියලා. It’s a Do or Die. වෙන Option එකක් තිබ්බෙ නැති නිසා මේ සෙබලුන්ට තිබ්බ එකම Option එක සටන් කරලා දිනන එක නිසා, මේ සෙබලු හිතාගන්න බැරි විදියට මේ සටනින් ජයග්‍රහණය කරා කියලා මේ පොතේ සඳහන් වෙලා තියනවා.
ඉතින් මේ Think And Grow Rich කියන පොත කියන්නේ, ඔයාට අරමුණක් තියෙනව නම් ඒ අරමුණ ඉෂ්ට කරේ නැත්නම් ඔබට වෙන Option එකක් නෑ කියන එක ඔයාගෙ යටි සිතට Program කරන්න කියන එක කියලා තමයි අපිට උපදෙස් දෙන්නෙ.
උදා:- ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඕනෙ කියන අරමුණ තියෙනව නම්, මේක හරි ගියෙ නැත්නම් මං ජොබ් එකක් කරනව, මේක හරි ගියෙ නැත්නම් මම රට යනව වගේ Options ගොඩක් ඉස්සරහට දාගන්නෙ නැතුව, මේක හරි ගියෙ නැත්නම් මට වෙන කරන්න දෙයක් නෑ කියන සිතුවිල්ල ඔයාගෙ යටි සිතට දාගන්න පුළුවන් නම් (මේක කරන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි එහෙම කරන්න පුළුවන් නම්) ඔබට ඒක කරන්න පුළුවන් විදියක් යටි සිත කොහොම හරි හොයලා දෙනවලු.
ගොඩක් බර වචන දාලා, සෑහෙන පිටු ගාණක තියෙන ඉතාමත් ලෝකප්‍රකට වටිනා පොතක තියෙන සාරාංශය මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කළා. ඉතින් අපි හිතනවා මේ ලිපියේ අන්තර්ගතය ඔබේ ජීවිතය වෙනස් කරාවි කියලා.
සුබ දවසක්!
0 Comments