මානසික අවපීඩනය සමඟ කටයුතු කරන්නේ කෙසේද? | How To Deal With Depression? | time2talk

ඔයා ඔයාගෙ ජීවිතයේ ආතතිය හෝ කාංසාව හෝ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් හෝ ඔයාගෙ ජීවිතයේ දුෂ්කර කාලයක් තියෙනවා නම්, ඔයා මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒතමා,
ඔයා මේ ලෝකයේ තනිවෙලා නෑ. ඔයාට උදව් උපකාර නෑ කියලා හිතන්න එපා. කවුරුත් ඔයා ගැන සැලකීමක් නෑ කියලා හිතන්න එපා. සත්‍යය නම්, ඔයාට උදව් කරන්න පුළුවන් සහ ඔයාට උදව් කරන්න කැමති පිරිස් බොහොමයක් ඉන්නවා. ඔයා කරන්න ඕනේ, මඳක් පිටතට ගොස් නිවැරදි පුද්ගලයන්ගෙන් සහ නිවැරදි ස්ථානවලින් උපකාර ලබා ගැනීමයි.

ජීවිතය අප වෙත අභියෝග එල්ල කරන විට, ජීවිතයේ දුෂ්කර අවස්ථා ඇතිවෙන විට, මානසික අවපීඩනය හෝ ආතතිය හෝ ගැටලුවලට මුහුණ දෙන එකම පුද්ගලයා තමන් විතරයි කියලා හිතන්න අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නවා.
ඒ වුනත් සත්‍යය නම්, ඔයා ලෝකය දකිනවා නම්, මේ ජීවිතයේ අරගල කරන සහ දුක් විඳින මිනිසුන් මිලියන ගණනක් ඉන්නවා, අපි හැමෝම මේ ලෝකයේ ජීවත් වීමට අපගේ ජීවිතවල අරගල කරනවා, ඒ නිසා ඒක තමන්ට විතරක් උරුම වුන දුකක් නෙමේ, අපි හැමෝටම උරුම දෙයක්.

ඉපදීමක අනිවාර්යෙන්ම දුකක් තියෙනවා. ඒක තමයි යථාර්ථය. නමුත්, අපි මේ දුක ගැන හිතන්න කැමති නැහැ. අපව සෘණාත්මක කරන්නේ දුක් වේදනා නොවේ. අපව සෘණාත්මක කරන්නේ දුක් විඳීමට අප අල්ලාගෙන සිටින ඉදිරි දර්ශනයයි. ඉතින්, අද මේ ලිපියෙන් අපි කතා කරන්නේ මානසික අවපීඩනය සහ මානසික අවපීඩනයෙන් මිදෙන්නේ කෙසේද යන්න ගැන නෙමේ. මානසික අවපීඩන සිතුවිලි හෝ කනස්සල්ලට පත්වන සිතුවිලි හෝ ඔබට ඇති ඕනෑම ආකාරයක මානසික පීඩාවන් සුව කර ගැනීමට උපකාරී වන සරල පිළිවෙතක් ඔයාට කියලා දීමටයි.
මෙම පුරුද්ද හැඳින්වෙන්නේ “ ඔබේ සිතුවිලි ගැන සිහියෙන් සිටීම” ලෙසයි.

අපගේ සිතුවිලි ගැන සිහියෙන් සිටීමට අපට පුරුදු විය හැක්කේ කෙසේද?
එය ඉතාමත්ම සරලයි. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක හෝ ඔබට අවශ්‍ය ඕනෑම තැනක එය නිදහසේ කරන්නට පුළුවන්.

අපි අපේ සිතුවිලි ගැන සිහියෙන් සිටින විට,

අපි අපගේ සිතුවිලි විනිශ්චය නොකරන අතර අපිට සිතුවිලි නතර කිරීමට උත්සාහ කරන්නෙත් නැත. නමුත්, අපි මනසට එන දේ, අප සිතන දේ ගැන අපි නිරන්තරයෙන් දැනුවත් වීමක් සිද්ධ කරනවා.
මේ ව්‍යායාමය ඔයාට වාඩි වී ඉන්නකොට, නැත්නම් ඇවිදීමේදී, බස් රථයේ ගමන් කරන විට හෝ ඕනෑම තැනක කරන්නට පුළුවන්.
සරලවම ඔබ කලයුත්තේ “මා සිතන්නේ කුමක්දැයි” ඔබගෙන්ම විමසන්න, එවිට ඔබට “සිතුවිලි”හමුවනු ඇත.
අපි තවත් පැහැදිලි කරගමු.

මානසික අවපීඩනයෙන් පෙළෙන සෑම අවස්ථාවකම, ඔබට ඔබ ගැන කනස්සල්ලක් දැනෙන විට, ඔබට යමක් ගැන දුකක් දැනෙන විට, ඔබ කළ යුත්තේ එය නිරීක්ෂණය කිරීම පමණි. එය සිතුවිල්ලක් ලෙස සලකන්න,

බොහෝමයක් දෙනා තමන්ව මැනගන්නේ මේ සිතුවිලි වලින්. අපි අප ගැන සිතන්නේ අපගේ සිතුවිලි විදිහට, නමුත්, “ඔබ” යනු ඔබේ සිතුවිලි නොවන බව මතක තබා ගන්න, ඔයා වඩාත් සිහිකල්පනාව ඇතුව ඉන්නවා නම් ඔයාගෙ සිතුවිලි වලින් ඔයාව වෙන් කරගැනීමේ හැකියාව ලැබෙනවා.

අපගේ සිතුවිලි වලින් අපව විනිශ්චය කිරීමට අපිට කිසිසේත්ම අවශ්‍ය නෑ, අපි කරන දේ ගැන සිහිකල්පනාවෙන් සිටීමයි කරන්න ඕන. උදාහරණයකින් පැහැදිලි කරොත්, හරියට පාර අයිනේ ඉඳගෙන වාහන ට්‍රැෆික් බලනවා වගේ.
වාහන යනවා පේනවා, බයික් යනවා පේනවා, වෑන්, බස්, මේ වගේ වාහන ඕන තරම් තියෙනවා. ඔයා කරන්නේ ඒවා දෙස බලා සිටීම පමණයි, ඒවා නිරීක්ෂණය කිරීමක් කරන්නේ. අපි මේ වාහන වලට බය වෙලා පාර මැදට පැනලා මේවා නවත්තන්න හැදුවොත්?

නමුත් ඒක තමයි අපි හැමෝම කරන්නේ, මේ දුක්ඛිත හා පීඩිත සිතුවිලි අපේ මනසේ හොල්මන් කරන විට අපි මානසික අවපීඩනයට පත් වූ විට හෝ දුක් වූ විට අපි කරන්නේ එහෙම මැදට පැනලා අතර කරන්න හදන එකයි, අපි ඒවා යටපත් කරන්න හදනවා, අපි ඒවා නවත්වන්න හදනවා, මේ සිතිවිලි නවත්තන්න හදන තරමට ඒක ආයෙ ආයෙ මතක් වෙනවා.

ඉතින් ඔයාට කරන්න තියෙන්නේ,පාර මැද්දට පැනලා වාහන (සිතුවිලි) නතර කරන්න හදන වැඩේ නතර කිරීම විතරයි. අපි සිතුවිලි නතර කරන්න සටන් කරන්නෙ නෑ. නමුත් අපි ඒවා දකිනවා, නිරීක්ෂණය කරනවා.ඒ දේ ඔයාට කරන්න පුළුවන් වෙන්නේ, මේ සරල ප්‍රශ්නය ඔයාගෙන් අහන්න.

“මම මොනවද කල්පනා කරන්නේ?”

එතකොට ඔයාට පෙනෙනවා,
මානසික අවපීඩනයට පත්වෙලා ඉන්නේ මම නෙමේ, මගේ සිතුවිලියි මේ මානසික අවපීඩනයට ලක්වෙලා ඉන්නේ කියල. අපි දැනගන්න ඕන තවත් වැදගත් කාරණාවක් තමා.
සිතුවිල්ලක ස්වභාවය කුමක්ද?
සිතුවිල්ලක් පැමිණ එය ඔයාගෙ මනසෙහි ටික වේලාවක් පවතිනවා, ඉන්පසු එය වියැකී යනවා. ඒතමා සිතුවිල්ලේ ස්වභාවය. ඉතින් ඔයාගෙ ඔලුවට වදදෙන මේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. සිතුවිල්ලකට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.

මතක තියාගන්න, ඔයාට බලාපොරොත්තු රහිත බවක් දැනෙනවා නම්, තමන් හොඳ මදි කියලා හැඟේ නම්, ඔයාගෙ මනස නිතරම කියන ඒ දේ විශ්වාස නොකරන්න, මොකද ඒ ඔයාට එන සිතුවිලි. අපිව හැමතිස්සෙම නවත්වන්නේ මේ පුංචි රාමුවයි. ඔයා සිතනවාට වඩා ඔයා දක්ෂයි. ඔයා හිතනවාට වඩා ඔයා හොඳයි.

අපේ හිත ඇතුලෙන් එන “ මම හොඳ මදි, මට මේ දේවල් කරන්න බැහැ, මට මේ දේවල් කරන්න හැකියාවක් නැහැ කියලා , මම බලාපොරොත්තු විරහිතයි, කවුරුවත් මට උදව් කරන්නේ නැහැ,” මේ වගේ සිතුවිලි වලට පාරෙ ඔහේ ගමන් කරන්න දීලා ඔයා යම් දවසක ඒ මානසිකත්වය වෙනස් කළහොත්, මේ සෘණාත්මක සිතුවිලි අයින් කරලා ධනාත්මක සිතුවිලි වලට මනස ඇතුලේ තියෙන පාරේ වැඩිපුර යන්න දුන්නොත් ඔයා සිතනවාට වඩා වැඩි යමක් ඔයාට කරන්න පුළුවන් කියලා මතක තබා ගන්න. ඒනිසා සිතුවිලි විනිශ්චය කරන්න, ඔබෙන්ම සරල ප්‍රශ්නය අහන්න. මොනවද මම කල්පනා කරන්නෙ, නැවතත් මතක තියාගන්න. ඔයා හිතනවාට වඩා ඔයා වටින සහ විශිෂ්ඨ කෙනෙක්.

වේදනාකාරී තත්වයන්ට මුහුණ දෙන්න බය වෙන්න එපා.
ඔයාට වර්ධනය වීමට අවශ්‍ය නම් සමහර අවස්ථාවලබොහෝ විට ඔබට වේදනාවෙන් ගමන් කළ යුතුය.
ඒවගේම තමා, මේ විදිහට පුරුදු වෙලා ඔයා ඔයාගෙ මානසික ශක්තිය වැඩි කරගත්තම ඔයාට මේ ව්‍යායාමය තවත් කෙනෙක්ට කියලා දෙන්නත් පුළුවන්. ඒක තමා ඔයාට තියෙන වටිනම වගකීම. ඔයාගේ අත්දැකීමෙන් පස්සේ ඔයාට කියන්න පුළුවන්, මේ දේවල් කරන්න, මේ දේවල් පුරුදු කරන්න, මෙහෙම හිතන්න, මොකද ඔයා විඳින දුක මම දන්නවා, මමත් ඔයා වගේ කෙනෙක් නිස, නමුත්, මම දැන් සුව වෙලා ඉන්නේ, ඔයාටත් සුව වෙන්න පුළුවන්.
එමඟින්, ඔබට අන් අයට ආස්වාදයක් ලබා දෙන්න පුළුවන් වගේම ඔයාට අන් අයට උපකාර කළ හැකි අතර, ඔයාගෙ ජීවිතයේ සැබෑ වටිනාකම සොයාගන්නත් පුළූවන්. ඒ නිසා මේ දේවල් මතක තියාගෙන පුරුදු වෙන්න!
ඔයා හිතනවාට වඩා ඔයා ශක්තිමත්!

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *