සාර්ථක සමාගමක් ගොඩනගන්නේ කෙසේද | How To Build A Successful Company | Good To Great Book Summary | time2talk

ඔයාට කවදහරි මේ විදියට දැනිලා තියෙනවද? දැන් දවස පුරා ලෝකෙ පුරාම බිස්නස් හැදෙනවනෙ. හැබැයි මේ පටන් ගන්න හැම එකක්ම සුපිරි වෙන්නෙ නෑ නෙ. වෙන විදියට කියනව නම් පටන් ගන්න හැම බිස්නස් එකක්ම Great වෙන් නෑ නෙ. කොහොමද great වෙන්නෙ කියන ප්‍රශ්නෙ ඔයාට කවදහරි දැනිලා තියෙනවද? එක පුද්ගලයෙක් මේ සම්බන්ධව අවුරුදු 5ක් Research කරා. ඔහු ඒ වෙනුවෙන් Articles 6000කට වැඩිය, Interviews 2000කට වැඩිය කරලා තියෙනවා. කොහොමද බිස්නස් එකක් Good ඉඳන් Great වෙන්නෙ, කොහොමද තරඟකරුවන්ට වඩා වෙනස් වෙන්නෙ කියලා Good To Great කියන පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද බිස්නස් එකක් Good ඉඳන් Great වෙන්නෙ කියලා. ඉතින් Research කරලා මේ පොතේ සඳහන් කරලා තියෙන විදියට Good business එකක ඉඳන් Great business එකකට යන්න නම් ඒ අතර අංශ 6ක් තියෙනවා. ඒ දේවල් 6ටම ඔයා අවධානය දෙන්න ඕනෙ. නිකම් හිතන්නකො, ඩොලර් මිලියන එකක කම්පැණි එකක් තියෙනව කියලා. ඒ කම්පැණිය පවත්වාගෙන ගියපු නායකයො ඔවුන්ගෙ අවුරුදු ගාණක අත්දැකීම ඔයාට විනාඩි ගාණකින් දෙනව කියලා. කොහොම ඇතිද? ඒ වගේ ලිපියක් තමයි මේ. මේ කියන අංශ 6ම ඔයා දැනගන්න ඕනෙ. මේ හැම කරුණක්ම සරලව, ඕනෙම කෙනෙකුට තේරෙන විදියට මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.

(1) Level 5 leadership
ඔවුන් හොයාගෙන තියෙනවා මේ වගේ Great Companies වල Level 5 එකේ Leadership එකක් තිබිලා තියෙනවා. Level 5 එකේ Leadersලගෙන් තමයි මේ companies next level එකට ගිහින් තියෙන්නෙ. ඒකත් එක්කම මේ පොතේ කියවෙනවා ගොඩක් කම්පැණිවල තියෙන මානසිකත්වය තමයි සාමාන්‍යයෙන් කම්පැණි එකේ Founder මම තමයි Smartම කෙනා, මගේ යටතේ ඉන්න ගොඩක් අය සේවකයො. වෙන විදියකට කියනව නම් A genius with thousand helpers. ඒ Mind එකේ ඉන්න අයට කවදාවත් Great වෙන්න බැහැ. එතකොට මොකක්ද මේ Level 5 එකේ Leadership එකෙන් අදහස් වෙන්නේ.
Skill– ඒ කියන්නෙ මොනා කරත්, තමන් කරන රාජකාරිය, තමන් කරන skill එක, තමන්ගෙ responsibility එකට Skill එකක් තියෙන්න එපැයි. ඒකට හැකියාවක් තියෙන්න එපැයි. ඒ හැකියාව තියෙන අය තමයි Level 1 එකේ ඉන්නෙ. හැකියාවක් තියෙනව නම් එයාව ඒ වැඩේට ගන්නවා.
Team player– හැකියාවත් තියෙනවා. කණ්ඩායමක් එක්ක වැඩ කරන්නත් පුළුවන්.
Manager– Manage skill එකක්, කළමණාකරණ හැකියාවක් තියෙන්නම ඕනෙ. ආයතනයක් කළමණාකරණය කරන්න පුළුවන් හැකියාව තමයි Level 3.
Vision– ඒ පුද්ගලයාට Vision එකකට වැඩ කරන්න පුළුවන් වෙන්න ඔනෙ. ආයතනයේ Vision එක තමන්ගෙ Vision විදියට එයා සලකනවා.
Social contribution– එයාලට Skill එකත් තියෙනවා, කණ්ඩායමක් විදියට වැඩ කරන්න පුළුවන්, කළමණාකරණ හැකියාව තියෙනවා, Vision එකක් තියෙනව වගේම එතනින් එහාට ගිහින් කොහොමද මම අනිත් අයට Contribute කරන්නෙ කියලා තමයි ඔවුන් හිතන්නේ. ඒ කියන්නෙ මේ කම්පැණි එකේ Credit එක වෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම් එයා එහෙම කරනවා. එයාට මේ Vision එක වෙන කෙනෙකුට භාර දෙන්න පුළුවන් නම්, තමන් වගේ Leader කෙනෙක් බවට පත් කරන්න පුළුවන් නම් එයා ඒකත් කරනවා. එයාගෙන් එහාට ගිය Social contribution එකක් ඔලුවෙ තියෙන ඒ වගේ මිනිස්සු. ඒ වගේ අය තමයි Level 5 එකේ ඉන්නෙ.
ඉතින් මේ Leadership කියන්නෙ වෙනම Topic එකක්.

(2) Overall team
Level 5 leadership එකට අමතරව Leadersලා විතරක් නෙමෙයි, ඒ overall team එකම බලපානවා කම්පැණි එකක් Great කරන්න. මොකද Great companies හැදුනෙ Great මිනිස්සු නිසා. Magical statement එකක් තියෙනවා. මිනිස්සු නෙමෙයි ආයතනයේ වැදගත්ම Assets එක. හරි මිනිස්සු තමයි වැදගත්ම Assets එක. ඒ නිසා Level 5 එකේ Leadership එකක් තිබ්බට වැඩක් නෑ. ආයතනය Great වෙන්න නම් ඒ යටතේ ඉන්න සේවක මණ්ඩලයත් Great වෙන්න ඕනෙ.
උදා:- බස් එකක් ඔයාගෙ බිස්නස් එකට සමාන කරන්නකො. දැන් ඔයා හයර් කරන මිනිස්සු ඇයි වැදගත් වෙන්නෙ කියන එක මේ බස් එකත් එක්ක සංසන්ධනය කරමින් මේ පොතේ හේතු 3ක් පැහැදිලි කරනවා.
කවුද බස් එකට නගින්නෙ
කවුද බස් එකෙන් බහින්නෙ
බස් එකේ කොතනද ඒ පුද්ගලයා වාඩි වෙන්නෙ
ඔය කරුණු 3 අනිවාර්‍යයෙන්ම බලපානවා. ඉතින් මේ විදියට ඔයා හයර් කරන මිනිස්සු හරි නම්, හරි මිනිස්සු නම් ඔයා හයර් කරන්නෙ ඔයාට ප්‍රධාන වාසි ටිකක් ලැබෙනවා. මොනවද ඒ,
1-ආයතනයේ දිශාව, Task එක වෙනස් කරන්න ලේසී– මොකද ඔයා ළඟ ඉන්න මිනිස්සු Great. ඒගොල්ලො ඉන්නෙ ඔයා දීලා තියෙන රස්සාව නිසා නෙවෙයි. ඔවුන්ට ඊට වඩා හේතුවක් තියෙනව ඔයාගෙ කම්පැණි එකේ වැඩ කරන්න.
2-ඔවුන්ව self motivate කරන්න ඕනෙ නෑ– සේවකයන්ව self motivate කරන්න, training කරන්න ඕනෙ වෙන් නෑ. මොකද ඔවුන් Already self motivated. එයාලට හේතුවක් තියෙනව, ගෝල් එකක් තියෙනව, Purpose එකක් තියෙනව. මොකද, Great වෙන්න බෑ වැරදි මිනිස්සුන්ව තියාගෙන. ඉතින් මේ හේතු නිසා මේ පොත සඳහන් කරනව, ඔයා ඔයාගෙ ටීම් එකට කට්ටියව හයර් කරනකොට බලන්න ඕනෙ කොන්දේසි ටිකක්. මොනවද ඒ කොන්දේසි,
සැකයි වගේ- ඔයා කට්ටියව හයර් කරන්න යනඔට ඔයාට නිකම් සැකයි වගේ, තාම නිකම් ෂුවර් නෑ, තාම සැටිස් නැත්නම් මෙයා තමයි කෙනා කියලා, තාම මදි වගේ, ඒ සැකය ඔයාට තියෙනව නම් මේ පොතේ කියන්නෙ හයර් කරන්න එපා තව ට්‍රයි කරන්න කියලා.
දැන් ඉන්න කෙනා අයින් කරනව නම්- ඔයාට දැන් ඉන්න කෙනාව අයින් කරලා තව කෙනෙක්ව ගේන්න ඕනෙ නම් ප්‍රශ්න දෙකකට ඔයා උත්තර දෙන්න. Q1- මෙයාව ආයෙත් මම Interview කරොත් මම මෙයාව ගන්නව? Q2- මෙයා ගියොත් ආයතනයට ඒක දැනෙයිද? ඊළඟට ඔයා හයර් කරන මිනිස්සුන්ගෙත් හොඳම මිනිස්සුන්ව ඔයාගෙ බිස්නස් එකේ වැඩිම Opportunities, වැඩිපුරම අවස්ථාව තියෙන තැන් වලට දාන්න. ඔය ටික මතක තියාගන්න.

(3) Hard conversation
දැන් ඔයාගෙ ආයතනයේ Level 5 leadership එකත් තියෙනව නම්, හරි ටීම් එකත් ඉන්නව නම්,ෙතකොට තමයි ඔයාගෙ ආයතනයේ ඉන්න ටීම් එක සහ leadership එක සහ මේ හැමෝම ආයතනය වෙනුවෙන් හිතන්නෙ. ආයතනයේ දියුණුව තමයි අංක 1. මගේ දියුණුව, මමත්වය, මගේ කැමැත්ත කියන එක ඊට පස්සෙ. පළවෙනියට ආයතනය. ඔයා Level 1 සහ Level 2 full fill කරලා ඒක සපුරලා නැත්නම් ඔයාට ඒ Level එකට යන්න බෑ. ඉතින් ඔයාගෙ බිස්නස් එක ඇතුළෙ මේ වගේ වටපිටාවක් ඔයාට තියෙනව නම් ඔවුන් ඔබෙන් ප්‍රශ්න කරනවා, අමාරු ප්‍රශ්න අහනව, අදහස් ඉදිරිපත් කරනවා, ආයතනය වෙනුවෙන් කතා කරනවා, ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා, වරදක් වුණාම පෙන්නලා දෙනවා. ඉතින් මේ වගේ ඔවුන් ඉදිරිපත් වෙනවා. ඒ වගේ Spirit එකක් ඔවුන්ට තියෙනවා. එහෙම නැති වුණාම තමයි, ඔයා ඉස්සරහ ඔයත් එක්ක හොඳට ඉඳලා ඔයා නැති තැන කතා කරන දේවල් ඔයාට විරුද්ධව කතා කරන්නෙ. එහෙම දේවල් වෙනව ඔයත් දැකලා ඇති. ඒ නිසා මේ වගේ Hard conversation අමාරු සාකච්ඡා තියන්න. මේ වගේ පරිසරයක් ගොඩ නගන්න. එහෙම පරිසරයක් ගොඩනගන්න මේ Great companies පොඩි දේවල් ටිකක් Practise කරලා තියෙනවා.
ප්‍රශ්න අසමින් උත්තර බලාපොරොත්තු වීම- මේ වගේ පරිසරයක ඉද්දි ඒ වගේ මිනිස්සු ප්‍රශ්න අසමින් උත්තර බලාපොරොත්තු වෙනවා. උත්තරේ දීලා, මේක තමයි එකම විදිය, මේ විදියට කරන්න කියලා කියන්නෙ නෑ. ප්‍රශ්න අහන ගමන් තමයි උත්තර බලාපොරොත්තු වෙන්නෙ. ඒ Open conversation එක. ඒ Hard conversation එක ඔවුන් ඉදිරියට ගෙනියනවා.
මතවාද- මේ වගේ අය ආයතනය වෙනුවෙන් පවත්වන Topics, ආයතනය වෙනුවෙන් කතා කරන්න කැමතී. ඒ නිසා ඔවුන් එක එක මතවාද විවාද වල යෙදෙනවා. ඒ රණ්ඩු වෙලා ගහමරා ගන්නව නෙමෙයි. ආයතනය වෙනුවෙන් ඔවුන් ආයතනය ඇතුලෙම එක එක විදියෙ සාකච්ඡා, එක එක මාතෘකා, වාද විවාද වගේ දේවල් කරනව. ඔවුන් ආයතනය වෙනුවෙන් තමයි ඒ දේවල් කරන්නෙ.
Mistakes= Learning opportunities- කොච්චර Great වුණත් එයාලා අතිනුත් වැරදි වෙනවනෙ. එහෙම වැරැද්දක් මේ වගේ Great companies දකින්නෙ කොයි විදියටද කියලා දන්නවද? ඒගොල්ලො වැරදි දකින්නෙ ඉගෙනගන්න පුළුවන් හොඳම අවස්ථාව විදියට. වැරැද්ද කරාට ඒක ලොකුවට Highlight කරලා, එයාට දෙන්න පුළුවන් උපරිම Pressure එක දීලා එහෙම කරන්නෙ නැහැ. ඒ වැරැද්ද තමයි එයාලගෙ හොඳම Learning එක විදියට එයාලා ඒක Practise කරනවා.

(4) Hedgehog concept
දැන් මේක තමයි මෙතන වැදගත්ම කොටස. අවධානයෙන් කියවන්න. Hedgehog කියන වචනෙට බය වෙන්න එපා. Hedgehog (හෙජ්හොග්) කියන්නෙ, Hedgehog කියලා සතෙක් ඉන්නව මේ ලෝකෙ. ඒ තමයි ඉත්තෑවා.
උදා:- නරියා කියන සතා ඉන්නවනෙ. නරියට හෙජ්හොග්ව අල්ලගන්න ඕනෙ වුණාම එක එක Styles වලට තමයි ඒක කරන්නෙ. ඉස්සරහින් එනවා, පිටිපස්සෙන් එනවා, පැත්තෙන් එනවා, උඩින් පනිනවා, පෙරළිලා එනවා. එක එක විදියට නරියා එනවා හෙජ්හොග්ව අල්ලගන්න. හැබැයි හෙජ්ගොග් එකම එක දෙයයි කරන්නෙ. මොකක්ද කියලා දන්නවද? හෙජ්හොග් ඔලුව හංගගෙන වකුටු වෙලා පෙරලිලා ඉන්නවා. හරියට බෝලයක් වගේ. හෙජ්හොග් බේරිලා ඉන්න එකම දෙයයි කරන්නෙ ඒ ඕක විතරමයි. කොහෙන් කොහොම නරියා ආවත් හෙජ්හොග් කරන්නෙ ඔච්චරමයි. ඒක තමයි එයාගෙ විශේෂත්වය. එයාගෙ Uniqueness එක. ඔය විදියට බේරිලා එයාට ජීවත්වෙන කාලය අවුරුදු ගාණක් වැඩිකරගන්න පුළුවන්.
ඉතින් මේ Good To Great කියන පොත කියන්නෙ, බිස්නස් එකක් ගත්තත් එහෙම තමයි. හැම බිස්නස් එකටම Uniqueness එකක් විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය රැඳිලා තියෙන පරාසය ඇතුළෙ තමයි මේ Great companies මේ හැමදේම කරන්නෙ. එයාලගෙ Hedgehog concept එක එයාලා අඳුරගන්නවා. ඉතින් මේ Uniqueness එක මේ පරාසය ඇතුළෙ රැඳිලා ඉන්න Great companies ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න 3ක් අහනවා. ඔයත් ඔයාගෙන් මේ ප්‍රශ්න ටික අහන්න.
Q1- World’s best? – අපිට මොනවා කරොත්ද world එකේ best වෙන්න පුළුවන්?
Q2- Passion – කොයි වගේ දේවල් වලටද අපිට passionate එක තියෙන්නෙ. Passion එක තියෙන්නෙ කොතනද? ඒ Passion එක තියෙන දේවල් තමයි අපි කරන්නෙ. අපි මොනව හරි project එකකට invite කරනව නම් ප්‍රශ්නෙ අහන්න. මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? සල්ලි වලද, නැත්නම් එතනින් එහාට ගිය දෙයක් තියෙනවද? ඒ purpose එක තියෙනවද? ඒ Passion එක තියෙනවද? ඒවට විතරයි අපි invest කරන්නෙ.
Q3- ලාභ උපයන ඒකකය – ඒ කියන්නෙ profit per product, profit per outlet, profit per democratic, profit per area ද මොකක්ද ඒකකය?
උදා:- ඔයගෙ මූලික ඒකකය Product එකකින් ලැබෙන Profit එක නම්, ඔයා උපරිම try කරන්නෙ Product එකේ cost එක අඩු කරන්න. ඔයාගෙ ප්‍රධානම ඒකකය outlet එකක තියෙන Profit එක නම් ඔයා ට්‍රයි කරනෙ Margin එක වැඩි එක විකුණන්න තමයි ඔයා ට්‍රයි කරන්නෙ. ඒ වගේ ඒකකය මත ඔයාගෙ අරමුණ වෙනස් වෙනවා. හැබැයි ඒගොල්ලො ඒක අඳුරගත්තා. ඉතින් මේ පොතේ කියවෙන වැදගත් දේ තමයි, මේ Great companies පටන් ගත්ත ගමන් ඔවුන් මේ ප්‍රශ්න 3ට උත්තර හොයාගත්තෙ නෑ. එයාලගෙ Hedgehog concept එක අඳුරගන්න සාමාන්‍යයෙන් අවුරුදු 4කට වැඩිය ගිහින් තියෙනවා. එක එක දේවල් කරලා, ට්‍රයි කරලා, ෆේල් වෙලා එයාලා ඒක අඳුරගෙන තියෙනවා. ඒ Focus එක අඳුරගත්තට පස්සෙ එතනින් තමයි හැම සෙල්ලමක්ම දාන්න ගියේ. ඉතින් ඔයත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න, මොකක්ද මගේ Hedgehog concept එක?

(5) Culture
ඔයාගෙ බිස්නස් එක, ඔයාගෙ බිස්නස් එක ඇතුලෙ තියෙන Culture එකේ Product එකක්. දැනිලා තියෙනවද සමහර companies ඇතුළට ගියාම අමුතු ෆීලින් එකක් එනවා. ඒ දැනෙන්නෙ ඒකෙ සංස්කෘතිය. සංස්කෘතිය ගැන කතා කරනකොට මේ පොතේ ඒ යටතේ තියෙන ප්‍රධාන අංශ 2ක් ගැන පැහැදිලිකරනවා.
විනයක් සහිත සංස්කෘතිය
1-විනයක් සහිත මිනිස්සු
2-විනය සතිත සිතුවිලි
3-විනය සහිත actions
ව්‍යවසායකත්වය ගැන ආචාර ධර්ම
1, දැන් මේ චාර්ට් එකේ පහළින්ම තියෙන්නෙ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඔයාගෙ කම්පැණි එකට තියෙන ආචාර ධර්ම (Entrepreneurship ethics). එතකොට උඩ ලයින් එකේ අක්ෂයෙන් පේන්නේ ඔයාගෙ විනය. දැන් මේ ව්‍යවසායකත්ව ආචාර ධර්ම කියන අක්ෂය ගත්තොත් ඒකෙ ආචාර ධර්ම වැඩී. ඒ කියන්නෙ, මේ වගේ කම්පැණියක් ගත්තොත් ඔවුන් අලුත් දේවල් කරනව, අලුත් අදහස් ඉදිරිපත් කරනවා, කම්පැණියට ඇති වෙන රිස්ක් ගන්න දිරිගන්වනවා. ඒ වගේ අර Entrepreneurship දේවල් කරන්න ඔවුන් පොළඹවනවා. ඒක හොඳයි. හැබැයි, සංස්කෘතික විනය ගත්තොත් එච්චර නෑ. Discipline එක අඩුයි. මේක අයිති වෙන්නේ Start up culture එකට. සාමාන්‍යයෙන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නකොට Start up culture එක Entrepreneurship ethics එක හොඳටම තියෙන, හැබැයි ලොකුවට Discipline වෙලා, Track වෙලා, Schedule වෙලා නෑ. මේක Start up culture එකක්.
2, Entrepreneurship ethics අඩුයි. හැබැයි විනය උපරිමේටම තියෙනවා. නීති හැමදෙයක්ම පොතේ හැටියටම වෙනවා. හරි Strick Schedule එකක් තියෙනවා. මැනේජර්ස්ලා, බොස්ලා කියලා High R……… තියෙනවා. ඔයාට CEO එක්ක නිකම් කතා කරන්න බෑ. මීටින් එකක් තියලා, වෙලාවක් දාලා එහෙම තමයි Reach වෙන්න ඕනෙ. සාමාන්‍යයෙන් අති දැවැන්ත ව්‍යාපාර ඇතුලෙ තියෙන්නෙ මේ වගේ culture එකක්.
3, Entrepreneurship ethic එකත් නෑ. විනයත් නෑ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ පරිසරයක වෙන්නේ ඒක ඇතුළෙ මිනිස්සුන්ට වැඩක් දෙනව කියන්නේ ඒගොල්ලො මාර වදයක්. කරන්න ඕනෙකමට කරනවා. කරලා ඉවර වුනු ගමන් ඉක්මනින් ගිහින් Relax වෙනවා. මොනා හරි වැඩක් එනවට කැමතිත් නෑ. ඉතින් ඔයාලා දන්නවනේ ඒ කොයිවගේ ආයතනද කියලා.
4, Entrepreneurship ethic එකත් හොඳයි. විනයත් හොඳයි. මේ පොතේ නිරීඛ්ෂණය විදියට මේ වගේ companies තමයි Great companies බවට පත් වුණේ. ඔයාලත් දැකලා ඇති Google වගේ අති දැවැන්ත companies අද වුණත් Employeesලට එයාලා හිතන අලුත් Fashion එක තියෙන Project එකක් තියෙනව නම් ඒගොල්ලන්ට වැඩ කරන්න වෙලාව දෙනවා. අනිත් Departments එක්ක කතාබහ කරන්න අවස්ථාව දෙනවා. Open culture එකක් තියෙන්නෙ. බිත්ති ගහලා ඔක්කොම වහගෙන නෑ. Leadersලත් එක්ක ඕනෙ වෙලාවක කතා කරන්න පුළුවන්. කොච්චර ලොකු කම්පැණි එකක් වුණත් ඔවුන් Entrepreneurship ethics කියන එක Maintain කරන්න Try එකක් දෙනවා.

(6)Technology
දැන් මේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේක සෘජුව ඕනෙම කෙනෙකුට තේරෙනව. මේ Great companies වල 6 වෙනි නිරීක්ෂණය තමයි Company එක Great වෙන්න, එයාලගෙ අරමුණු වලට යන්න ඔවුන් Technology එක තර්ජනයක් විදියට දැක්කෙ නෑ. යල් පැනපු අදහස් තියෙන සමහර companies තියෙනවනෙ. Technology එක වැඩක් නෑ, මේක ඇවිත් අපිව කනවා, අපෙ අරමුණු වලට යන්න බෑ කියලා හිතනවා. හැබැයි Great companies ඔවුන්ගෙ අරමුණු වලට යන්න Technology එක ඉන්ධනයක් වගේ පාවිච්චි කරනවා.

Good to Great කියන මේ පොත ගොඩක් සංකීර්ණ පොතක්. ගොඩක් Advance පොතක්. World class පොතක්. සිංහලෙන් සරලව දැන් ඔයා දන්නවා.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *