කොහොමද Positive Thinker කෙනෙක් වෙන්නෙ? හැමදේම ඔයාට වෙනවද නැත්තම් හැමදේම ඔයාට වෙනවා කියලා හිතනවද ? Negative Emotions, එහෙම නැත්තම් සෘණාත්මක සිතුවිලි හරියට සර්පිලාකාර දඟරයක් වගේ. ඔයාව පහළටම ඇදිලා යන්න පුලුවන් දන්නේම නැතිව. ඉතින් ඔයාටත් පුළුවන් පහළට යන එක නවත්තන්න. positive thinker කෙනෙක් වෙලා වගේම මේ negativity සිතුවිලි අයින් කරලා ඔයාගේ ජිවිතයත් වඩා හොද කරගන්න පුලුවන්. අද අපි බලමු කොහොමද Positive Thinker කෙනෙක් වෙන්නේ කියලා.
1.සිනහවෙන් පටන් ගන්න
ඔයා හිනා වෙනකොට ඔයාගෙ මොලේ ස්නායු පණිවිඩ ක්‍රියා කරන්න පටන් ගන්නව වගේම ඇත්තටම මේ නිසා ඔයාට Positive Feeling එකක් දැනෙන්න පුළුවන්. ඉතින් ඔයා බොරුවට හිනා වුණත් මූණේ මේ හිනාවට අදාළ මාංශ පේශි ක්‍රියා කරලා ඔයාගෙ මොලේ ඔයා ඇත්තටම සතුටින් ඉන්න Feel එකක් දැනෙන්න ඉඩ සලස්වනවා. ඒත් ඔයා හොඳ Mood එකක නැත්නම් ඒක ගැන දුක් වෙනවට වඩා බලෙන්ම හරි හිනා වෙලා ඉන්න උත්සාහ කරන්න. දන්නෙම නැතුව ඔයාගෙ Mood එක වෙනස් වෙයි.
2.ඔයාව සතුටු කරන අයත් එක්ක ඉන්න
ඔයාටත් ඕනෙ Positive විදියට හිතන්න නම් ඔයා ඇසුරු කරන්නත් ඕනෙ Positive Thinkersලා. එහෙම නැත්නම් ඔයාගෙ Mood එක හොඳ කරන අය. ඔයාගෙ Mood එක අවුල් කරන අය ඉන්නව නම් ඒ අය ඇසුරු කරන එකත් අඩු කරන්න.
3.ඔයත් ඔයාට හරියන මන්ත්‍රයක් හොයාගන්න
මේ මන්ත්‍රයක් කියන්නෙ මන්තර නම් නෙමෙයි. හරියට විශේෂ කෙනෙක් කියපු දෙයක් හෝ වදන් පෙළක්. උදාහරණයක් විදියට ඔයාට පුළුවන් ඔයාගෙ ෆෝන් එකේ Wall Paper එක විදියට “Remember to smile” වගේ එකක් දගන්න. ඔයාට මේ වගේ Positive Codes, Google එකෙන් හරි Facebook එකෙන් හරි හොයාගන්න පුළුවන් වගේම මේ දේවල් Subscribe කිරීම මඟින් ඔයා Social Media වල ඉද්දිත් නිතරම මේ දේවල් පේන්න ගන්න එකත් ඔයාට හොඳ වෙන්න පුළුවන්.
4.දිනපොතක් ලියන්න
දවස අවසානයේ දවස ගැන පසුතැවෙන්නෙ නැතුව ඒ වෙනුවට ඔයා තේ එකකුත් හදාගෙන ඔයාගෙ දිනපොතත් අරන් නිදහස් සුවපහසු තැනක ඉඳගන්න. ඔයාගෙ දවස ගැන ලියන්න. ඒක මේ විදියට කොටස් කරන්න.
මොකක්ද හොඳට වුණේ?
ඇයි ඒ දේ හොඳට වුණේ?
මොකක්ද හොඳට වුණේ නැති දේ?
ඇයි ඒ දේ හොඳට වුණේ නැත්තෙ?
ලියපු දේ ගැන ඒ වෙලාවෙම හරි, පස්සෙ වෙලාවක හරි බලද්දි ඔයාට හිතෙයි ඇත්තටම මේ දේ ගැන පසුතැවෙන්න ඕනෙද කියලා. ඒ වගේම ඒ වෙලාවෙදි ඒ දේ බරපතල වුණාට පස්සෙ කියවද්දි ඔයාටත් හිතෙයි මේ මොන තරම් පොඩි දෙයක්ද කියලා. ඒ වගේම ඔයා මේ විදියට ලියද්දි ඔයාගෙ හිත සන්සුන් වෙලා ප්‍රශ්න වලට හොඳ උත්තරයක් හොයා ගන්නත් පුළුවන් වේවි.
5.ඔයාව Negativity කරන දේවල් හොයාගන්න
මගේ Mood එක අවුල් කරන්නෙ මොනාද? මේ විදියට ඔයා ඔයාව Negativity කරන දේවල් මොනවද කියලා තේරුම් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න.
6.ඔයාව අනිත් අයත් එක්ක සසඳන එක නතර කරන්න
අනිත් අයත් එක්ක තමන්ගෙ Skills හෝ වෙනත් දේවල් සැසඳීම වගේම තරඟකාරීත්වයත් ඔයාව Negativity කරන්න පුළුවන්. අපි හැමෝම එකිනෙකාට වෙනස් වගේම අපිට හම්බෙන අවස්ථාත් එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා ඔයා අනිත් අයත් එක්ක සසඳන එකෙන් වළකින්න.
7.Busy වෙන්න
ඔයාගෙ දවසේ කාලසටහන Busy schedule එකක් කරගන්න. එතකොට ඔයා Busy වෙද්දි ඔයාට Negative දේවල් හිතන්න තියා බලන්නවත් වෙලාවක් නැති වෙයි. ඒ නිසාම ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුත් ඉක්මනට කරගන්න පුළුවන් වෙන්න පුළුවන්.
8.පොඩි දේවල් ලොකුවට ගන්න එපා
ලංකාවේ Social Media වල වගේම News වලත් පොඩි දේවල් ලොකු කරලා පෙන්නනවා. ඒ වගේම ගොඩක්ම පෙන්නන්නෙ Negativity News, Accidents වගේ දේවල්. ඔයාට මේ දේවල් දකිද්දි Negative Feel එකක් දැනෙනව නම් ඒ දේවල් බලන එක නතර කරන්න.
9.ව්‍යායාම කරන්න
ව්‍යායාම කිරීම ඔයාගෙ Stress හෝමෝන අඩු කරනවා. මේ නිසා ඔයාට Positive Mode එකක් ව්‍යායාම කරන එකෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා ආස කරන ක්‍රීඩා වල යෙදෙන්න. ඒ දේවල් වලිනුත් ඔයාට Positive Mode එකක් ලබාගන්න පුළුවන්. ඔයාට මේ දෙකම කරන්න වෙලාවක් නැත්නම් කොහෙට හරි පයින් ඇවිදින එකත් කරන්න පුළුවන්. මේ විදියට ඔයා විනාඩි 12ක් ඇවිද්දොත් ඔයාගෙ Mode එක Positive කරගන්න පුළුවන් කියලා පර්‍යේෂණ මගින් හොයාගෙන තියෙනවා.
10.හොඳට කෑම කන්න
ඔයා ආහාරයට ගන්න දේ අනුවත් කායික වගේම මානසික වශයෙන් බලපාන්නත් පුළුවන්. කොළ ජාති වගේම ඔමේගා 3, E විටමින් ඔයාගෙ ආහාර වේලට එකතු කරගන්න එකෙන් Mood එක හොඳ කරගන්න පුළුවන්. හැම දවසකමත් උදේ ආහාරය නොවරදවා ගන්න අමතක කරන්න එපා. එමඟින් ඔයාට ශක්තිය වගේම දවස පුරාම Positivity එකත් ලබාගන්න පුළුවන් කියලා Research එකකින් හොයාගෙන තියෙනවා.
එහෙනම් ඔයත් Positive Thinker කෙනෙක් වෙන්න. මේ දේවල් කරලා බලන්න. ඔයාට සුබ දවසක්..!
0 Comments