සතුටින් ඉන්නෙ කොහොමද? | How To Be Happy | (The How Of Happiness Book Summary) | time2talk

by | Sep 19, 2023 | Learn & Inspire, 3 | 0 comments

ප්‍රශ්නයක් අහන්නද? ඔයා මොනව වෙනුවෙන්ද හැමදෙයක්ම කරන්නේ? සතුට වෙනුවෙන්. සතුට වෙනුවෙන් අපි ඕනෙම දෙයක් කරන්න සූදානම්. සතුට වෙනුවෙන් කැප වෙනවා, මහන්සි වෙනවා, Energy එක දෙනවා, Time එක දෙනවා, සතුට වෙනුවෙන් බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වෙනුවෙන් ජීවත් වෙනවා.

හැබැයි නිකම් හරි අපි හිතලා තියනවද මේ සතුට කියන දේ කොහොමද ඇති වෙන්නෙ, මොනව නිසාද අපි සතුටු වෙන්නෙ, ඇයි තව කෙනෙක් මට වඩා සතුටෙන් ඉන්නෙ, ඇයි තව කෙනෙක්ට වඩා මට සතුටෙන් ඉන්න බැරි, මොනව වෙනුවෙන්ද කොහොමද අපි සතුට ඇති කරගන්නෙ. මේක පිටිපස්සෙ තියන Psychology එක මොකක්ද? නිකම්වත් හිතලා තියනවද. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දීලා තියන මේ happiness කියන category එකේ තියන ජනප්‍රියම පොතක් තමයි The How Of Happiness කියන පොත. විශ්වාස කරන්න, මේ පොතේ ලියලා තියෙන දේවල් අධ්‍යනය කරලා, කියවලා ඒක Individualy විතරක් නෙමෙයි, ඒක ලෝකෙ පුරා ආයතන වල වෙනම Training sessions විදියට ඔවුන් පවත්වලා තියනවා. මේ පොතේ සාරාංශය මෙම ලිපිය තුලින් අද ඔබට දැනගන්න පුළුවන්.

(1) සතුට රඳා පවතින සාධක 3
පළවෙනියටම මේ පොත අපට පැහැදිලි කරනවා ඕනෙම කෙනෙකුගේ සතුට රඳා පවතින ප්‍රධාන සාධක 3ක් ගැන. මුලින්ම ඒ සාධක 3 මොනවද කියලා අපි බලමු.

1.පුද්ගලික තත්ත්වය– ඒ කියන්නෙ ඔයාගෙ Income, Marriage Life, Occupation, Attractiveness, Health, Gender, Age, Religion, Original of birth, Birth place වගේ දේවල් මෙයට බලපානවා. ඔයාගෙ ජීවිතේ යම් දෙයක් වෙනස් කරන්න අවස්ථවක් ලබා දුන්නොත්, ඔයා මොනවද වෙනස් කරන්නෙ කියලා ඇහුවොත් ගොඩක් කට්ටිය කියයි “මම ඒ දවස්වල ගත්තා තීරණයක් මම මේ ජොබ් එක කරන්න ඕනෙ කියලා. මම ඒ Industry එකට යන් නැතුව මේකට ගියා. ඒක කරලා තිබ්බා නම් අද මං සතුටෙන්. මම එදා ඒ Marriage Decision එක ගන්නෙ නැතුව තව ටිකක් ඉඳලා මේක කරා නම් අද මං සතුටෙන්. නැත්නම් මට රට යන්න චාන්ස් එකක් ආවා මම ඒක කරන් නැතුව හිටියා නම් මම අද සතුටෙන්.” වගේ දේවල්. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තමයි මේ වගේ එක්කො වෙලා තියෙන දෙයක්, නැත්නම් කරන්න තිබ්බ දෙයක්, මේ වගේ තමන්ගෙ පෞද්ගලිකත්වය මත තියෙන දෙයක් මාරු වුණොත් තමන් සතුටෙන් ඉඳී කියලා තමයි ගොඩක් දෙනා හිතන්නේ. හැබැයි මේ පොත කරලා තියෙන අධ්‍යනයන් වලින් හොයාගෙන තියනවා තමන්ගෙ පෞද්ගලික තත්ත්වය කියන දේ කෙනෙකුගෙ සතුටට බලපාන්නෙ 10%ක් විතරයි කියලා. වෙන විදියකට කියනවා නම් ඔයාට වඩා වෙන ජොබ් එකක්, වෙන ගෙයක්, වෙන වෙඩින් එකක්, වෙන Income ලෙවල් එකක් තියෙන කෙනෙක් සතුටෙන් ඉන්න එක රඳා පවතින්නෙ 10%ක වගේ වෙනසකින් විතරයි. මේකෙත් ලස්සනම කොටස තමයි, මේ පොත කියනවා මේ වගේ තමන්ගෙ පෞද්ගලික තත්ත්වය උදෙසා ලැබෙන සතුට දිගුකාලීන නැති හා කෙටිකාලීන බව. තවත් විදියකට කිවුවොත් ඔබට උසස්වීමක් ලැබුණත්, ඔබේ ආදායම වැඩි වුණත් මේ සතුට තියෙන්නෙ ටික කාලයයි. ඊටපස්සෙ එය සාමාණ්‍යකරණය වෙලා ඒ සතුට එහෙම්ම අඩු වෙලා යනවා. මේකට උදාහරණයක් විදියට මේ පොතේ තියෙනවා, දැන් ඔබ සාප්පුවකට ගිහින් අලුත් ඇඳුමක් ගන්නවා. ඒ ඇඳුම අඳින හැම සැරේම ඔබට මාර Fresh ගතියක්, සතුටක්, නැවුම් බවක්, Confident එකක් එනවා. හැබැයි ඒ ඇඳුම ඇඳලා ඇඳලා ටික කාලයක් යනකොට ඒ ඇඳුම හරිම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඒ ඇඳුම මුලින් ඇන්දම තිබුණ සතුට නැති වෙලා යනවා. ඒ නිසා තමයි මේ පොතේ කියන්නේ ඔය පෞද්ගලික තත්ත්වය් මත තියෙන සතුට රඳා පවතින්නේ ඔයාගෙ සම්පූර්ණ සතුටෙන් 10%ක් විතරයි කියලා. හැබැයි ලෝකෙ මිනිසුන් බොහෝ දෙනා හිතන් ඉන්නෙ මෙතන තමයි ලොකුම සතුට තියෙන්නෙ කියලා.

2.ජාන– දැකලා තියනවද හොඳක් වුණත් දුකෙන් ඉන්න කට්ටියව. දුකක් වුණත් සතුටින් ඉන්න කට්ටියව. ඒ නිසා මේ පොත ලියපු කෙනා හිතනවා එහෙනම් ජානත් බලපානව ඇති කියලා. ඒ ගැන ටිකක් ටෙස්ට් කරලා බලන්න ඕනෙ නිසා ඔවුන් පරීක්ෂණ කිහිපයක් කරලා තියෙනවා. ඉන් එකක් විදියට උපතේ ඉඳන් එකට ජීවත් වුණු නිවුන්නු සහ උපතේ සිට වෙන් වෙන්ව ජීවත් වුණු නුවුන්නු තමයි ඔවුන් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණෙ. නමුත් විශේෂත්වය තමයි මේ පරීක්ෂණය සඳහා ඔවුන් සම නිවුන් හා විෂම නිවුන් යන වර්ග දෙකම යොදාගෙන තිබීම. වෙන් වෙන්ව ජීවත් වුණු සම නිවුන්නු ගත්තම ඔවුන් සම නිවුන් වුණත් වෙන් වෙන්ව ජීවත් වුණේ පරිසර දෙකකනෙ. එක්කෙනෙක් Rich environment එකක තව කෙනෙක් poor environment එකක. හැබැයි ඔවුන් හැදුණු පරිසර එකිනෙකට වෙනස් වුණත් ජාන සමානයි. මේ පරීඛ්ෂණය මගින් හොයාගෙන තියනවා වෙනස් පරිසර දෙකක ජීවත් වුණත් සතුටේ ලොකු වෙනසක් සිදු වී නොමැති බව. නමුත් විෂම නිවුන්නු ගත්තම ඔවුන්ගේ ජාන ටිකක් වෙනස්. එවිට විෂම නිවුන්නු එකට හිටියත්, වෙන්ව හිටියත් ඔවුන්ගේ Appearance Level එකේ ලොකු වෙනසක් තියෙනවා. එවිට කුමක්ද එහි නිගමනය? ඔව්, Happiness Level එකට ජාන බලපානව තමයි. ඉතිරි 90%ම ජාන නෙමෙයි. එතකොට ජාන වෙනස් වුණත් විෂම නිවුන්නු එකට හිටියත්, වෙනම හිටියත් ඔවුන්ට ලැබෙන සතුටෙ වෙනසක් තිබුණනෙ. එමඟින් ඔවුන් හොයාගෙන තියනවා ජාන බලපාන්නෙ 50%යි කියලා.

3.සිතුවිලි සහ හැසිරීම්– ඔබ හිතෙන විදිය සහ හැසිරෙන විදිය ඔබේ සතුටට බලපානවා. “ හරි හරි එයා එහෙම හිටපුදෙන්. මං එයාට උදවු කරා කියලා එයාගෙන් මට උදවු බලාපොරොත්තු වෙන්න බැහැනෙ. අතෑරලා දාන්න” අන්න ඒ වගේ හිතන සිතුවිලි ඔබේ සතුටට සෘජුව බලපානවා. මේ පොතේ කියනව ඔබට ඔබේ ජාන වෙනස් කරන්න බෑ. ඔබට ඔබේ පෞද්ගලික තත්ත්වයන් ලොකුවට පාලනය කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගෙ සිතුවිලි සහ හැසිරීම් පාලනය කරන්න. මේ පොතේ කියන විදියට එතනින් අපි වැඩේ පටන් ගමු. මොකද එය 40%ක්ම බලපානවා. ඒකනෙ අපි කියන්නෙ ලොතරැයියක් දිනපු කෙනෙක්ගෙ සතුට වැඩි වෙනවා. ඒ ඔහුගේ පෞද්ගලික තත්ත්වය ටිකක් උසස් වුණ නිසා. හැබැයි 10%යිනෙ බලපාන්නෙ. ඒක හරිම පොඩි ප්‍රතිශතයක්. දින්න ගමන් ලැබුණු සතුට වැඩි වෙනව වගේම ඉක්මනින්ම ඒ සතුට අඩු වෙලා යනවා. ඇයි ඒ? ජාන වලින් එයා සතුටෙන් ඉන්න පුරුදු වෙලා නෑ වගේම එයාගෙ Thought process එකෙන් එයාගෙ සිතුවිලි, හැසිරීම් වලින් ඔහු සතුටෙන් ඉන්න දන්නෙ නෑ. මේ සතුට 10%, ඉක්මනට අඩු වෙලා, ඉක්මනට වැඩි වෙලා එයාගෙ තිබ්බ සෙට් පොයින්ට් එකට එනවා. අපි මිනිස්සු විදියට අපි එක එක්කෙනාට Happiness එකේ සෙට් පොයින්‍ට් එකක් තියෙනවා. සමහර අයගෙ ඒ සෙට් පොයින්ට් එකේ තියෙන්නෙ ඍණ අගයක්, සමහර අයගෙ බිංදුවේ, සමහර අයගෙ, සමහර අයගෙ ඒ ලෙවල් එක ධන අගයන් වලත් තියෙනවා. මේ පොතේ කියනවා පුළුවන් තරම් ඔයාගෙ Thoughts, ඔයාගෙ සිතුවිලි සහ හැසිරීම් වෙනස් කරලා ඒ සෙට් පොයින්ට් එක පුළුවන් තරම් උඩට ගේන්න. මොකද, එතන ඔයාට 40%ක්ම Control කරන්න පුළුවන් බලය එතන තමයි තියෙන්නෙ.

ඊළඟ කාරණය තමයි, කොයිවගේ සිතුවිලි සහ හැසිරීම් මඟින්ද අපිට අපේ සතුට වැඩි කරගන්න පුළුවන්? මේකට පුංචි දෙයක් එයාලා කරලා තියෙනවා. සතුටින් ඉන්න මිනිස්සුන්ව අරගෙන ඔවුන්ව අධ්‍යනය කරලා Experiment 4ක් කරලා තියෙනවා. ඒ හතරෙතන් Learnings කිහිපයක් තියෙනවා. දැන් අපි බලමු මොනවද ඒ Experiment 4, මොනවද ඒ Learnings කිහිපය කියලා.

පළවෙනි Experiment එක තමයි, එයාලා කණ්ඩායම් 3කට කට්ටියව බෙදුවා. පළවෙනි කණ්ඩායමට කිවුවා ඊළඟ සති 6ටම ඔයාට වෙන Greatful Incidents (ස්තූතිවන්ත වෙන්න පුළුවන් දේවල්) 5ක් ලියන්න ඕනෙ. හැබැයි, සතියට තුන්පාරක් ලියන්න ඕනෙ. දෙවෙනි කණ්ඩායමටත් කිවුවා ඒ විදියටම ඒක Follow කරන්න. හැබැයි, සතියට තුන්පාරක් ලියන්න එපා. හැබැයි සතියට එකපාරක් විතරක් ඒක කරන්න කියලා. තුන්වෙනි කණ්ඩායමට මුකුත්ම කරන්න කිවුවෙ නෑ.
Group 1
Next 6 week
Greatful incidents
5 incidents
3 times per week

Group 2
Next 6 weeks
Greatful incidents
5 incidents
Once a week

Group 3
Nothing
දැන් අපිට ස්තූතිවන්ත වෙන්න පුළුවන් සිද්ධි දවස ගානෙ වෙනවනෙ. ඒවා සතියට තුන් පාරක් ලියන්න කිවුව කියන්නෙ එයාලට තමයි වැඩිපුර ලියන්න කියලා තියෙන්නේ. එතකොට එයාල නිතර නිතර මතක් කරලා නිතර නිතර ලියනවා. ඕනෙම කෙනෙකුට හිතෙන්නෙ ඒක තුන්පාරක් ලියපු කෙනාවෙ සතුට වැඩි වෙලා ඇති කියලනෙ. නැහැ, එහෙම වුණේ නැහැ. සතියට එකපාරක් ලියපු කෙනා ඉන්නව නේද. එයාගෙ තමයි අනිත් දෙගොල්ලන්ටම වඩා සතුට වැඩියෙන් තියෙන්නේ. කොටින්ම කියනව නම් අර තුන්පාරක් ලියපු කෙනාගෙ සතුට මුකුත්ම ලිවුවෙ නැති කෙනාගෙ සතුටට සමානයිලු. ඇයි එහෙම වුණේ? මොවුන් හොයාගෙන තියෙනවා, Greatful වෙන්න ඕනෙ දෙයක් වුණත් සතියට තුන්පාරක් ලියන්න වුණාම ටිකක් වෙහෙසකාරී බවක් දැනෙන බව. එහි වෙහෙසකාරී තත්ත්වය නිසා එය කාලයක් කරගෙන යනකොට මුලදි එය කරන තරම් සතුටක් නොමැති බව. මෙහි නිගමනය තමයි ඔබේ සතුට Control කරන එකේදි ඔබ එය කරන සිතුවිල්ල, නැත්නම් ඔබ එය කරන වෙලාව බලපානවා.

දෙවෙනි Experiment එක විදියට මොවුන් කණ්ඩායම් දෙකකට කට්ටියව බෙදුවා. ඊට පස්සෙ ඔවුන්ට පුළුවන් විදියට මිනිස්සුන්ට උදවු කරන්න කිවුවා. බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම දෙන්න, ගෙයක් හදාගන්න පොඩි මුදලක් දෙන්න වගේ පොඩි හොඳ දේවල් ටිකක් කරන්න කිවුවා. පළවෙනි කණ්ඩායමට ඔවුන් කිවුවා සතියක් පුරාවටම එය කරන්න කියලා. හැබැයි මේ වගේ හොඳ දේවල් දවසකට පස් වතාවක් කරන්න කියලත් ඔවුන්ට කිවුවා. දෙවෙනි කණ්ඩායමට කිවුවා සතිය පුරාවටම හොඳ වැඩ 5ක් විතරක් කරන්න කියලා. පළවෙනි කණ්ඩායම දවසකට හොඳ වැඩ 5ක් දෙවැනි කණ්ඩායම සතියටම හොඳ වැඩ 5ක්.
Group 1
Entire week
5 times in one single day

Group 2
Entire week
5 times per week
ලැබුණු ප්‍රථිපලය පුදුම සහගත වුණා. ඔයා හිතන්නෙ කාගෙ සතුට වැඩි වෙලා ඇති කියලද? දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන් වන අපි වුණත් අපි කරන හොඳ වැඩ ලිවුවා නම්, අපි වුණත් පොඩි පොඩි හොඳ දේවල් සතියක් ඇතුලත කරනවා. අපි ඒවා නොලියන එකයි තියෙන වෙනස. ඒ නිසා අපිට ඒක වැඩිය දැනෙන් නෑ. නමුත් එක දවසක් ඇතුලෙ හොඳ වැඩ 5ක් කරා කිවුවම ඒක සාමාන්‍යයෙන් ඇඟට දැනෙනවා. ඒ නිසා දවසකට ඒ පහ ලියපු අයගෙ තමයි සතුට වැඩි වෙලා තියෙන්නෙ. ඒ නිසා ඒ Experiment එකෙන් ඔවුන් ගත්ත Learning එක තමයි අපි එය කරන Timing එකත් වැදගත් වගේම එය කරන Frequency එකත් සතුට Control කරන්න වැදගත්.

තුන්වෙනි Experiment එක විදියට කණ්ඩායම් දෙකක් ගත්තා. කලින් වගේම ඔවුන්ට සත්ක්‍රියාවක් කරන්න සති 10ක් ලබා දුන්නා. හැබැයි ඔවුන් සතියකට සත්ක්‍රියා 3ක් කළ යුතුයි. හැබැයි සතියෙන් සතිය කරන සත්ක්‍රියාවන් වෙනස් වෙන්නත් ඕනෙ. දෙවෙනි කණ්ඩායමට කිවුවා ඔවුන්ට සතියකට සත්ක්‍රියා 3ක් කරලා අනිත් සතියෙ මුකුත්ම නොකර ඉන්න කියලා. ආය ඊළඟ සතියෙ එකම තුන කරන්න ඕනෙ. සතියක් ඇර සතියක් එකම විදියට කරන්න ඕනෙ.
Group 1
10 weeks
3 activities per week
Change the activity every week

Group 2
10 weeks
3 activities per week
Week after week
මොකක්ද ආපු නිගමනය? දෙවෙනි කණ්ඩායමේ සතුට වැඩි වුණ එක කොහොම වුණත් අඩුම තරමෙ තිබ්බ සතුටවත් ලැබුණෙ නැහැ. ඔවුන්ගෙ සතුට අඩු වුණා. සතියෙන් සතිය එක එක දේවල් කරපු පළවෙනි කණ්ඩායමේ සතුට වැඩි වුණා. මොකක්ද මෙහි Learning එක? මේකෙ Learning එක ඔවුන් සොයාගෙන තියෙනවා ඔබගේ සතුට තීරණය කරන තව සාධකයක් විදියට Timing, Frequency වගේම ඔබේ ජීවිතයේ පොඩි විවිධත්වයක් තිබිය යුතු බව සහ එකම දේ නැවත නැවත කිරීමේදී ඔබේ සතුටේ වැඩිවීමක් නොවෙන බව. මේ පොතේ තියන විදියට මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි, අපි කරන දේවල් එක එක විඪි වලින් කරන එක. උදාහරණයක් විදියට ඔයා Journal එකක් maintain කරනව නම්, ඔයා කෙනෙකුට සලකපු එකක් ඔයා ඒකෙ ලියනවා. ඒ ඔයාගෙ දැක්ම වැඩි කරගන්න. මේ පොතේ තියෙනවා, ඔබේ දැක්ම වැඩි කරගන්න කළගුණ සලකපු දේවල් ලියන එක විතරද ඔබට කරන්න පුළුවන්? එහෙම කරන්න තව දේවල් තියනවද කියන එක. උදාහරණයක් විදියට කාට හරි කෝල් එකක් දෙන එක, උපදෙසක් ගන්න එක. නැත්නම් වෙන මොනවද මගේ දැක්ම වැඩි කරගන්න කරන්න පුළුවන් දේවල්? එකම ගෝල් එකට යන්න කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවගෙ විවිධත්වයක් ඔයා ඔයාගෙ ජීවිතේට එකතු කරගන්න. උදාහරණයක් විදියට ඔයාට ෆිට් එකේ ඉන්න ඕනෙ Goal එකක් තියෙනව නම්, හැමදාම Track එකට ගිහින් දුවන එක නම් ඔයා කරේ, ඒ ෆිට් එකේ ඉන්න මොනවද ඔයාට කරන්න පුළුවන්? එක්කො දුවන Track එක වෙනස් කරන්න ඕනෙ. දුවන් නැතුව බයිසිකල් පදින්න. ඒ වගේ කරන්න පුළුවන් විවිධත්වයක් තියෙනව නම් ඒවා එකතු කරන්න.

හතරවෙනි Experiment එක තමයි කට්ටිය කණ්ඩායම් 2කට බෙදුවා. කෙටියෙන්ම කියනව නම්, එක කණ්ඩායමකට කිවුවා මේ නිශ්චිත වෙලාවෙ විතරයි දිගටම මේ වැඩේ කරන්න ඕනෙ කියලා. අනිත් කණ්ඩායමට කිවුවා එකම ගැප් එක (පැය දෙක නම් පැය දෙක) වුණත් කැමති වෙලාවක ඒ වැඩේ කරන්න කියලා.
Group 1
නිශ්චිත වෙලාවෙ විතරයි

Group 2
කැමති වෙලාවක

නිගමනය විදියට සතුට වැඩි වුණේ Fecsible time gap එකක් දීපු කට්ටියගෙ. එකම දේ එකම gap එක ඇතුලෙ කරන්න ගියපු කට්ටියගෙ සතුටෙ වැඩි වීමක් තිබුණෙ නෑ. මේකෙ Learning එක මොකක්ද? ලෝකෙ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ උදේ 8 ඉඳන් හවස 5 වෙනකල් ජොබ් එක කරන්න. හැමදාම සඳුදා උදේ 7ට ඉන්න තැන තමයි අපි ඊළඟ සතියෙ සඳුදා උදේ 7ටත් ඉන්නෙ. අද ඒ බිල්ඩින් එක මම 7ට පහු කරනව නම් ඊලග දවසෙ උදේ 7ටත් මම ඒ බිල්ඩින් එක පහු කරනවා. එතන හරිම Fix schedule එකක් තියෙනවා. මේක තමයි අපිට මේ පොතෙන් දෙන Lesson එක. ඔවුන් කියනවා, පුළුවන් නම් උදේ 8 ඉඳන් 5 වෙනකල් වැඩ කරන ඔයාට ජොබ් එක අනුව ඔයාට අවස්ථව තියෙනව නම් අද ඔබ 8 ඉඳන් 5 වෙනකල් වැඩ කරන්න. හෙට ඔබ 10 ඉඳන් 7 වෙනකල් වැඩ කරන්න. ඊඳග දවසෙ 10 ඉඳන් 9 වෙනකල් වැඩ කරලා බලන්න. ඒ වගේ ඒ වැඩ කරන gap එක වෙනස් කරන්න පුළුවන් නම් (ලෝකෙ කම්පැණි තියෙනව Fecsible time working hours දීලා තියෙන). නමුත් මෙය හැම ජොබ් එකටම කරන්න බැහැ. හැබැයි මේ පොතේ තියනව මේ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන් නම් ඒක අනිවාර්‍යයෙන් මේ Timing, මේ gap කියන දේ ඔබේ සතුටට බලපාන බව.

මේ සතුට පිළිබඳව අපි කතා කරපු දේවල් අපි පොඩි සාරාංශයකින් බලමු. මේ දේවල් ටික ලියලා තියාගත්තත් කමක් නෑ.

1-Three factors affectors affecting your happiness
පෞද්ගලික තත්ත්වයන් – 10%
ජාන – 50%
සිතුවිලි සහ හැසිරීම් – 40%

2- සිතුවිලි සහ හැසිරීම් සතුටට බලපාන විදිය
Timing
Frequency
Variety
Time gaps

ජීවිතේ අපි හැමෝම සතුට පස්සෙ ගියාට, සතුට වෙනුවෙන් වැඩ කරාට, ඒ වෙනුවෙන් කැප වුණාට මෙය පිටිපස්සෙ තියෙන Psychology එක පිළිබඳව ඔබට අදහසක් තිබිලා නැත්නම් මේ ලිපියෙන් ඒ සම්බන්ධ දැනුමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *