Harmony Center වෙත විසිහත්වෙනිදා වැටීමට නියමිත මිසයිල හතර

by | Apr 25, 2024 | Social Space | 0 comments

Harmony Center කලා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන නාට්‍ය ප්‍රදර්ශනයක් අප්‍රේල් 27 දින සවස 6.30ට නො. 561, සිරිමැදුර, ගංගාරාම පාර,වේරහැර, බොරලැස්ගමුව ලිපිනයේ පිහිටා ඇති එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය. මෙහි දී රාජ්‍ය නාට්‍ය හා යොවුන් නාට්‍ය සම්මානලාභී නාට්‍යවේදී සචිත්‍ර රාහුබද්ධ විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්මානලාභී කෙටි නාට්‍ය හතරක ගොමුවක් “හිතට වැටුනු මිසයිල” නමින් ප්‍රදර්ශනය කරන අතර මෙම ප්‍රදර්ශනය සිදු කරන්නේ ගාස්තු අය කිරීමකින් තොරවයි. නාට්‍ය නැරබීමට කැමති කෙනෙක් වෙතොත් 0752313405 හෝ 0753192028 අංක අමතා ආසනයක් වෙන් කරගෙන නොමිලේ මෙම නාට්‍ය හතර නැරඹීමට හැකි ය.

Harmony Center කලා මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ අපගේ No Names Collective සාමූහිකය විසිනි. අපගේ මෙම එකතුව විවිධ ශක්‍යතාවයන් ඇති විවිධ නිර්මාණශීලී දේ කිරීමට සමත් පුද්ගල කණ්ඩායමක එකතුවකි. දැනුමින් සන්නද්ධ වූ, අධ්‍යාපනයෙන් ඌණ නොවූ පොහොසත් සමාජයක් නිර්මාණය කරගැනීම අපගේ අරමුණයි. ඒ මක්නිසාද යත්, එවැනි පොහොසත් සමාජයක් රටක සහ ලෝකයේ ඉදිරිගාමීත්වය තීරණය කරනු ලබන ගාමක බලවේගයක් බවට අප විශ්වාස කරන බැවිණි. Harmony Center කලා මධ්‍යස්ථානය වශයෙන් අප, රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින්නේ සමාජය, සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් විවෘත සංවාදයන් සඳහා අප සමඟ එකතු වන ලෙසයි.

ඒ සඳහා අප මේ වන විට විවිධ තේමාවන් ඔස්සේ මසකට වැඩසටහන් දෙක බැගින් වැඩසටහන් අටක් සංවිධානය කර ඇති අතර ඒ අතුරින් සංගීතය සහ නර්තනය සම්බන්ධයෙන් වැඩසටහන් දෙකක් සහ නිර්මාණශීලී ආර්ථිකය සම්බන්ධ සාකච්ඡා සභාවක් පවත්වන ලදි. අප්‍රේල් මස 27 වන දින සවස 3.30ට "සමාජ වෙනසක් සඳහා කලාවේ බලපෑම" මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා සභාවක් පැවැත්වීමට නියමිත අතර, ඉන්පසු සවස 6.30ට නාට්‍ය ප්‍රදර්ශනය ඇරඹේ.

මැයි මස 11 දින සමාජයේ කැපීපෙනෙන මාතෘකා දහයක් සම්බන්ධයෙන් පවත්වන කෝපි මේස සාකච්ඡාවක් ද (Human Library), මැයි 25 දින සිනමා ප්‍රදර්ශනයක් ද, ජුනි 08 කාව්‍යමය ඉදිරිපත් කිරීමක් සහ Stand-up Comedy ඉදිරිපත් කිරීමක් ද, ජුනි 23 මානසික යහපැවැත්ම සඳහා වන සංගීතමය වැඩසටහනක් (Healing Music) සහ අවසාන වශයෙන් ජුලි 06 දින ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) පැවැත්මට නියමිත අතර, මෙම වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට කැමති තරුණ තරුණියන් හට 0777268084, 07531922028, 0777371745 යන අංක වලට අමතා මෙම වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි. ඒ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ. මීට අමතරව සාකච්ඡා මණ්ඩප කිහිපයක් ද පැවැත්වීමට නියමිත නිසා ඉදිරි වැඩ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ඉහත අංක ඇමතීමෙන් හෝ Harmony Center by No Names ෆේස්බුක් පිටුව Follow කිරීමෙන් දැනගත හැකියි.

Past Event Photos Link

Facebook
YouTube

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *