සාමාන්‍යයෙන් ලෝකෙ ප්‍රධානතම පීසා වර්ග, එහෙම නැත්නම් ජනප්‍රියම පීසා වර්ග අතර දෙවැනි තැන තියෙන්නෙ Domino’s Pizza. ඔවුන් දෙවෙනි වෙන්නෙ Pizza Hut ආයතනයට විතරයි. Domino’s Pizza අද ලෝකයේ රටවල් 80කට අධික සංඛ්‍යාවක බෙදාහරිනු ලබනවා. අපේ ලංකාව තුළත් මේ පීසා ඉතාමත්ම ජනප්‍රියයි. ඒ වගේම ඔබ වුණත් Domino’s Pizza ඕනතරම් කාලා ඇති. Domino’s අද වෙද්දි ලෝකය පුරා ලබාගෙන ඇති ජනප්‍රියත්වය, එහෙම නැත්නම් මේ ආයතනය ලබාගෙන ඇති සාර්ථකත්වය පිටුපස එහි නිර්මාණකරුවා විසින් කරන ලද අසීමිත කැපකිරීමක් තිබෙනවා. එහි ප්‍රධානතම නිර්මාණකරුවා, එහෙම නැත්නම් Founder විදියට සැළකෙන්නේ Tom Monaghan. ඉතාම කුඩා තැනකින් ජීවිතය පටන් අරන් බිලියනපතියෙක් වූ මහා යුගපුරුෂයෙක්. අද ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔහු විසින් Domino’s Pizza ආයතනය නිර්මාණය කළ ඒ විශ්මිත කතා පුවතයි.
Thomas Stepher Monaghan උපන්නේ 1937 අවුරුද්දෙ මාර්තු මාසෙ 25 වෙනිදා. ඇමෙරිකා එක්සත් ජනපදයේ Michigan ප්‍රදේශයට අයත් Ann Arbor (ඈන් ආබර්) නම් කුඩා ග්‍රාමීය ප්‍රදේශයේ තමයි ඔහු ඉපදුනේ. තෝමස්ට වයස අවුරුදු 4ක් විතර වෙද්දි ඔහුගෙ පියා හරිම අවාසනාවන්ත විදියට මිය ගියා. පියාගෙ අභාවයෙන් පස්සෙ තෝමස්ගෙ මවට තෝමස්ව සහ ඔහුගේ කුඩා සොහොයුරාව බලාගන්න සිද්ධ වුණා. නමුත් ඇයට වත්කමක් සහ ඊට හැකියාවක් තිබුණෙ නෑ. මේ නිසාම ඇය කුඩා තෝමස්ව සහ ඔහුගේ කුඩා සොහොයුරාව 1943 වර්ෂයේ පමණ කාලයේදී අනාථ ළදරු නිවාසයකට බාර දෙනවා. තෝමස් සහ ඔහුගේ සොයුරා 1949 වර්ෂය වන තෙක් රැඳී සිටියේ මිචිගන් ප්‍රදේශයේ ජැක්සන් නගරයේ පිහිටි සෙන්ට් ජෝසප් කියන ළමා නිවාසයේ. මේ ළමා නිවාසය කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ලද්දක්. ඔවුන් හඳුන්වනු ලැබුවේ ෆිලීෂියන් සිස්ටර්ස් කියන නමින්. මේ කන්‍යා සොහොයුරියන් තෝමස් සහ ඔහුගෙ සොහොයුරා ධාර්මික කතෝලිකයන් බවට පත් කරා. ඒ අතරෙදි තමයි ඔවුන් දෙන්නා යහපත් හික්මීමකට ලක් වෙන්නෙ. 1949 අවුරුද්දෙදි කොහොම හරි තෝමස්ගෙ අම්මා ඇවිල්ලා තමන්ගෙ දරුවො දෙන්නව ආපහු ළමා නිවාසෙන් අරගෙන යනවා. 1953 වර්ෂයේදී Thomas Stepher හට අවශ්‍ය වෙනවා ඇමෙරිකානු හමුදාවට බැඳෙන්න. ඇත්තටම ඔහුට ඕනෙ වෙලා තිබුණෙ ඇමෙරිකානු පාබල හමුදාවට බැඳෙන්න. හැබැයි ඔහු වැරදිලා අයදුම් කරලා තිබුණෙ ඇමෙරිකානු නාවික හමුදාවෙ ගොඩබිම් මෙහෙයුම් වල නිරත වෙන හමුදා අංශයටයි. කොහොම වුණත් ඔහු මේ විදියට වැරදි හමුදා ඛණ්ඩයට සම්බන්ධ වුණත් 1959 වර්ෂයේදී ඔහු හමුදාවෙන් ඉවත් වෙද්දි ඔහුට ගෞරව සම්මානයක් පවා හිමි වෙලා තිබුණා. 1959 අවුරුද්දෙදි ආපහු ඈන් ආබර් වෙත පැමිණි තෝමස් Michigan විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමේ බලාපොරොත්තුව හිතේ තියාගෙන. මොකද ඔහුට හොඳට චිත්‍ර අඳින්න, නව නිර්මාණයන් සිද්ධ කරන්න හැකියාව තිබුණු නිසාවෙන්මයි. හැබැයි විශ්ව විද්‍යාලයේ මේ විෂය හැදෑරීම සඳහා අධික වියදමක් දැරීමටයි ඔහුට සිද්ධ වුණේ. මොකද එයට අවශ්‍ය ආම්පන්න සහ චිත්‍ර කඩදාසි මිල දී ගන්න එවකට වැඩි වියදමක් වැය වුණු නිසා.
මේ නිසා තෝමස් ඔහුගේ සොහොයුරා වූ ජේම්ස් සමග සාකච්ඡා කරලා පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා. එවකට තෝමස් අතේ ඉතිරි කරගත්ත මුදල් ප්‍රමාණයක් තිබ්බා වගේම ජේම්ස් රස්සාවක් නැතිවයි හිටියේ. මේ දෙන්නා ඇමෙරිකානු ඩොලර් 900ක මුදලක් ආයෝජනය කරලා මිචිගන් වල තිබුණු Dominicks’s PIZZA නම් වුණු Pizza Stall එක මිල දී ගන්නවා. Pizza කියලා කියන්නෙ එවකට මිචිගන් වල එවකට එතරම් ජනප්‍රිය නොවුණත් තෝමස් මෙයින් යම් මුදලක් උපයන්නයි සමත් වුණේ. ඊට පස්සෙ ඔහු තීරණය කරනවා නැවතත් ගෘහ නිර්මාණ ශිල්පය සඳහා යොමු නොවී දිගටම Pizza නිශ්පාදනය Continue කරගෙන පවත්වාගෙන යන්න. ඔහු තමාගෙ සොහොයුරාට සඳහන් කළේ මේ ව්‍යාපාරය පාඩු ලැබුවත් කෙදිනක හෝ ලාභ ලබන ව්‍යාපාරයක් බවට තමන් මෙය පත් කරනව කියලා. ඒ නිසාම ජේම්ස් ඔහුගෙ සොහොයුරාගෙ අධිෂ්ඨානය විශ්වාස කරමින් දිගටම ඔහුත් එක්ක රැඳී සිටියා. තෝමස් මුලදි පීසා එක්ක සැන්විච් අලෙවි කළත් පස්සෙ ඒක නවත්තලා දාලා පීසා ව්‍යාපාරය නව මුහුණුවරකින් අලුත් විද්යට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරයක් ආරයක් ගැන කල්පනා කර කර හිටියා. මේ නිසා ඔහු එවකට පැවති අනිත් පීසා ව්‍යාපාර වලට වඩා වෙනස් පෙට්ටියක් මේ සඳහා නිර්මාණය කරා. විශ්ව විද්‍යාල සිසුන් ආකර්ෂණය කරගත හැකි ලෙස නිර්මාණය කළ මේ අලුත් පෙට්ටිය වැඩි වෙලාවක් පීසා උණුසුම්ව තබාගත හැකි ලෙසත්, එකවර පීසා කිහිපයක් තබාගෙන ගෙන යා හැකි ලෙසත් ඔහු නිර්මාණය කරා. මේ නව නිර්මාණය සැබවින්ම වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගන්න සමත් වුණා කියලා අපට බය නැතුව කියන්න පුළුවන්. මේ කාලෙදි තමයි Dominicks’s PIZZA යන ඔහුගේ ව්‍යාපාර නාමය පිළිබඳව ගැටළුවක් ඇති වුණේ. ඉතින් ඔහු නඩු මගට ගිය අතර ඊටපස්සෙ ඒ ව්‍යාපාරයේ නාමය Domino’s Pizza ලෙස වෙනස් කිරීම සිද්ධ කරනවා. Domino’s Pizza නව මුහුණුවරකින් පාරිභෝගිකයන් අතරට ගිය අතර ඔහුට තව වෙළඳසැල් 3ක් ආරම්භ කිරීමටත් මේත් එක්කම අවස්ථාව හිමි වුණා. ඔහු තමාගෙ ආදායමෙන් ඔහුගෙ සොහොයුරාට ඔක්ස්වැගන් (4.32) වර්ගයේ අලුත්ම මෝටර් රථයක් මිල දී ගෙන දුන් බවත් අන්තර්ජාලයේ වාර්තා තුළ සඳහන්. ඉතින් ටිකෙන් ටික මේ විදියට දියුණු වුණු Thomas Stepher Monaghan ගෙ Pizza ව්‍යාපාරය 1980 වර්ෂය වෙද්දි ඉතාම සාර්ථක මට්ටමකටයි ළඟා වුණේ. එය කෙතරම් සාර්ථක වුනාද කියනවා නම් ඔහු නව Franchise System එකක් තමන්ගෙ ව්‍යාපාරය ඇතුළට අරගෙන ආවා. මේ හරහා බාහිර ව්‍යාපාරිකයන්ට Domino’s Pizza Stall ආරම්භ කිරීමේ හැකියාව ලැබුණු අතරම මේ System එක යටතේ දිනකට නව Pizza Stall 3ක් ඇරඹෙන මට්ටමකට ඔහු මේ ව්‍යාපාරය සාර්ථක කරගත්තා. ක්‍රම ක්‍රමයෙන් Thomas Stepher Monaghan මුළු ඇමෙරිකා එක්සත් ජනපදයම දන්නා හඳුනන පුද්ගලයෙක් බවට පත් වෙන්න ගත්තා. ඒත් එක්කම ඔහු නිතැතින්ම ධනවත් ව්‍යාපාරිකයෙක් බවට පත් වී තිබුණා. මේ කාලෙ Thomas Stepher Monaghan ව හඳුන්වනු ලැබුවේ Tom Monaghan කියන නමින්. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ මේ කියන Tom Monaghan කියන නාමයෙන්.
තෝමස් තමන්ගෙ ව්‍යාපාර කටයුතු අතරතුර සමාජ ක්‍රියාකාරකයෙක් විදියටත් එවකට ඇමෙරිකානු සමාජයේ විවිධ සමාජ කටයුතු වලට සම්බන්ධ වී සිටි අයෙක්. විශේෂයෙන්ම ඔහු ගබ්සාවට විරුද්ධව ගෙන ගිය සමාජ ව්‍යාපාර සඳහා මුදල් වියදම් කරමින් ඔහු ඒ වෙනුවෙන් සෘජුවම පෙනී හිටපු කෙනෙක්. හැබැයි 1989 වර්ෂය ආසන්න වකවානුව වෙද්දි ඔහුගේ ව්‍යාපාරයට ගබ්සාව නීතිගත කළ යුතු බවට යෝජනා කළ සිවිල් සංවිධාන වලින් දැඩි විරෝධයක් එල්ල වුණා. National Organization For Women නමින් ක්‍රියාත්මක වුණු සංවිධානය Domino’s Pizza වර්ජනය කිරීමට තමන්ගෙ සාමාජිකාවන් දිරි ගැන්වීම සිද්ධ කළා. මේ නිසා Domino’s Pizza අපේක්ෂිත ලාභ මට්ටම කරා ළඟා නොවුන බවයි මේ කතාවෙ ඉතිහාසය කියාගෙන යද්දි කියන්න වෙන්නෙ. කොහොම නමුත් තෝමස් තමන්ගෙ මතය කිසිසේත්ම වෙනස් කළේ නෑ. 1998 වර්ෂයේදී Thomas Stepher ඔහුගේ ව්‍යාපාර අයිතියෙන් 93%ක් Bain Capital සමාගමට විකිණීමට කටයුතු කරනවා. ඒ යටතේ ඔහුට ලැබුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයක්. මේ අනුව Thomas Stepher Monaghan ලෝක ධනවතුන්ගේ බිලියනපතියන්ගේ සුපිරි ලැයිස්තුවට ඒ විදියට ඇතුළත් වුණා. මෙයින් පසු ඔහු කාලයක් ව්‍යාපාර ලෝකයෙන් ඉවත්ව ඉතාම නිස්කලංක ජීවිතයක් ගත කළා කියලයි සඳහන් වෙන්නෙ. විශේෂයෙන්ම ඔහු බේස්බෝල් ක්‍රීඩාවට අසීමිතව ආදරය කරන පුද්ගලයෙක්. එක්සත් ජනපදයේ ප්‍රකට බේස්බෝල් කණ්ඩායමක් වන (6.30) Tiger කණ්ඩායම කාලයක් ඔහුට අයත්ව තිබූ එකක්. කොහොම හරි 1991 වර්ෂය ආසන්නයේ ඉඳන් ඔහු මෝටර් රථ සඳහා විශාල වියදමක් ආයෝජනය කළා. පොඩි කාලෙ ඉඳන්ම ඔහු ගෙවූ කටුක ජීවිතය මග හරවා ගැනීමට ඔහු විශාල වෙහෙසක් ගත් බව වරක් ඔහු මාධ්‍යට සඳහන් කරලා තිබුණු කාරණයක්. 1991 වර්ෂයේ දී ලෝකයේ පැවතියේ (6.49) වර්ගයේ මෝටර් රථ 6ක් විතරයි. හැබැයි ඒකෙන් එක මෝටර් රථයක් අයත්ව තිබුණේ ඔහුටයි. ඉන් පසුවත් ඔහු ඉතාම වටිනා සුඛෝපභෝගී වාහන එකතුවක හිමිකරුවෙක් බවට පත්ව සිටියා.
ඉතින් Domino’s Pizza ලෝකය පුරා මේ විදියට ජනප්‍රිය වෙද්දි කාලයක් නිහඬව සිටි ඔහු 2011 වර්ෂයේදී තවත් අලුත් ව්‍යාපාරයකට අත ගැසුවා. Green Burger Company නමින් තවත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළ ඔහු එය වඩාත් ජනප්‍රිය කරවන ලද්දේ හමුදා සෙබළුන් අතරයි. ඔහුගේ ව්‍යාපාර වල දැකිය හැකි විශේෂිත ලක්ෂණයක් වුණේ මේ විදියට විවිධ කණ්ඩායම් අලලා නිෂ්පාදන වෙනස්ම විදියට වෙනස්ම මුහුණුවරකින් නිකුත් කිරීම. Green Burger ව්‍යාපාරයත් Domino’s වගේම විශාල ජනප්‍රියත්වයක් එක්සත් ජනපදය තුළ ලබාගෙන තිබෙන එකක්. Thomas Stepher Monaghan අදටත් ජීවතුන් අතර ඉන්නෙ 85 වන විය පසු කරමින්. ඔහු මජෝරි සයිබැක් නම් කාන්තාවත් එක්ක විවාහ වුණු අතර දරුවන් සිවු දෙනෙකුගේ පියෙක් බවටත් සඳහන්. අද වෙද්දි ඔහු දරු මුණුපුරන් රැසක් සිටින සීයා කෙනෙක්. ජීවිතයේ සැදෑ සමය කතෝලික ආගමට ලැදිව ඉතාම ධාර්මිකව ගත කරන්න ඔහු වග බලාගෙන තියෙනවා. ඔහු අනාථ දරුවෙක්ව හිටපු කාලයේ ඉදන් ඔහුව රැක බලා ගත් කතෝලික කන්‍යා සොහොයුරියන් ඔහුට ලබා දුන් ආගමික මග පෙන්වීම ඒ ආකාරයෙන්ම ඉටු කරන්නෙක් බවට අද වෙද්දි පත්ව තිබෙනවා. ඔහු කතෝලික ආගමික සංවිධාන රැසක් හරහා දුප්පත් දරුවන්ට ආධාර උපකාර කිරීම සිද්ධ කරනවා. ඔහුගේ බිලියන ගණනක වත්කම අද වෙද්දි ආගම දහම වෙනුවෙන් වෙන් කර අවසන්. Domino’s Pizza බිහි කළ ඒ අද්විතීය ව්‍යාපාරිකයා, එහෙම නැත්නම් අනාථ දරුවා පිළිබඳවයි අද අපි මේ විදියට ඔබට අරගෙන ආවෙ.
0 Comments