කොරෝනා වසංගත කාලය තුල හා ආර්තික අර්බුදයෙන් ගැලවීම සදහා ඉංදියාවේ පිහිට පැතීමට සිදුවීම හරහා මේ වනවිට අප ඉංදියාවේ දැඩි ආක්‍රමණයට ලක්වී ඇති බව මෙරට ජනතාවට ඉතා හොදින් පෙනෙන්නට තිබේ. ලංකාවේ විදුලිබල ක්ශේස්ත්රයද ඉතා දරුණු ලෙස මෙම ආක්රමණයේ ගොදුරක් බවට පත්වී ඇති බව පෙනෙන්නට තිබෙන්නේ මෑත කාලයේ අසන්නට ලැබුනු කාරණා නිසාවෙනි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නීති සම්පාදනය වෙමින් පවතින මෙවන් කාලයක ඉංදියානු බලපැම් මෙතරම් තදින් එල්ලවීමද පුදුමයට කරුණක් නොවන්නේ භූගෝලීය දේශපාලනයේ මර්මස්තානයක් වන ශ්‍රී ලංකාවේ බලශක්ති ශේස්ත්‍රයේ පාලනය ලබා ගැනීම ඉංදියාව අන්තර් ජාතික දේශපාලනයේ ලබන විශාල ජයග්‍රණයක් වන නිසාවෙනි. එය ඔවුන්ගේ අඛණ්ඩ භාරත් සිහිනයේ විජයග්‍රහණයකි.
ගිවිසුම් ගැසූ පමණින් මේ දූශිත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම ලංකාව තුල පහසු වැඩක් නොවන බව ඉන්දියාව දනී. විදුලිබල පණත්, නීති රීති සම්පාදනයට මැදිහත් වීමටත් ඔබ්බට ගොස් වගකිවයුතු තනතුරු සඳහා ඔවුන්ගේ අල්ලේ නැටවෙන පුද්ගලයන් පත් කරගැනීම දක්වා ඔවුන්ගේ ආක්‍රමණය මේ වන විට ඔඩු දුවා ඇත.
කලක පටන් සිදුවන මෙම ආක්රමණයේ දරුණුම තත්වයට අදවනවිට ලඟා වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර සදහා ලංවිමෙන් පරිබාහිරව ඇමතිවරයාට අවශ්‍ය පුද්ගලයෙකු පත්කර ගැනීමට දරනා උත්සාහයත් සමගයි. කරුණු අනාවරනයවන අන්දමට මෙලෙස පිටස්තර පුද්ගලයෙකු පත්කිරීමේ ප්‍රදානතම අවශ්‍යතාව ඉදිරියේදී ඉංදියානු ආශිර්වාදය ඇති පුද්ගලයෙකු මෙම තනතුරට පත්කර ගැනීමට අවැසි මාවත විවර කර ගැනීමයි.
නේපාලය වැනි රාජ්‍යන්වල බලශක්ති ක්ශේස්ත්‍රය ඉංදියානු ආක්රමණයේ ගොදුරු බවට පත්වීම හරහා එම රටවල් දේශපාලනිකව අස්තාවරවී ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් මෙහි ඇති භායානකත්වය ඕනෑම කෙනෙකුට වටහාගත හැකිය.
ලංවිම වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා මෙම මස 19වන දින විශ්‍රාම යෑමට නියමිත අතර සාමාන්යෙන් පැවතුන ක්‍රමවේදය වූයේ ලංවිම තුල වසර 35කටත් වඩා වැඩි සේවා කාලයක් ඇති රටේ නිදහස් අධ්‍යාපනයේ ඉහලම ඵල නෙලා ගත් වරලත් විදුලි ඉංජිනේරුවෙකු කිසිම දේශපාලනික අතපෙවීමකින් තොරව එම තනතුර සදහා පත් කර ගැනීමයි.
නමුත් දැන් ඒ ක්‍රමවේදය පසෙකලා ඉන්දියානු පදයට නටන ඇමතිවරයාට අවශ්‍ය ලෙස ලංවිම තුල අද්දැකීමක් නැති පිටස්තර පුද්ගලයෙකු මෙම අතිශ්‍ය තීරණාත්මක ආයතනයේ ඉහළම විධායක තනතුරට දේශපාලනික වාසි වෙනුවෙන් පත්කර ගැනීමට දරන මෙම උත්සාහය හරහා සිදුවන්නේ රට නුදුරේදීම ඉංදියානු ආක්රමණයේ ගොදුරක් බවට පත්කිරීමේ දරුණු ඛේදවාචකයට මූණ දීමට සිදුවීමයි.
රජයේ තනතුරු වලට දේශපාලන අතකොලු පත් කිරීම තුල අද වන විට රට ඇද වැටී ඇති අගාධය ගැන සුළු හෝ හැඟීමක් ඇති කිසිඳු නිදහස් පුරවැසියෙකුට රාජ්‍ය ආයතන තුල සිදුවන මේ අත්තනෝමතික දේශපාලන අත පෙවීම් වලට එකඟ විය නොහැකිය.
මේ දූශිත ගනුදෙනු වෙනුවෙන් සිදු කරන දේශපාලන පත් කිරීම්වල විපාක විඳින්නට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවටය. ඒ වන විට ඇමතිවරයා හෝ ඔහුගේ දරුවන් හෝ මේ දුශිත ආණ්ඩුව හෝ රටෙහි නොමැති වේවි. නමුත් අනාගත පරපුරට රටකුත් ඉතුරු නොවේවි.
එමනිසා මෙම තීරණාත්මක කාලයතුල රටත් රටේ ජනතාවත් තව තවත් වලපල්ලට යවන මෙවැනි දේශපාලනික මැදිහත්වීම් සිදුනොකරන්නට වගකිව යුත්තන්ගේ ඇස් ඇරීමට කාලයයි.
0 Comments