Research වලට අනුව 2000 අවුරුද්දෙදි එක මනුස්සයෙක්ගෙ Average අවධානය තියා ගැනීමේ හැකියාව තිබ්බෙ තත්පර 12කට. අවුරුදු 22කට පස්සෙ අද මේක තත්පර 8.25කට වඩා අඩු වෙලා. Gold Fish කෙනෙකුගෙ අවධානය තියා ගැනීමේ හැකියාවටත් වඩා අඩුයි. ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නෙ? වැඩිය අවශ්‍ය නෑ. මේ ලිපිය කියවන කාලය අතරතුරේදි ඔයාගෙ ෆෝන් එකට කීපාරක් Notification එයිද, කීපාරක් ඔයාට මේ ලිපිය කියවන් නැතුව ඉන්න හිතෙයිද? ඒ තරමටම අවධානය තියා ගැනීම, Focus කිරීමේ හැකියාව අපිට ගොඩක් අමාරු වෙලා තියෙනවා. ඉතින් ඔයා ජීවිතේ කරන ඕනෑම ක්‍රියාවක් විධි 2කට බෙදන්න පුළුවන්.
Shallow work – ඒ කියන්නෙ, ඔයා මොලෙන් හිතලා, කල්පනා කරලා, Focus කරලා කරන වැඩ නෙමෙයි. නිකම් Flow එකට කිසිම ගේමක් නැතුව කරන දේවල්. ඒක ඔයාට කොයි තරම් අවධානය බිඳෙන සුලු පරිසරයක හිටියත් කරන්න පුළුවන්. ප්‍රශ්නෙ කියන්නෙ, මේ වගේ Shallow work කරලා ලෝකෙට කවදාවත් වටිනා දේවල් ගේන්න බෑ. ඔයාගෙ Job එකෙත් වැඩිපුරම තියෙන්නෙ Shallow work නම් ලේසියෙන්ම ඔයාව තව කෙනෙක්ට Replace කරන්න පුළුවන්.
Deep work – ඒ කියන්නෙ, කිසිම අවධානය බිඳෙන සුලු දෙයක් නැති පරිසරයක ඉඳලා Full Focus කරමින් Effort එකක් දීලා Brain Muscles දියුණු කරමින් කරන වැඩ. ඔයා කරන්නෙ එහෙම වැඩ නම් ඔයා ගොඩක්ම යෙදිලා ඉන්නෙ මේ Deep work වල. හැබැයි ලස්සනම දේ තමයි, මේ විදියට අළුත් නිර්මාණ, ජනප්‍රිය පොත්, දැවැන්ත ආයතන, නිර්මාණශීලී products, Designs, අළුත් සොයාගැනීම් වගේ හැම දෙයක්ම මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ Deep work mode එකේ ඉන්නකොට. එහෙම හැකියාවක් ඔයාට තියෙනව කියන්නෙ ඔයාව ලේසියෙන් Replace කරන්න ගොඩක් අමාරුයි.
උදා:- Bill Gates, Elon Musk, Harry Potter කතා මාලාව ලියූ J.K.Rowling. මේ හැමෝම කියනවා, Deep work mode එකේ ඉන්නකොට තමයි මේ හැම නිර්මාණයක්ම හැම අදහසක්ම අපි ක්‍රියාවලියට නැංවුවේ කියලා.
ප්‍රශ්නෙ කියන්නෙ මේ වගේ ඔයාගෙ අවධානය බිඳෙන සුළු, අවධානය එක එක තැන් වලට ඇදගෙන යන්න පුළුවන් පරිසරයක ජීවත් වෙනකොට එහෙම ලෝකෙක ඉන්නකොට කොහොමද මේ Deep work එකේ අපි මිනිස්සු විදියට නියලෙන්නෙ? Business Ownersලා විදියට, Foundersලා විදියට කොහොමද මේක කරන්නෙ?ව්මේ Deep work එකේ වැඩ කරන Skill එක අනාගතයේදී ලොකුම Demand එකක් තියෙන ඉල්ලුමක් විදියට පත් වෙනවා. ඉතින් මේ ගැන ලියලා තියෙන ලෝකෙ ජනප්‍රිය පොතක් තමයි මේ Deep Work කියන පොත.
ඔයාට කොච්චර Tight, කොච්චර අමාරු Shcedule එකක් තිබුණත් කොහොමද ඒකෙන් බැහැර වෙලා Full Focus කරලා, උපරිම අවධානය දීලා මේ Deep work mode එකේ යෙදිලා Better results, Better value, Better design, Better products වගේ දේවල් හදන්නෙ? ඉතින් මේ ලිපියෙන් අද අපි ඔයාට කියල දෙන්නෙ ඒ ගැන.
(1) Three types of people
ඉතින් මේ Deep Work පොත හරිම Interesting කතාවක් කියනවා. මේ පොත කියනවා, මේ ලෝකෙ යන විදිය අධ්‍යනය කරලා හොයාගෙන තියෙනවා අනාගතයෙදි මිනිස්සු ජාති 3ක් ඉන්නවා. ඒ ජාති 3 තමයි ලෝකෙ Survive වෙන්නෙ. ලෝකයත් එක්ක ඉදිරියට යන්නෙ.
Capital – capital එක තියෙන මිනිස්සු කියන්නෙ සල්ලි වලට අයිතිය තියෙන මිනිස්සු හෝ සල්ලි වලට Acces එක තියෙන මිනිස්සු. මොනා කරන්නත් සල්ලි තියෙන්න එපැයි.
Technology – Super advanced inteligent technologies සමඟ වැඩ කරන්න පුළුවන් මිනිස්සු.
Expert – අදාළ Fields වල ඉන්න Super starsලා, Expertලා.
ඉතින් මේ Deep Work පොත Focus කරන්නෙ මෙන්න මේ තුන්වෙනි ජාතියේ ඉන්න මිනිස්සුන්ව කොහොමද ඒ Field එකේ Expert කෙනෙක් බවට පත් කරන්නෙ කියන කාරණාව. හැබැයි මේ පොත කියනවා, ඔයාට මේ තුන්වෙනි ජාතියේ මනුස්සයෙක් බවට පත් වෙන්න, තුන්වෙනි Level එකට එන්න ඔයාට Skills දෙකක් තියෙන්න ඕනෙ.
Subject knowledge – අදාළ Subject එක ගැන A to Z knowledge එක ඔයාට තියෙන්න ඕනෙ. නැත්නම් Expert කෙනෙක් වෙන්න බෑ.
Quality results – ඔයාගෙ දැනුම, Expert knowledge එක Quality products, Quality results විදියට නිපදවීමක් විදියට එළියට ඉදිරිපත් කරන්න ඕනෙ. Product එකක් විදියට හෝ Service එකක් විදියට ඔයාගෙ මේ දැනුමෙන් කොහොම හරි ලෝකෙට වටිනා දෙයක් ඔයා ඉදිරිපත් කරන්න ඕනෙ. ඒක කරන්න පුළුවන් නම් මේ තුන්වෙනි ජාතියේ ඔයාට රැඳිලා ඉන්න පුළුවන්.
උදා:- Elon Musk- Rocket Sience පිළිබඳව Degree එකක් තියෙනවද? නැහැ. හැබැයි ඔහු මේ Subject එක සම්බන්ධයෙන් තියෙන හැම පොතක්ම වගේ කියෙවුවා. ඒ දැනුම එකතු කරගෙන SpaceX කියලා අභ්‍යවකාශෙට රොකට් යවන තැනට එයාට එන්න පුළුවන් වුණා. Quality products, Better results.
Dilmah Brand එකේ Founder, Merill J Fernando – අවුරුදු 30ක් මේ Tea Industry එක Study කරලා Better results, Better products කියන Dilmah Brand එකක් ලෝකෙට ගෙනාවා. තුන්වෙනි ජාතියේ පුද්ගලයෙක් බවට පත් වුණා.
එහෙම හැම දෙයක්ම එයාලට කරන්න පුළුවන් වුණේ අමාරු කාලෙ කොහොම හරි Focus කරලා Deep work එකේ යෙදුන නිසා. හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ, කොහොමද මේ Deep work එකේ මම නියැලෙන්නෙ?
(2) Choose your deep work style
ඔයාගෙ Deep work එකේ යෙදෙන්න පුළුවන් විධි 4ක් මේ පොත අපිට පැහැදිලි කරනවා. ඔයාගෙ Life style එක, ඔයාගෙ Shcedule එක, ඔයා කරන Job එක මත ඔයාට ගැළපෙන Deep work style එක ඔයා තෝරගන්න ඕනෙ.
Monastic style
මේකෙදි ඔයා පුළුවන් තරම් උපරිමේටම ඔයාගෙ ජීවිතේ තියෙන Shallow work ටික ඔයාගෙ ජීවිතෙන් අවම කරන්න හෝ සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. පුළුවන් උපරිම කාලයක්ම ඔයා වැය කරන්න ඕනෙ Deep work වල යෙදෙන්න විතරයි.
උදා:- ඔයාගෙ To Do List එකේ ඊළඟට තියෙන්නෙ Shallow work එකක් නම් එක්කො ඔයා ඒක නොකර බෑ කියලා Reject කරලා දාන්න ඕනෙ. මේක තමයි Deep work කරලා ඔයාට යන්න පුළුවන් Extreme level එක. Isaac Newton, Albert Einstein, Elon Musk වගේ මිනිස්සු ගැන කතා කරනකොට ඔවුන්ගෙ ආයතනය පටන් ගන්න වැඩ කරපු මුල් දවස් වල ඒ නිර්මාණ ලෝකෙට ගෙනියන්න, Better results, Better quality products ලෝකෙට ගේන්න මහන්සි වුණ මුල් කාලෙදි ගොඩක් වෙලාවට Monastic style approach එකක තමයි ඔවුන් මේ Deep work වල යෙදිල තියෙන්නෙ. ඔයා Scientist කෙනෙක් නම්, Research කරන කෙනෙක් නම්, Writer කෙනෙක් නම්, Film director කෙනෙක් නම් මේ වගේ සමහර වෘත්තීන් තියෙනවා ඔයාගෙ ජීවිතේ වැඩිපුර කාලයක් යෙදෙන්න ඕනෙ මේ Deep work mode එකේ. Monastic style approach එකේ තමයි වැඩිපුරම ඔයාගෙ වෘත්තිය යෙදිලා තියෙන්නෙ.
Bimodal style
මේකෙදි සිද්ධ වෙන්නෙ, හැමදාම Monastic approach එකක් අරගෙන හැමදාම Deep work එකේ යෙදෙන්න උත්සාහ කරන්නෙ නැහැ. ඔයා සතියට දවස් දෙකතුනක් නැත්නම් මාසෙට දවස් 5ක් වගේ වෙන් කරගෙන Shcedule එකක් හදාගන්න. ඒ නම් කරන දවස් වල ඔයා Monastic style approach එකෙන් Deep work වල යෙදෙන්න.
උදා:- Bill Gates මාසෙකට එක සතියක් ගන්නවා Think week එක කියලා. ඒකෙදි Office ප්‍රශ්න, ෆෝන් මොකුත් නෑ. එයා මේ සතිය ගත කරන්නෙ Deep work එකේ යෙදිලා සම්පූර්ණයෙන්ම පොත් කියවන එකට.
Rhythmic style
ඒකෙන් වෙන්නෙ, Deep work එකේ යෙදෙන්න නම් ඔයාට වෙනම Effort එකක්, වෙනම Will power එකක් දෙන්න ඕනෙනෙ. හැබැයි මේ Style එකේදි ඔයා කරන්නෙ Deep work එකේ වැඩ කරන එක ඔයා ඔයාගෙ Life එකේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් කරනවා. ඒ කියන්නෙ හැම සඳුදම සහ හැම බදාදම උදේ 9 ඉඳන් 12 වෙනකල් Library එකට ගිහින් Deep work එකේ යෙදෙනව කියලා පුරුද්දක් Lifestyle එකේ ඇති කරගන්නවා. ඔයා ඒක කාලයක් තිස්සෙ සිද්ධ කරනකොට හැම සඳුදම සහ හැම බදාදම උදේ 9 ඉඳන් 12 වෙනකල් කියන මේ කාලය Deep work එකේ යෙදෙන්න ඔයාගෙ ඇඟ ඇතුළෙම Rhythm එකක් බවට පත් වෙනව.
Journalistic style
මේකෙදි ඔයා Shcedule එකක් දාන්නෙ නෑ. දවසෙ ඔයාට හිතෙන හිතෙන වෙලාවට Deep work එකට යනව. Shallow work එක කරනවා. මෙහෙම මාරුවෙන් මාරුවට වැඩ කරනවා. මේ විදියට කරන්න පුළුවන් වුණත් මේ පොත කියන්නෙ, ඔයා මුලින්ම මේක Practice කරන්න යන කෙනෙක් නම් මේ විදියට පටන් ගන්න එපා කියලා. මොකද, මේක කරන්න Discipline එකක් නෑ. ඔයා එක්කො පළවෙනි එකෙන්, නැත්නම් දෙවනි එකෙන් හෝ තුන්වෙනි එකෙන් තමයි පටන් ගන්න ඕනෙ.
(3) Making deep work a habit
Deep Work පොතෙන් අපට කියලා දෙනවා මේ Deep work එකේ යෙදෙන එක පුරුද්දක් බවට පත් කරන්නෙ කොහොමද, පුරුද්දක් බවට පත් කරන්නෙ ඇයි කියලා. මොකද මේක කරන එක අමාරු දෙයක්නෙ. ලේසියෙන්ම කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් නම් ඒක පුරුද්දක් බවට පත් කරලා මේ Deep work එකේ යෙදෙන එක ඔයාගෙ Lifestyle එකට එකතු කරන්න. එතකොට ඔයාට ලොකු Effort එකක්, වෙනම Will power එකක් දීලා මේක කරන්න ඕනෙකමක් නෑ. කොහොමද මේක කරන්නෙ?
Place – පළවෙනියටම තීරණය කරන්න කොහෙද මං මේ Deep work එකේ යෙදෙන්න යන්නෙ. Library එකේද, නැත්නම් ඔයාගෙ කාමරේ දොර වහගෙන කිසිම Distraction එකක් නැති තැනකද, ඔයාගෙ Office cabbin එකේද නැත්නම් Garden එකේද, Roofs top එකේද, බස් එකේද , Coffee shop එකකද. මේ වගේ Deep work එකේ යෙදෙන්න පුළුවන් තැනක් තෝරගන්න.
උදා:- Harry Potter කතා මාලාවෙ අවසාන කොටස ලියන්න J.K.Rowling කියන කාන්තාව ගෙදර මේ වැඩේ කරන්න බෑ බබාලා කෑගහනව, සත්තු කෑගහනව කියලා Five star hotel එකක් Booked කරලා, එතන ඉඳන් තනියෙන් Focus කරලා Deep work එකේ යෙදිලා තමයි අන්තිමට ලියලා ඉවර කරන්නෙ.
How long – ඊළඟට Decide කරන්න How long you will it. කොච්චර කාලයක් ඔයාට ඕනෙද මේ වැඩේ කරන්න. මොකද, ඕනෙම Better product එකක් Quality result එකක් තීරණය වෙන්නෙ ඒ දේ කරන්න ඔයා Focus කරන්න යොදවන කාලය මත. වැඩේ පටන් ගන්න කලින් මිලින්ම ඒක ඔයා තීරණය කරන්න.
Rules – ඊළඟට Decide කරන්න ඕනෙ මේ Deep work එකේ යෙදෙන අතරතුර Follow කරන්න ඕනෙ Rules මොනවද කියන කාරණය.
උදා:- මං පොතක් ලියනව නම් කොච්චර පිටු ගාණක් මං ලියලා ඉවර කරනවද. Assignment එකක් හදනව නම් කොච්චර ප්‍රමාණයක් ලියනවද. Busines plan එකක් ලියනව නම් මේක ඉවර වෙනකල් ලියලද නැගිටින්නෙ. Research එකක් කරනව නම් කොයි කොයි Topicsද අද ලියලා ඉවර කරන්නෙ. මේ වගේ Rule එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයා ෆෝන් එක Offline තියනවද Online තියනවද. Notification on කරලා තියනවද off කරලා තියනවද. වැඩේ පටන් ගන්න කලින් මේ Rules ටික ඔයා මනසින් හදාගන්න.
Support – ඔයා මේ Deep work එක කරන්න යනකොට කොයි වගේ Support එකක්ද ඔයාට ඕනෙ? හිතලා බලන්න, මේ Deep work එකේ යෙදෙනව කියලා ඔයා කරන්නෙ මොකක්ද? ඔයාගෙ මොලේ තියෙන Neurons එක්ක සටන් කිරීමක් එතන කරන්නෙ. ඒක ඉක්මනින් වැය වෙනවා. ඔයාගෙ Brain එකේ musceles වර්ධනය වෙනවා. ඒ වගේම ඒකට ලොකු Effort එකක් Energy එකක් වැය වෙනවා. මේකට ඔයාට Support එකක් ඕනෙ. ඔයාට වතුර, කෑම, Fresh air, සමහර අයට Coffee, Chocolate, Background music එකක් වගේ දේවල් ඕනෙ වෙන්න පුළුවන්. Deep work එකේ යෙදෙන්න කලින් ඔයා මේ දේවල් ටික ලෑස්ති කරගන්න.
(4) Remove distractions
Deep work එකේ යෙදෙන්න යනකොට ඔයා කරන්න ඕනෙ ඊළඟ දේ තමයි ඔයාගෙ අවධානය බිඳෙන සුලු දේවල් ඔයාගෙ වටපිටාවෙන් ඉවත් කරගන්න එක. TV, Social media, සත්තු, යාළුවෝ, වාහන සද්ද, ගෙදර අයගෙ ඝෝෂාවල්, Calls වගේ ඔයාගෙ අවධානය බිඳෙයි කියලා හිතෙන හැමදෙයක්ම අයින් කරගන්න. ඔයා Open office space එකක වැඩ කරනව නම්, ගොඩක් මිනිස්සු ඉන්නව වගේ නම් ඔයාට ඒක Disturb කියලා හිතෙනව නම් ඔයාට පුළුවන් Headphone එකක් දාගෙන වැඩ කරන්න. එතකොට මිනිස්සු කියන දේවල් ඔයාට ඇහෙන් නෑ කියලා හිතලා ඔඩක් අය ඔයා වැඩ අතරතුරේ ඔයත් එක්ක කතා කරන්න එන්නෙ නෑ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන එකට Full try එකක් දුන්නොත් ඔයාට පුළුවන් තරම් Distractions අඩු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මං Email බලන්නෙ උදේටයි හවසටයි විතරයි, Social media use කරන්නෙ හවසට විතරයි කියලා සීමාවක් දාගන්න. මේ දේවල් ටික කරොත් Deep work mode එකට ගිහින් වැඩ කරන්න යන එකෙන් වෙන දේකට මාව ඇදලා ගන්න එකෙන් මට මාව බේරගන්න පුළුවන්. මේ Deep Work පොත කියනවා. ගොඩක් අය උත්සාහ කරනව Mutitasking වැඩ කරන්න. හැමදෙයක්ම එකපාර කරන්න. අපි හැමකෙන්ක්ම හිතන්නෙ එහෙම කරන එකෙන් Productive විදියට වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක එහෙම නෑ. එක University එකක් Research එකකින් හොයාගෙන තියෙනවා ඔයා A කියන වැඩේ කරලා ඒක ඉවර කරන් නැතුව B කියන Task එකට ගියොත් ඔයා B කියන Task එක කරන ගමන් වුණත් හැමවෙලේම හිතන්නෙ අර A එකේ ඉවර කරපු නැති ටික. ඇයි ඒක එහෙම වුණේ නැත්තෙ, ඇයි ඒක ඒ විදියට ආවෙ නැත්තෙ, තව ටිකයි මට තිබ්බෙ වගේ දේවල් ඔයාගෙ ඔලුවට එනවා. ඔයා Physicaly B Task එකේ වැඩ කරාට ඔයාගෙ මනස තියෙන්නෙ A Task එකේ.
(5) Shutdown time
Deep work එකේ ඉන්නකොට ඔයාට Better Results, Better Products, Better Decisions වගේ හැමදෙයක්ම ගේන්න පුළුවන් තමයි. අපි මිනිස්සු විදියට Shutdown time එකක් වැදගත් කියලා අමතක කරන්න එපා. ඒ නිසා ජීවිතේට නින්ද කියන දේ හරි වැදගත්. මේ Deep Work පොත නින්ද දිහා දකින්නෙ හරිම වෙනස් විදියකට. මේ පොත කියනවා, Deep work එකේ යෙදෙන මිනිස්සුන්ට මේකට ලැබෙන Price එක තමයි නින්ද කියන්නෙ කියලා. වෙන විදියකට කියනව නම්, Deep work එකේ යෙදෙන නිසා ඔයාට ලැබෙන Interest එක වගේ දෙයක් විදියට තමයි මේ පොත නින්ද කියන දේ දකින්නෙ. ඔයා Deep work එකේ ඉඳලා එළියට ආවම ඔයා ඉන්නෙ Subconscious mind එකේ. මේ Mind එකේ ඉන්නකොට තමයි ඔයාගෙ Creativity එක, Imagination එක, Memory power එක මේ ඔක්කොම වැඩ කරන්නෙ. සමහරවිට Deep work එකේ ඉන්නකොට හොයාගන්න බැරි වුණ උත්තරයක් Shutdown mode එකේ ඉන්නකොට ටක්ගාලා ඔලුවට එන්න පුළුවන්. Deep work mode එකේ ඉඳලා පණ දාගෙන Focus කරලා ඔයාට ලැබුණෙ නැති උත්තරයක් ඔයා ලයිට් ඕෆ් කරලා ඇඳට ගියාම ඇවිත් ඇති. එකපාරට ඇඳෙන් බිමට පැනලා ඔයා ඒක කොහෙ හරි ලියලා ඇති. මේ විදියට ආපු Business Ideas ව්‍යාපාර බවටත් පත් වෙලා තියෙනවා. මේ පොත අපිට මතක් කරන දේ තමයි Shutdown mode එකට යන්න අනිවාර්යයෙන්ම දවසෙන් වෙලාවක් වෙන් කර ගන්න. නිදාගන්න, Relax වෙන්න, Family එකත් එක්ක ඉන්න, ආස දෙයක් කරන්න වෙලාවක් තියාගන්න. මේකෙන් තමයි ඊළඟ දවසෙ Deep work එකේ යෙදෙන්න ඔයාගෙ Brain එක Recharge වෙන්නෙ.
මේ වගේ Technical පොතක් ඔයා අන්තිම වෙනකල් බැලුවා කියන්නෙ ඔයා Legend කෙනෙක්.
0 Comments