අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නෙ නළදත් පිහිටලා තියෙන අය ගැන. ඔයාටත් තියනවද අපි මේ කතා කරන නළදත්? එහෙම නම් ඔයත් විශේෂ කෙනෙක්. ඔයාට නළදත් නැති වුණාට ඔයා දැකලා තියනවනෙ නළදත් තියෙන අයව. රදනක දත් ළඟ නළදත් තියෙන කෙනෙක් හිනා වෙනකොට අමුතුම ලස්සනක් තියෙනව නේද? සාමාන්‍යයෙන් මිනිසුන් අතර නම් මතයක් තියනවා නළදත් එකක් හරි කිහිපයක් තියෙන එක ගොඩක් අශුභ දෙයක් කියලා. එහෙම අයගෙ ජීවිත වලට ගොඩක් කරදර බාධක තියෙනව කියලත් කියනවා. හැබැයි දේහ ලක්ෂණ විද්‍යාවේ නළදත් ගැන මීට වඩා වෙනස් දේවල් කියවෙනවා. අපි අද බලමු මේ කියන විශේෂ ලක්ෂණ මොනවද කියලා.
(1) වාසනාවන්තයි
පිළිවෙලට මනාව පිහිටන දත් පෙළක නළදතක් හරි දෙකක් හරි තියෙන කාන්තාවන් ඉන්නව නේද? එයාලා හරිම වාසනාවන්තයි. ඒ වගේම එයාලගෙ ජීවිතයේ ගොඩක් සෞභාග්‍යමත් විදියට තමයි ගත කරන්නේ. ඔවුන්ට යසසුරු නොඅඩුව ලැබෙනවා. පිරිමියෙකුට මනාව පිහිටි දත් පෙළකුත් එක්ක නළදතක් පිහිටනවා කියන්නේ එයාලා සමාජය ඉදිරියේ කීර්තිමත් ජීවිතයක් ගත කරන අය. වර්තමානයේ විද්‍යාඥයින්, දේශපාලකයින් වගේම කලා ශිල්පීනුත් ඉන්නවා මේ වගේම නළදත් තියෙන. දමිළ සිනමාවේ දියුණුවට විශාල වැඩ කොටසක් කරපු කමල් හසනුත් නළදතක් තියෙන කෙනෙක්.
(2) විශිෂ්ට මිනිසුන්
පිළිවෙලට තියෙන දත් පෙළක හිමිකාරිත්වය දරණ කෙනෙක්ට නළ දතකුත් තියෙනවා කියන්නෙ එම පුද්ගලයා විශිෂ්ට කෙනෙක්. ඒ වගේම ඔවුන් සාර්ථකත්වය ඉක්මනින්ම තමන්ගේ ජීවිතයට ලඟා කරගන්නවා. ඒ වගේම ඔවුන් වැඩ කරන ක්ෂේත්රයෙන් ඉහළට ගිහින් සාර්ථකව ජීවිතය ගත කරනවා.
(3) සාර්ථක පවුල් ජීවිතයක්
මේ විදියට නළදත් තියෙන අය විනෝදකාමීව පවුල් ජීවිතය ගත කරනවා. තමන්ගේ දූ දරුවන්ට ගොඩක් ආදරය කරනවා. කෙටියෙන්ම කිවුවොත් සාර්ථකව පවුල් ජීවිතය ගත කරනවා.
(4) ප්‍රසිද්ධිය
කලින් කියපු විදියට නළදත් තියෙන අය සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙනවා. ඔවුන් තමන් ඇසුරු කරන අය අතර නමක් දිනාගෙන ජීවත් වෙන අය. අපි මේ කියපු වාසනා ගුණය ඒ විදියටම ලැබෙන්නේ මුඛයේ දකුණු පැත්තේ ක්‍රමවත්ව නළදතක් තියෙන අයට. වම් පැත්තේ නළදතක් පිහිටන එක වාසනාවන්ත බව පෙන්නුම් කරන ලක්ෂණයක් නම් නෙමෙයි. ඒ වගේම අක්‍රමවත් දත් පෙළක මොන පැත්තෙ නළදතක් තිබුණත් අපි මුලින් කියපු විශේෂ දේවල් ලැබෙනව කියන්නත් බැහැ. නළ දතක් උඩ තවත් නළ දතක් පිහිටන එක නම් ගොඩක් අශුභ ලකුණක්.
අද ලිපියෙන් ඔබට ඔබ ගැන එහෙමත් නැත්නම් නළදත් තියෙන යාළුවා ගැන දැනගන්න පුළුවන් වුණා නේද?
0 Comments