ලෝකය තුළ මිනිසාගේ බලය අහෝසියි, කෘතිම බුද්ධිය මිනිස් මොළය අභිබවා යයි! | AI Technology In The 2050 | time2talk

AI තාක්ෂණය (Artificial Inteligent [AI] Technology) කියන්නේ වර්තමානය වෙන කොට විශාල වශයෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක්. කෘතීම බුද්ධිය ගැන අපි කතා කරන්න ගත්තේ මීට දශක ගණනාවකට පෙර සිටයි. නමුත් වර්තමානය වන විට එය යථාර්තයක් බවට පත් වී තිබෙනවා. පසුගිය වසර තුන තුලදී කෘතීම බුද්ධිය ඉතා සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත් පත් කරගන්නට සමත් වුනා. මේ නිසාම බොහෝ දෙනෙක් මේ වෙනකොට කෘතීම බුද්ධිය ගැන දක්වන්නේ සුවිශේෂී උනන්දුවක්. ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් තියෙන මේ කෘතීම බුද්ධිය අපේ රටට, අපේ ලෝකයට අනාගතයේදී මොන වගේ ප්‍රතිඵල ලබා දෙයිද? බොහෝ දෙනෙක් තුල ඒ ගැන තිබෙන්නේ කුතුහලයක්. ඉතින් අද ලිපිය වෙන් වෙන්නේ ඒ වෙනුවෙනුයි. 2050 වසර වෙනකොට කෘතීම බුද්ධිය අපේ ලෝකය කුමන මානයකට අරගෙන යයිද? අපේ ලෝකය කොහොම වෙනස් වෙයිද? එමගින් ලංකාවට මොන වගේ බලපෑමක් සිද්ධ වෙයිද? ඒ ගැන හැමදේම අද ලිපියෙන් අපි ඔබව දැනුවත් කරනවා.

වර්තමානය වන විටත් කෘතීම බුද්ධිය විශාල වශයෙන් භාවිත වන පසුබිමක 2050 වර්ෂයේදී කෘතීම බුද්ධිය කොයිතරම් නම් අපේ ජීවිත වලට සමීප වේ ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් තුළ ඇත්තේ විශාල කුතුහලයක් බව අපි ඔබට සඳහන් කළා. පර්යේෂකයින් බොහෝ දෙනෙක් වර්තමානය වන විටත් කටයුතු කරමින් ඉන්නේ සම්පූර්ණයෙන්ම කෘතිම බුද්ධිය භාවිත කරලා ගනුදෙනු කරන්න පුළුවන් සුපිරි වෙළඳසැල් නිර්මාණය කරන්න වගේ දේවල්. එතනින් නොනැවතී රෝග හඳුනාගැනීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහාත් කෘතීම බුද්ධිය භාවිත කරන්න නුදුරේදීම ලෝකය ආරම්භ කරාවි. ඒ වගේම වර්තමානය වන විට කාර්යබහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙකුට විශාල ගැටළුවක් වෙලා තියෙන්නෙ සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීම. අන්න ඒකට විසඳුමක් විදියට රොබෝ යහළුවන්, රොබෝ සූරතලුන් නිර්මාණය කිරීම මේ වනවිටත් ආරම්භ වෙලා තියෙන්නේ කිව්වොත් ඔබ පුදුම වේවි. ඒ වගේම ඉගෙන්වීම්, ආහාර පිසීම්, ආරක්ෂක කටයුතු, භාෂා පරිවර්තනය වැනි මේ සියලු ම රැකියා අවස්ථා සඳහා කෘතීම බුද්ධිය 100%ක් යොදාගන්නට මේ වන විට පර්යේෂකයින් කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම, ක්වන්ටම් භෞතික විද්‍යාව ඇසුරෙන් නිර්මාණය වුණු ක්වන්ටම් පරිගණක (Quantum computing) නුදුරු අනාගතයේදීම ලෝකය පුරාම භාවිත කරන්න නියමිත බව මේ වනවිටත් පේන්න තියෙනවා. Quantum විද්‍යාව සහ Quantum පරිගණක ගැන නුදුරේදී ම ඔබට දැනගන්නට ලැබේවි.

කෘතිම බුද්ධියේ යෝධ පිම්මක් විදියට හැඳින්වෙන්නේ කෘතීම බුද්ධිය මිනිසාගේ භෞතික ශරීරය සමග සම්බන්ධ කිරීමයි. ලෝකයේ ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ලෙස සැලකෙන Elon musk ඔහුගේ එම ආයතනය විසින් නිෂ්පාදනය කළ නියුරාලින්ක් තාක්ෂණය වගේ ක්‍රමවේද දැනට ඇල්සයිමා රෝගය, පාකින්සන් රෝගය, කශේරුභාවයට හානි වීම, අන්ධ භාවය වගේ සුව කිරීමට අපහසු රෝග පවා සුව කිරීමට හැකියාවක් තිබෙන බව මට මේ වෙනකොට පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව 2050 වර්ෂය වන විට බොහෝවිට භෞතික ස්පර්ශයකින් තොරව මිනිසාගේ මනස පමණක් භාවිත කරමින් එදිනෙදා දෛනික කටයුතු සිදු කිරීම මේ තාක්ෂණය ඔස්සේ මිනිසාට විශේෂ හැකියාවක් විදියට හමුවනු ඇති. එසේ වුවහොත් වචන කතා කිරීමෙන් තොරව මිනිසාට තමන්ගේ මොළයේ සංඥා මගින් අදහස් හුවමාරු කිරීමට නුදුරු අනාගතයේදී ම අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි, virtual reality කියලා අපි වර්තමානයේ හඳුන්වන ක්‍රමවේදය 2050 වසර වන විට අපිට නැතිවම බැරි අංගයක් බවට පත් වෙනවා. virtual reality යනුවෙන් හඳුන්වන්නේ, අප අවට නැති පරිසරයක් කෘතීමව නිර්මාණය කිරීමේ තාක්ෂණයයි. තමන්ගේ ශරීරයට ගැළපෙන ඇඳුම් පැළඳුම් තෝරා ගැනීම, නිවසේ සිටම තමන්ගේ මිතුරන් සමඟ වෙනමම පරිසරයක කෘතීමව හමුවීම, තමන්ට අවශ්‍ය පරිසරය තමා අවට ගොඩනගා ගැනීම වැනි අතිශයින් සංකීර්ණ මාදිලි රැසක් මෙම virtual reality තාක්ෂණය ඔස්සේ මිනිසාට සමීප වීමට නියමිතයි.

ඒවගේම තමයි, නුදුරු අනාගතයේදී ම කෘතීම බුද්ධිය ප්‍රවාහනයේත් සුවිශේෂී පෙරළියක් සිදු කරන බව බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියනවා. 2014 වර්ෂය වන විට ලෝකය පුරාම ඉලෙක්ට්‍රොනික් වාහන ලියාපදිංචි වෙලා තිබුණේ 320,000ක් පමණයි. නමුත් 2019 වර්ෂයේදී එය මිලියන 2.3 දක්වා ඉහළ ගොස් තිබුණා. 2025 වන විට එය මිලියන 120 පසු කරයි කියලයි බොහෝමයක් විශ්ලේෂකයින් මත පළ කරන්නේ. 2050 වන විට ලෝකයේ භාවිත වන වාහන වලින් හරි අඩක්ම ඉලෙක්ට්‍රොනික් වාහන බවට පත් වීම වැළැක්විය නොහැකි කාරණයක් බවට පත් වෙලා. බොහෝ විට ඉන්ධන පිරවුම්හල් වෙනුවට ලෝකය පුරා ස්ථාපනය වන්නේ වන්නේ වාහන ආරෝපණය කරන නැවතුම් මධ්‍යස්ථානයි. ඊටත් වඩා ලෝකයම පුදුම කරවන කාරණයක් බවට පත් වෙන්නේ 2050 වර්ෂය වන විට රියදුරෙක් නොමැතිව ගමන් කරන වාහන මිනිසා සතු සුලබ දෙයක් බවට පත්වීමයි. රියදුරෙක් නොමැතිව ධාවනව වන දහස් ගණනක් වූ වාහන අතරේ විවේක සුවයෙන් ගමන් කරන මිනිසුන්, නින්දේ පසුවන මිනිසුන් වගේම තමන්ගේ රාජකාරි සිද්ධ කරමින් ගමන් යන මිනිසුන් අනාගතයේදී අපට වැඩි වැඩියෙන් දැකගන්නට ලැබේවි.

ඒ වගේම විවිධාකාර පැකේජ සහ පාර්සල් Delivery කිරීම සඳහා ඩ්‍රෝන් යානා යොදාගැනීම පිළිබඳ ව මේ වන විටත් බොහෝ දෙනෙකුගෙ අවධානය යොමු වෙලා තියනවා. ඒ අනුව අනාගතයේ දී ඉදිකිරීම් කටයුතු සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහාත්, ආරක්ෂක කටයුතු සඳහාත් ඩ්‍රෝන යානා භාවිතයට ගැනීම සාමාන්‍ය කාරණයක් බවට පත් වේවි. ලෝකය පුරා බොහෝ දෙනෙක් නුදුරු අගානතයේදිම එයා‍ර් බස් (Airbus) සංකල්පය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටියත් Elon musk කියන විදියට වර්තමානයේ භාවිත කරන මහා මර්ග 3D තාක්ෂණය ඔස්සේ නිර්මාණය කිරීම තමයි ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ අනුව අහසේ පියාසර කරන යානා වලට අමතරව අධිවේගී උමං මාර්ග නිර්මාණය කිරීම පිළිබඳවත් මේ වන විට දැඩි අවධානයක් යොමු වෙලා තියනවා. මේ උමං මාර්ග නිර්මාණය වන්නේ පොළව අභ්‍යන්තරයේ. යම්හෙයකින් Elon muskට මේ උමං මාර්ග නිර්මාණය කිරීමට හැකි වුවහොත් ලෝකය පුරාම භූගත උමං මාර්ග දහස් ගණනක් නිර්මාණය වේවි.

ඒ වගේම අනාගතයේදී සඳහන් කළ යුතුම තාක්ෂණයක් වෙන්නේ Hyperloop තාක්ෂණයයි. මේ තාක්ෂණය මගින් ඉතාම විශාල දුරක් කෙටි කාලයකින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. හරියටම කිවුවොත් Hyperloop තාක්ෂණයෙන් ගමන් කරන දුම්රියක සාමාන්‍ය වේගය පැයට සැතපුම් 700ක් පමණ වෙනවා. ඒ අනුව වර්තමානයේ පැය 5ක් ගතවන දුරක්, Hyperloop තාක්ෂණය ඔස්සේ විනාඩි 43ක් පමණ කාලයකින් ගමන් කරන්න පුළුවන්. රට අභ්‍යන්තර ගමනාගමනය දියුණු වෙද්දී රට රටවල් අතර ගමනාගමනය සුපර් සොනික් ගුවන් යානා මඟින් සිදු කරන්න අනාගතයේ බොහෝමයක් රටවල් යොමු වේවි. ඒ වගේම, නුදුරු අනාගතයේදිම දියත් කිරීමට බලාපොරොත්තු වන Starship යානා මගින් වැඩි කාලයක් නොගොස් ලෝකය පුරාම ගමන් කිරීමේ හැකියාව ලැබේවි.

ඉතින් අපි අද ඔබව දැනුවත් කළේ AI Technology එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය සහ තවත් තාක්ෂණයන් කිහිපයක් වර්තමානය වගේම අනාගතයේදීත් අපේ ජීවිත වලට කොහොම බලපෑම් කරාවිද යන්න පිළිබඳවයි. මේ වගේ තවත් ලිපියකින් ඉතාමත්ම ඉක්මනින් හමුවෙමු!

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *