ආයුබෝවන්!
ඔන්න ඉතින් හැමදාම වගේ අදත් අපි සූදානම් වෙන්නෙ සෞඛ්‍යමය අතින් ඉතා වැදගත් තොරතුරු රැසක් ගැන ඔබට කියන්න. අද කියන්න යන්නෙ වැඩිය ඔයා අහලා නැති කෑමක් ගැන. හැබැයි මේ කෑම වර්ගය හැමදාම ඔබට කන්න පුළුවන් නම් සෞඛ්‍ය වාසි රාශියක්ම අත්විඳින්න පුළුවන් වෙනවා. වැඩි කතා නැතුව දැන් කියන්නම්කො මේ කෑම වර්ගය මොකක්ද කියලා. මේ එක්තරා ඇට වර්ගයක්. හණ ඇට කියලා තමයි මේ ඇට වර්ගය හඳුන්වන්නේ. ඔබ මේ නම ඉඳහිට හෝ අහලා තිබුණත් බොහෝවිට මේ ආහාරය නම් අනුභව කරලා නැතුව ඇති. හණ ඇට කියන්නෙ ඉතා ගුණදායක ආහාරයක්. ඒවගේම තමයි හණ ඇට වල ඉතිහාසය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම දිවෙන ඉතාම දිගු එකක්. ලොව පැරණිම ආහාර වර්ග අතුරින් එකක් විදියටත් හණ ඇට සැළකෙනවා. අතීත රජවරු තම හමුදා සෙබළුන්ට හණ ඇට අනුභව කිරීම අනිවාර්ය කර තිබූ අවස්ථාද ඉතිහාසයේ අහන්නට ලැබෙනවා. හණ ඇට අනුභවයෙන් නීරෝගී සහ ශක්තිමත් මිනිසුන් නිර්මාණය වූ බවට මෙය හොඳම උදාහරණයක්. ඒ වගේම හණ ඇට වල විද්‍යාත්මක නාමයේ (Linum ustatissimum) තේරුම වන්නෙත් ඉතා ප්‍රයෝජනවත් යන අර්ථයයි. හණ ඇට කියන්නෙ මොන තරම් සෞඛ්‍යවත් වටිනාකමක් තියෙන ආහාරයක්ද කියලා දැන් ඔබට වැටහෙනව ඇති. ඉතින් අපි කියන්න යන්නෙ දිනපතා හණ ඇට අනුභවයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි පිළිබඳව.
(1) පෝෂණ ගුණයෙන් ඉතා ඉහළයි
අතීතයේ ගල් ගුහා වල ජීවත් වුණ මිනිසුන් ක්‍රමයෙන් ගම්මාන නිර්මාණය කරගෙන ශිෂ්ටාචාරගත වීමේදී කුසගිනි නිවාගැනීම සඳහා මුලින්ම වගා කරපු ආහාරයක් තමයි හණ ඇට කියන්නේ. දුඹුරු පැහැයෙන් හා රන්වන් පැහැයෙන් හණ ඇට දෙවර්ගයක් දක්නට ලැබුණත් මේ දෙවර්ගයේම එක සමාන පෝෂණ ගුණයෙන් යුක්ත වෙනවා. දිනකට හණ ඇට මේස හැන්දක ප්‍රමාණයක් අනුභව කිරීමෙන් පමණක් ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, තන්තු හා ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා. ඒ වගේම ශරීරයට අත්‍යාවශ්‍ය වන Vitamin B1, Vitamin B6, Folate, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් වැනි පෝෂණ සංඝටක රාශියක්ම හණ ඇට තුළ යහමින් අඩංගු වෙනවා. මීට අමතරව හණ ඇට අනුභවය මගින් ගුණත්වයෙන් උසස් ප්‍රෝටීන වර්ග ශරීරයට ලබාගත හැකි වෙනවා. හණ ඇට තුල අඩංගු වෙන ප්‍රෝටීන වර්ග අතර ඇමයිනෝ අම්ල, ඇස්පාටික් අම්ල හා පෘටමින් අම්ල ප්‍රධාන වශයෙන් නම් කරන්න පුළුවන්. මෙම උසස් ප්‍රෝටීන වර්ග ශරීරයට නිසි පරිදි ලැබීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යාම, කොලස්ටරෝල් මට්ටම අඩු වීම, පිළිකා වලින් ආරක්ෂාව ලැබීම හා දිලීර ආසාදන අවම වීම වැනි සෞඛ්‍ය ප්රතිලාභ අත්විඳීමට අපිට හැකියාව ලැබෙනවා. මේ නිසා ඔබ මස් මාංශ හා බිත්තර ආහාරයට නොගන්නා කෙනෙක් වුණත් ප්‍රෝටීන් ඌණතාවයක් ගැන කිසි ලෙසකින් අනිසි බියක් ඇති කරගත යුතු නෑ. මාංශ වල ප්‍රෝටීන වලට නොදෙවෙනි ආකාරයටම ශරීරයට පෝෂණය එකතු කර ගැනීමට දිනපතා හණ ඇට පරිභෝජනය මගින් ඔබට පහසුවෙන්ම හැකියාව ලැබේවි.
(2) ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් ආහාරයක්
ඔබ අහලා තියෙනව නේද ඔමේගා 3 මේද අම්ල ගැන? අපේ හදවත සෞඛ්‍යසම්පන්නව පවත්වා ගැනීමට ඔමේගා 3 මේද අම්ල අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම මොලේ ස්නායු වල හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහාද ඔමේගා 3 ඉතාම වැදගත්. මේ ඔමේගා 3 මේද අම්ල මත්ස්‍ය ආහාර වල තමයි යහමින් අඩංගු වෙන්නේ. හැබැයි ඔබ මාළු අනුභව නොකරන කෙනෙක් නම් හෝ Vegetarian කෙනෙක් නම් හණ ඇට කියන්නෙ ඔබේ ශරීරයට ඔමේගා 3 මේද අම්ල ලබා ගැනීමට තිබෙන හොඳම ආහාරයක්. ඒ වගේම හණ ඇට තුළ අඩංගු වෙන්නෙ ටිකක් සුවිශේෂී ඔමේගා 3 මේද අම්ල වර්ගයක්. ALA (ඇල්ෆා ලිනොලේනික් අම්ලය) කියලා තමයි මේ ඔමේගා 3 මේද අම්ලය හඳුන්වන්නේ. අපේ ශරීරය මගින් නිපදවාගන්නට බැරි අත්‍යාවශ්‍ය මේද අම්ල වර්ග 2ක් ලෝකෙ තියෙනවා. එයින් එකක් තමයි මේ හණ ඇට වල තියෙන ඇල්ෆා ලිනොලේනික් කියන ඔමේගා 3 මේද අම්ල විශේෂය. ඒවගේම මේ මේද අම්ලය මගින් හදවත කරා දිවෙන රුධිර නාලිකා වල කොලස්ටරෝල් තැන්පත් වීම හා රුධිර නාලිකා වල ප්රදාහමය තත්ත්වයන් ඇති වීම වළක්වන බවද පර්යේෂණ මගින් සනාථ කරගෙන තියෙනවා. හණ ඇට වල යහමින් අඩංගු වන මේ අම්ලය නිසියාකාරව ශරීරයට ලබා ගන්නා පුද්ගලයන් හට හෘදයාබාධ, ආගාතය හා වෙනත් හදවත් රෝග වැළඳීමේ අවධානමද ඉතාම අඩු බව තවත් පරීක්ෂණ රාශියකින් හොයාගෙන තියෙනවා.
(3) පිළිකාවෙන් ඔබව ආරක්ෂා කරනවා
පිළිකාව කියන්නෙ මේ දවස් වල වසංගතයක් වගේ ලංකාව පුරා පැතිරිලා යන රෝගයක්. නමුත් දැන් හොයාගෙන තියෙනවා හණ ඇට මගින් පිළිකා වර්ග කිහිපයකින්ම ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් කියලා. මේ විදියට පිළිකා වලින් ඔබව ආරක්ෂා කරන්න හණ ඇට වලට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ තුළ අඩංගු වෙන ලිග්නන්ස් කියන ශාකමය සංයෝගයක් නිසා. මේ ලිග්නන්ස් කියන්නෙ ඉතාම බලගතු ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි හණ ඇට තුළ අනෙකුත් ශාකමය ආහාර වල අඩංගු වෙනවට වඩා අටසිය ගුණයක් ලිග්නන්ස් අන්තර්ගත වීම. දිනපතා හණ ඇට අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවධානම 18%කින් පමණ අඩුකරගත හැකි බව සමීක්ෂණ මගින් හෙළි කරගෙන තිබෙනවා. කාන්තාවන්ට පමණක් නෙමෙයි, දිනපතා හණ ඇට පරිභෝජනය කිරීම මගින් පුරුෂයින්ටත් පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවධානම විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සතුන් යොදා සිදු කරන ලද පරීක්ෂණ වලදී හණ ඇට මගින් බඩවැල් පිළිකා හා සමේ ඇතිවන පිළිකා පවා සුව කර ගැනීමට හැකි බව සොයාගෙන තිබෙනවා.
(4) තන්තු වලින් පොහොසත් ආහාරයක්
හණ ඇට ගැන කතා කරන්න කලින් අපි බලමු මේ තන්තු කියන්නෙ මොනවද කියලා. තන්තු කියන්නෙ ශාකමය ආහාර වල අන්තර්ගත වන සංඝටකයක්. ප්‍රධාන වශයෙන් තන්තු දෙවර්ගයක් පවතිනවා. ඒවා ජලයේ දියවෙන තන්තු හා ජලයේ දිය නොවෙන තන්තු ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. තන්තු වල පවතින විශේෂත්වය වන්නේ ඒවා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මෙන් මිනිස් සිරුරට දිරවීමට හෝ අවශෝෂණය කර ගැනීමට නොහැකි වීමයි. තන්තු වලින් සිදු කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ආහාරත් සමඟම ආමාශයේ, කුඩා බඩවැලේ හා මහා බඩවැලේ ගමන් කරලා අපහසුවකින් තොරව ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට ශරීරයට සහයෝගය දැක්වීමයි. ජලයේ දිය වෙන තන්තු ජලයේ දිය වෙමින් ජෙලි වැනි ද්‍රව්‍යයක් බවට පත්වෙන අතර රුධිරයේ කොලස්ටරෝල් හා සීනි මට්ටම අඩු කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. එතකොට ජලයේ දිය නොවෙන තන්තු ජීර්ණය නොවූ ආහාර කොටස් වල පරිමාව වැඩි කරමින් ඒවා ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ගමන් කිරීම පහසු කරවනවා. එම නිසා මලබද්ධය සමනය කිරීමට සහ ඇති වීම වැළකීමට ජලයේ දිය නොවන තන්තු වලට හොඳ හැකියාවක් තියෙනවා. දැන් තන්තු ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. හණ ඇට මේස හැන්දක ප්‍රමාණයක පමණක් තන්තු ග්‍රෑම් 3ක් අඩංගු වෙනවා. ඒ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 12%ක ප්‍රමාණයක්. ඒ වගේම හණ ඇට තුළ අපි කලින් කතා කරපු ජලයේ දියවෙන තන්තු හා ජලයේ දිය නොවන තන්තු වර්ග දෙකම අඩංගු වෙනවා. එම නිසා මලබද්ධයට වගේම බඩ බුරුලෙන් යාමටත් හණ ඇට ඉතාම ගුණදායකයි.
(5) නරක කොලෙස්ටරෝල් අවම කරනවා
දිනපතා හණ ඇට පරිභෝජනය කරන අයට ලැබෙන තවත් වැදගත් සෞඛ්‍යමය ප්‍රතිලාභයක් තමයි ශරීරයේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව ලැබීම. සමීක්ෂණ මගින් හෙළි වෙලා තියෙන විදියට දිනපතා හණ ඇට කුඩු ග්‍රෑම් 30ක්, ඒ කියන්නෙ මේස හැඳි 3ක ප්‍රමාණයක් නොනවත්වා මාස 3ක් පරිභෝජනය කිරීමෙන් පමණක් ශරීරයේ නරක කොලෙස්ටරෝල් හෙවත් LDL කොලෙස්ටරෝල් මට්ටම 20%කින් අඩුකර ගන්න පුළුවන් වෙනවා.
(6) අධික රුධිර පීඩනය සුව කරනවා
හණ ඇට අනුභවය මගින් රුධිර පීඩනය ස්වභාවිකව අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. කැනේඩියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද සමීක්ෂණයක් මගින් සොයාගෙන තියෙන්නෙ දිනපතා ග්‍රෑම් 30ක හණ ඇට ප්‍රමාණයක් මාස 6ක් නොනවත්වා ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි වූ බවයි. ඔබ අධි රුධිර පීඩනයට බෙහෙත් ගන්න කෙනෙක් නම් දිනපතා හණ ඇටද අනුභව කරොත් ඉතාමත් ඉක්මනින් රුධිර පීඩනය හොඳ පාලනයකට ගන්න පුළුවන් වෙනවා.
(7) රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා
දෙවන ගණයේ දියවැඩියාව කියන්නේ දැන් ලොව පුරා මිනිසුන් බොහෝ ප්‍රමාණයක් පීඩා විඳින භයානය රෝගයක්. ශරීරයේ සෛල නියම ඉන්සියුලින් වලට මියම ලෙස අනුකූලතා නොදැක්වීම නිසා තමයි මේ විදියට රුධිරගත සීනි මට්ටම ඉහළ යාම සිද්ධ වෙන්නේ. නමුත් හණ ඇට අනුභවය මගින් දෙවන ගණයේ දියවැඩියා රෝගයට සුවය සලසාගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නෙ හණ ඇට කුඩු ග්‍රෑම් 20ක් දිනපතා පරිභෝජනය කිරීම පමණයි. මෙලෙස එක දිගට මාසයක් හණ ඇට කුඩු අනුභව කරන විට ඔබේ රිධිරගත සීනි මට්ටම 20%කින් පමණ පහළ දමා ගැනීමට හැකි බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.
(8) ශරීර බර අඩු කරනවා
ඔබ ශරීර බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් ප්‍රධාන වේල් අතරවාරයේ පුංචි පුංචි කෑම වර්ග අනුභව කරන එක හැකි තරම් අඩු කරගන්න වෙනවා. ප්‍රධාන වේල් අතරතුර අපි ගොඩක් වෙලාවට කන්නෙ කැලරි අධික, කිසිම පෝෂණ ගුණයක් නැති ස්නැක් වර්ග නිසා ගොඩක් අයට බර අඩු කරගන්නව කියන එක හීනයක් විතරක්ම වෙනවා. හැබැයි ඔබ හණ ඇට ආහාරයට ගන්නව නම් ප්‍රධාන ආහාර වේලක් හැනීමෙන් අනතුරුව බොහෝ වෙලාවක් යනකල් පොඩි පොඩි බඩගිනි ඇති වෙන්නෙ නෑ. කුස හොඳින් පිරුණු ස්වභාවයක් තමයි ඔබට දැනෙන්නේ. මේ නිසා ඔබට නිතරම අනම් මනම් කෑම ගිල දැමීම නවතාගෙන ශරීර බර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් වෙනවා. මේ විදියට කුස පිරුණු ස්වභාවයක් බොහෝ වේලාවක් යන තුරු දැනෙන්නෙ හණ ඇට වල අඩංගු ද්‍රව්‍යමය තන්තු මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන නිසයි. මේ නිසා අපිට කුසගිනි ඇති කරන හෝමෝන බොහෝ වේලාවක් යන තුරු අපිට විවිධ දේවල් ආහාරයට ගැනීමට සංඥා නිකුත් කරන්නෙ නැහැ.
අපි දැන් හණ ඇට ගැන බොහෝ දේවල් කතා කරා. දැන් අපි බලමු දෛනික පරිභෝජනය සඳහා හණ ඇට සකස් කරගන්නෙ කොහොමද කියලා. හණ ඇට කියන්නෙ විවිධ ආකාර ගණනාවකටම සකස් කරගත හැකි ආහාරයක්. ඔබට පුළුවන් හණ ඇට අහුරක් දෙකක් පෙඟෙන්න දාලා තියලා එම ජලය ඔබේ දෛනික ජල අවශ්‍යතාවය සලසා ගැනීම සඳහා පානය කරන්න. එහෙම නැත්නම් හණ ඇට තෙල් වශයෙන්ද අරන් පරිභෝජනය කරන්න පුළුවන්. ඔබ ආහාරයට ගන්නා සැලඩ් එක මතට හණ ඇට තෙල් ටිකක් එකතු කරලා කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම උදෑසන ආහාර වේල සඳහා අනෙකුත් ධාන්‍ය වර්ග සමග මිශ්‍ර කරලා හණ ඇට ආහාරයට ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔයා කේක් වර්ග, මෆින් වගේ දේවල් හදනකොටත් හණ ඇට එකතු කරගන්න පුළුවන්. කොහොම හරි සෘජුව හෝ වක්‍රව හැමදාම හණ ඇට පරිභෝජනය කිරීමයි ඔබ කළ යුතු වන්නේ. හණ ඇට සුපිරි වෙළඳසැල් වලින් ඔබට පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. මෙහි ඉංග්‍රීසි නාමය වන Flaxseeds කියලා හෙවුවොත් ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වේවි. එහෙනම් ඉතින් දිනපතා හණ ඇට ඔබේ ආහාරයට එකතු කර ගන්න කියලා තමයි අපි ඔයාලට කියන්නෙ.
0 Comments