වකුගඩු කියන්නෙ ඇඹරැල්ලා ගෙඩි 2ක් තරම් පුංචි අවයව දෙකක් වුණත්, ඒ දෙකෙන් සිරුරට සිදු වෙන සේවය නම් කියලා නිම කරන්න බැරි තරම්. අපේ ශරීරයට විවිධ ක්‍රම මගින් ඇතුළු වෙන විෂ වර්ග වගේම සිරුර ඇතුලෙ සිදු වෙන විවිධ රසායනික ක්‍රියාවලි නිසා බිහිවෙන අහිතකර රසායනික වර්ගත් ලේ වලින් පෙරලා ඉවත් කරන්නෙ මේ වකුගඩු වලින්. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩපණ වුණොත් දවස් කිහිපයක් ඇතුළත අපිට ජීවත් වෙන්න බැරි තරම් අපද්‍රව්‍ය තොගයක් අපේ ශරීරය ඇතුලෙ එක්රැස් වෙන්න පුළුවන්. දකුණු ආසියාවෙ වැඩිම වගා රසායනික භාවිතයක් ඇති ශ්‍රී ලංකාවෙත් අපි ආහාරයට ගන්න එළවළු ඒ වගේම සහල්, පළතුරු ආදී හැම ආහාරයකම කෘමිනාශක, රසායනික පොහොර ආදියේ ශේෂ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් පෙරා හරින රසායනික මුත්‍රා එක්ක ඉවත් කෙරුණත් මේවායේ ඇතැම් රසායනික මුත්‍රා වලට එක් කිරීම වකුගඩු වලට හරියාකාරව කරන්න බැහැ. මේ නිසා විශේෂයෙන් වකුගඩු වලට හානිකර දෙයක් නොකළත් කාලයත් එක්ක ඒවායේ විෂ එක්රැස් වීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළයි. මෙනිසා වකුගඩු වල එක්රැස් වෙන විෂ සක්‍රීයව ඉවත් කරන එක අද වෙද්දි අත්‍යාවශ්‍යම දෙයක් බවට පත් වෙලා. වාසනාවකට වගේ ඒ වැඩේ කරන්න පුළුවන් කෑම බීම වර්ග රාශියක් තියෙනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නෙ ශරීරයට ආගන්තුක රසායනික වර්ග වඩා හොඳින් සිරුරෙන් ඉවත් කරන්න පුළුවන් අපූරු බීම වර්ග 6ක් පිළිබඳවයි. මේවා නිතර නිතර ගන්නව නම් ඔබට වකුගඩු වල ගැටළු ඇති වීමේ සම්භාවිතාවයත් සෑහෙන දුරට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා.
(1) ඇපල් සයිඩර් විනාකිරි
අපි දන්නා සාමාන්‍ය විනාකිරි හදන්නෙ පොල් වතුර පැසවීම මඟින්. කොහොම නමුත් ඇපල් යුෂ පැසවීමෙනුත් ඊට සමාන නමුත් වඩාත් මිහිරි රසයක් තියෙන ඇපල් සයිඩර් විනාකිරි කියලා විනාකිරි වර්ගයක් නිපදවනවා. අපේ ශරීරයේ බොහෝ අංශ වලට ගුණදායක ඇපල් සයිඩර් විනාකිරි වකුගඩු වල විෂ ඉවත් කිරීමටත් විශාල උපකාරයක් වෙනවා. ඇපල් සයිඩර් විනාකිරි ආම්ලික ද්‍රාවණයක් වුණත් එය ආහාර මාර්ගය හරහා ශරීරයට උරාගත්තට පස්සෙ ක්‍රියාකරන්නෙ භාෂ්මිකාරකයක් විදියටයි. ඒ කියන්නෙ අපේ රුධිරයේ ph අගය සුළු වශයෙන් ඉහළ නංවන්න එය දායක වෙනවා. මෙන්න මේ කියන ph අගය ඉහළ ගියාම එහෙම නැත්නම් රුධිරය සුළු වශයෙන් භාෂ්මික වීම වකුගඩු වල ක්‍රියාකාරීත්වයට ලොකු පහසුවක්. මොකද සාමාන්‍යයෙන් එයින් වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය පහසු කරනවා. ඒ වගේම තමයි අහිතකර රසායනික වර්ග වඩාත් හොඳින් දිය කරලා මුත්‍රා වලට එකතු කරන්නත් උදවු වෙනවා. වකුගඩු වල ගල් ඇති වීමේ ගැටළුවට ඇපල සයිඩර් විනාකිරි කියන්නෙ හොඳම විසඳුමක්. වකුගඩු ගල් බවට පත් වෙන ඛණිජ වර්ග එක්රැස් වෙන්න නොදී දිය කර හරින්න එය උපකාරී වෙනවා. ඇපල් සයිඩර් විනාකිරි ඕනෑම සුපිරි වෙළඳසැළකින් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. සාමාන්‍ය වතුර වීදුරුවක එයින් මේස හැඳි 3ක් දිය කරලා පානය කරන්න විතරයි ඔබට තියෙන්නෙ. මේක දින තුනකට සැරයක් වගේ පාවිච්චි කිරීමෙන් ඔබේ වකුගඩු වල එක්රැස් වෙන විෂ ක්රමාණුකූලව දියකර හරින්න ඔබට හැකියාව තිබෙනවා.
(2) ක්‍රෑන්බෙරි යුෂ
වකුගඩු රෝග තිබෙන රෝගීන් කාටත් බටහිර වෛද්‍යවරුන් කවුරුත් නිර්දේශ කරන දෙයක් තමයි නිතරම ක්‍රෑන්බෙරි යුෂ පානය කරන්න කියන එක. සීතල රටවල වඩාත් හොඳින් වැවෙන ක්‍රෑන්බෙරි කියන්නෙ ප්‍රතිඔක්සිකාරක වගේම විෂහාරක වලිනුත් පිරුණු පළතුරක්. බොහෝවිට එය මිරිකා ලබා ගන්නා යුෂ තමයි බීමට ගැනෙන්නේ. අමුත්තන්ට පිළිගන්වන්න ජනප්‍රිය බීමක් විදියට මෙය සැළකෙනවා. ක්‍රෑන්බෙරි වල යුෂ වල තිබෙන ප්‍රතිඔක්සිකාරක අපේ ලේ වල ඔක්සිකරණ ප්‍රතිඵල විදියට අහිතකර රසායනික බිහි වීම වළක්වා ගන්නත් උපකාරී වෙනවා. නමුත් එහි තිබෙන වඩාත්ම වැදගත් ගුණය වෙන්නෙ විෂහාරක හැකියාවයි. අපි ගන්නා එළවළු පළතුරු වල බහුලව අඩංගු වෙන රසායනික වර්ග බිඳ හෙලන්නටත් තවත් ඒවා පහසුවෙන් ද්‍රාව්‍ය වෙන ආකාරයට පහසු කරන්නත් ක්‍රෑන්බෙරි යුෂ වලට හැකියාව තිබෙනවා. වකුගඩු වල එක්රැස් වීමට ඉඩ ඇති ඛණිජ වර්ග දිය කරලා මුත්‍රා වලට එක් කරන්න එයින් සිදු වන්නේ විශාල පහසුවක්. ඒ වගේම තමයි ක්‍රෑන්බෙරි යුෂ වල මූත්‍රා වර්ධක ගුණය නිසා අහිතකර රසායනික සහිත මුත්‍රා වැඩි වේලාවක් මුත්‍රාශයේ රඳවා නොගෙන පිට කර හැරීමත් එයින් සිද්ධ වෙනවා. ක්‍රෑන්බෙරි යුෂත් අපේ රටේ ඕනෑම සුපර් මාර්කට් එකකින් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. නමුත් සීනි, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කර නැති ඉහළ යුෂ සාන්ද්‍රණයක් සහිත වර්ගයක් තෝරගන්න ඔබ උනන්දු විය යුතුයි. දින කීපයකට වරක් මෙයින් වීදුරුවක් බීමට ගැනීම හරිම ප්‍රමාණවත්.
(3) බීට්රූට් යුෂ
කැරට් යුෂ ගැන බොහෝදෙනෙක් දන්නව වුණත් බීට්රූට් යුෂ ගැන කිවුවම නම් සමහරු පුදුමයට පත් වෙනවා. හැබැයි එක්වරක් හරි බීලා බැලුවොත් එය ඉතාම රසවත් පානයක් බව ඔබටම වැටහේවි. අද වෙද්දි ලෝකෙ පුරාම බීට්රූට් යුෂ සිරුරේ එක්රැස් වෙන විෂ වර්ග ඉවත් කරන පානයක් විදියට අතිශය ජනප්‍රිය වෙමින් පවතිනවා. වකුගඩු වල විෂ ඉවත් කරන්නත් එය හොඳම ක්‍රමයක්. බීට්රූට් යුෂ වල තියෙන අපූරු විෂහාරක ලක්ෂණයට හේතුව බීටයින් කියන රසායනිකයයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන මෙය මුත්‍රා වල ටාටර් ගුණය එහෙම නැත්නම් ලවණ ද්‍රාවක ගුණය ඉහළ නංවන්නත් දායක වෙනවා. අන්න ඒ නිසා වකුගඩු වල පෙරා හැරීමේ ක්‍රියාවලිය ඉබේම පහසු කරනව වගේම පෙරීමේදී එක්රැස් වෙන විෂ වර්ග වැඩි ප්‍රමාණයක් දිය කර ගැනීමේ හැකියාවත් මුත්‍රා වලට ලබා දෙනවා. විශේෂයින්ම වකුගඩු වලට අතිශයින්ම අහිතකර කැල්සියම් පොස්පේට් (Calcium Phosphate) එකතු වීම අවම කරගන්න මේ බීට්රූට් යුෂ අපිට උපකාරී වෙනවා. බීට්රූට් යුෂ හදන්නෙත් කැරට් යුෂ හදනව වගේමයි. පොතු ඉවත් කරපු අමු බීට් අලයක් තරමක් විශාල කැබලි වලට ඔබ මුලින් කපාගත යුතුයි. දැන් එය වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. සීනි ලුණු අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට ඔබට එකතු කර ගන්න පුළුවන්. දවස් දෙකකට වතාවක්වත් බීට්රූට් යුෂ වීදුරුවක් බොනව නම් ඔබට ආය කවදාවත් වකුගඩු වල විෂ එක්රැස් වීම ගැන වද වෙන්න දෙයක් නෑ.
(4) තක්කාලි යුෂ
අපි සාමාන්‍යයෙන් බොහෝවිට තක්කාලි ආහාරයට ගන්නෙ එය රත් කර පිසීමකට ලක් කිරීමෙන් පසුව. නමුත් රත් කරලා තක්කාලි ආහාරයට ගත්තහම එය ඔක්සනික් අම්ලය මුදාහරින්න විශාල ඉඩකඩක් පවතිනවා. මේ නිසා සෝස් වර්ග, තක්කාලි ඇඹුල් ආදියත්, තක්කාලි දාපු ව්‍යංජන වර්ගත් සීමාවකට කන එක හැමවිටම හොඳයි. කොහොම නමුත් අමු තක්කාලි කියන්නෙ නම් අපේ ශරීරයට ඉතාම ගුණදායක ආහාරයක්. තක්කාලි යුෂ වකුගඩු වල විෂහරණයටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන බව මෑත කාලීන පර්යේෂණ කිහිපයකින්ම පෙනී ගොස් තිබෙන කාරණයක්. ඉහළ විටමින්, ඛණිජ ලවණ සහ ද්‍රාව්‍ය තන්තු සාන්ද්‍රණයක් තියෙන තක්කාලි යුෂ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ලොකු උපකාරයක් වෙනවා. අපි ගන්නා ආහාර වල තිබෙන විෂ රසායනික වර්ග ආමාශයේදිම බිඳ හෙලන්නඅවශ්ය ආමාශික යුෂ වර්ග ස්රාවය වීමත් එයින් උත්තේජනය වෙනවා. කොහොම නමුත් තක්කාලි යුෂ වල ගුණය වඩාත්ම හොඳින් දැනෙන්නෙ වකුගඩු වලටයි. එහි අඩංගු පෝෂක වලින් විෂ පෙරාහැරීම සිදු කරන වකුගඩු සෛල ප්‍රතිස්ථාපනය කිරීම වේගවත් කිරීමෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්නත් දායක වෙනවා. හොඳ ඉදුණු තක්කාලි ගෙඩි 2ක් සම්පූර්ණයෙන්ම බ්ලෙන්ඩර් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා තක්කාලි යුෂ හදාගන්නත් ඔබට පුළුවන්. තක්කාලි වල පොත්ත කිසිම විටෙක ඉවත් කරන්න නම් එපා. පොත්ත සහ ඒ අසල තිබෙන මාංශල කොටසෙ තමයි ඒ පෝෂක වැඩිපුරම අඩංගු වෙන්නෙ. තක්කාලි යුෂ වීදුරුවක් දින කීපයකට වරක් බීමට ගන්න.
(5) පැණි කොමඩු යුෂ
පැණි කොමඩු කියලා කියන්නෙ කා අතරත් අතිශයින්ම ජනප්‍රිය ආහාරයක්. එහි අපේ ශරීරය ලස්සන කරන්න අවශ්‍ය බොහෝ පෝෂක හරිම පහසුවෙන් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. පැණි කොමඩු අපේ පිපාසය නිවන ආහාරයක් විදියටත් ලෝකෙ පුරාම සංස්කෘතීන් රාශියක භාවිතා වෙලා තිබෙනවා. මෑතකාලීන පර්යේෂණ ගණනාවකින්ම පෙනී යන විදියට පැණි කොමඩු යුෂ බීමට ගන්න එක සිරුරේ විෂ ඉවත් කරන්නත් හොඳම ක්‍රමයක්. එය වකුගඩු වල විෂ හරණයේදී වඩාත් හොඳින් කැපී පේනවා. පැණි කොමඩු වල ඉහළ පොටෑසියම් ලවණ ප්‍රමාණයක් අඩංගු වෙනවා. වකුගඩු වල අවක්ෂේප විදියට තැම්පත් වෙලා තිබෙන පොස්පේට්, සල්පේට් ඇතුළු ලවණ බොහෝමයක් ජලයේ දියවෙන පොටෑසියම් ලවණ බවට පත් කරලා මූත්‍රා එක්ක පිට කරලා දාන්න පැණි කොමඩු වලට හැකියාව තිබෙනවා. මෙන්න මේ නිසා වකුගඩු ආශ්රිත ගල් ඇති වීම පාලනය කරගන්න වගේම දැනටමත් තිබෙන ගල් පවා දිය කර හරින්න එයට පුදුමාකාර විශ්මිත හැකියාවක් තිබෙනවා. පැණි කොමඩු ආහාරයක් විදියට ගන්නව වෙනුවට බීමක් විදියට ගැනීමෙන් මේ කියපු ක්‍රියාවලිය වඩාත් උත්තේජනය කරලා කාර්යක්ෂම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එහි තිබෙන මුත්‍රා වර්ධක ගුණය අහිතකර මුත්‍රා ඉක්මනින්ම ඉවත් කරලා වකුගඩු වල කටයුත්ත ක්‍රමානුකූලව කරගෙන යන්න ඉඩකඩ සලසා දෙනවා. පැණි කොමඩු ඇට ඉවත් කරලා බ්ලෙන්ඩර් කරගත්තම පහසුවෙන්ම යුෂ වීදුරුවක් හදාගන්න පුළුවන්. වතුර දානව වෙනුවට උකුවට බොන එක තමයි වඩාත් ගුණදායක වෙන්නෙ. පැණි කොමඩු යුෂ නිතර බොනව නම් වකුගඩු ගැටළු වලට ආයුබෝවන් කියන ගමන් ඔබේ පෙනුමත් ගොඩක් ලස්සන කරගන්න ඔබට පුළුවන් වේවි.
(6) ග්‍රීන් ටී
ගොඩක් දෙනෙක් අද වෙද්දි ග්‍රීන් ටී බොන්න හුරු වෙලා ඉන්නෙ බර අඩු කරගන්න. ඒ වගේම බඩ ඉදිරියට නෙරා ඒම වළක්වන්නත් එයට අපූරු හැකියාවක් තිබෙනවා. නමුත් ඔබ බොන ග්‍රීන් ටී එක වකුගඩු වල කටයුත්තත් වඩාත් පහසු කරන බව ඔබ දැනගෙන හිටියද? ග්‍රීන් ටී වලට ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් ලබා දෙන පොලිෆීන් වල අපේ වකුගඩු වල විෂ එක්රැස් වීම වළක්වන හෝමෝන ස්රාවය උත්තේජනය කරන බවට පර්යේෂණාත්මක සාක්ෂි අද වෙද්දි ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි, ඔක්සිලේට් වගේ පහසුවෙන්ම අවක්ෂේප වෙලා එක්රැස් වෙන්න පුළුවන් ඩයිඇමෝන වර්ග බිඳ හෙළලා වඩාත් පහසුවෙන් ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන් සංයෝග බවට පත් කරන්නත් එය දායක වෙනවා. ග්‍රීන් ටී නිතර භාවිතයට ගන්න ඈත පෙරදිග රටවල වකුගඩු ආශ්රිත ගැටළු අවම වෙන්නත් මෙය ප්‍රධාන හේතුවක් විදියට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියක් හරහා එය වකුගඩු රෝග උත්සන්න වීම වළක්වන්නත් හේතු වෙන බවට සාක්ෂි බොහෝමයි. මේ නිසා ඔබත් දිනපතාම ග්‍රීන් ටී කෝප්පයක් දෙකක් බොන්න හුරු වෙන්න. වකුගඩු වලට වගේම ඔබේ මුළු සිරුරටම එයින් ලොකු ප්‍රයෝජනයක් ලැබේවි.
අද අපි කතා කරේ වකුගඩු වල විෂහරණය කරන අපූරු බීම වර්ග 6ක් පිළිබඳව. කොහොම නමුත් 7 වෙනි බීම වර්ගය විදියට නිතරම පිරිසිදු ජලය ඔබ බීමට ගන්න එකත් වකුගඩු රෝග වළක්වගන්න තියෙන අතිශයින්ම වැදගත් විසඳුමක්. ඒ වගේම තමයි, දිනපතා වැඩි වතුර ප්‍රමාණයක් ලබා ගන්නව නම් මුත්‍රා එක්ක පෙරා හැරෙන විෂ වර්ග ඉවත් වීමේ සම්භාවිතාවයත් ඉතා ඉහළයි. මෙන්න මේ නිසා දිනපතාම කොහොම හරි වතුර වීදුරු 8ක්වත් පානය කරන්න ඔබ හොඳින් මතක තබා ගන්න. වකුගඩු රෝගයක් හැදුනට පස්සෙ සුව කරන්න බෑ වගේම බොහෝවිට ජීවිත කාලෙම යන්ත්‍ර වලට ඔබේ ජීවිතය බාර දීලා ජීවත් වෙන්නයි ඔබට සිද්ධ වෙන්නෙ. ඒ නිසා පුළුවන් තරම් දැන් ඉඳන්ම ඒක හැදෙන එක වළක්වගන්න උත්සුක වෙන්න. අද අපි කතා කරපු බීම වර්ග 6 අන්න ඒකට ඔබට ලොකු පිටිවහලක් වේවි.
0 Comments