ඉහළ පෙළේ තනතුරු වලට ගිය මිනිස්සු හිතන විදිය |5 Levels Of Leadership What Makes a Great Leader

by | Sep 13, 2023 | Uncategorized | 0 comments

සාමාන්‍ය පුද්ගලයෙක් සහ සුවිශේඑෂී පුද්ගලයෙක් අතර තියෙන ඒ වෙනස තීරණය වෙන්නෙ මේ Levels පහෙන් ඔයා මම අපි කොහෙද ඉන්නෙ කියන එක මත. ඔයාට උපරිම Peformance එකක් සහ Productivity එකක් ලබා ගන්න නම් මොනවද ඔයා තුළ තියෙන්න ඔනෙ දේවල්? ඔයාට ඉතිහාසය Create කරන්න අවශ්‍ය නම් මොනවගේ දේවල්ද ඔයා ළඟ තියෙන්න ඕනෙ? ඔයාට කිසිම කෙනෙක් කරපු නැති දෙයක් කරන්න නම් මොනවද ඔයා ළඟ තියෙන්න ඕනෙ දේවල්. ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙ 1%ක ප්‍රමාණයක් තමයි ලෝකෙ 99%ක්ම දියුණු වෙන්න බලපෑම් ඇති කරන්නෙ. ඉතුරු 99%ම ගත්තොත් අර 1%ත් වඩා අඩු දායකත්වයක් තමයි ලබා දෙන්නෙ. ඒ 1% ඉන්න මිනිස්සු කොහොමද අපෙන් වෙනස් වෙන්නෙ? එතනට යන්න නම් අපි දියුණු කරගන්න ඕනෙ ගුණාංග මොනවද? ඉතින් අපි බලමු 5 Levels Of Laderships වලින් ඔයා මම අපි කොයි Level එකේද ඉන්නෙ, ඔයාගෙ Staff එක නැත්නම් ඔයාගෙ Team එකේ කවුරු හරි කෙනෙක් ඉන්නව ඇති, නැත්නම් Founding Partner කෙනෙක් ඇති. එයා කොතනද ඉන්නෙ කියලත් ඔයාට අදහසක් ගන්න පුළුවන්.

(1) Quiter – පහසුවෙන් ඉවත් වෙන කෙනා
මේ වගේ කෙනෙක්ව අඳුරගන්න එක අමාරු දෙයක් නෙමෙයි. හරි ලේසී. දැන් ඔයා උඩට නගින පඩි පෙළක් ගැන හිතන්නකො. ඒ පඩි පෙළේ පල්ලෙහාම ඉන්නෙ මෙයා තමයි. මේගොල්ලො වැඩක් කරන්න යනකොට මේක කරන්න බෑ වගේ පොඩි දෙයක් දැක්කොත් ඇති ඉක්මනට ඒ වැඩෙන් අයින් වෙනවා. ඒකනෙ Quiter කියලා කියන්නෙ. “Not possible, මේක කරන්න බෑ, මම හිතන්නෙ නෑ, මේක කරන්න බැරි දෙයක්” මේ වගේ තමයි එයලගෙ Mindset එක හැදිලා තියෙන්නෙ. ඒක කළ යුතු ආකාරය, කරන්නෙ කොහොමද කියන එක ගැන එයාලට උත්තරයක්වත් නෑ. ඒගොල්ලන්ගෙ ජීවිතේ එහෙම Option එකක් නෑ. වැඩේ පොඩ්ඩක් අමාරුයු වගේ දැනුණොත් එක්කො ජොබ් එක මාරු කරනවා. නැත්නම් කරන Task එක මාරු කරනවා. නැත්නම් සම්පූර්ණයෙන් වෙන දිශාවකට යනවා. ඒක ඒගොල්ලන්ට ඉතාමත් සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ කට්ටියට දුෂ්කර කාලයක් ආවොත් Survive වෙනව තියා හිතන්නවත් බෑ. එයාලට කිසිම දෙයක් කාලයක් පවත්වාගෙන යන්න බෑ. මේ වගේ කට්ටියට Leadership Possition එකකට ළං වෙන්නවත් බෑ. වෙන විදියකට කිවුවොත් ප්‍රශ්නෙ දිහා ප්‍රශ්නයක් විදියටම බැලුවොත් ඒ ප්‍රශ්නෙ ලොකු ප්‍රශ්නයක් විදියට තමයි පේන්නෙ. ප්‍රශ්නෙ Focus කරලා උත්තරයක් හොයාගන්නව වෙනුවට මේ අය කරන්නෙ ඒ ප්‍රශ්නෙන් අයින් වෙන එක.

(2) Fault Finder – හැමතිස්සෙම වැරදි හොයන කෙනා
දැන් මෙයා ඇවිල්ලා කලින් Level එකේ ඉන්න අයට වඩා ටිකක් හොඳයි. කලින් කෙනා ප්‍රශ්නෙ දැක්ක ගමන් අයින් වෙනවනේ. හැබැයි මේ කෙනා ප්‍රශ්නෙ දිහා ට්කක් බලනවා. මෙයා වැඩේ කරන්න යනකොට පුළුවන් නම් එයා කැමැත්තෙන් වැඩේට එනව වගේම කොහොම හරි ඒ වැඩෙන් අයින් වෙන්න එක අඩුවක් හරි, අඩුපාඩුවක් හරි හොයන එකමයි කරන්නෙ. එයා කරන්න් අයන රාජකාරියේදි ඒ වගේ වැරැද්දක් එයා දැක්කොත් එයා ඒක කරනව වෙනුවට ඊටත් වඩා එහාට ගිහින් ඒක කරන අනිත් අයවත් පල්ලෙහාට දාන්න තමයි උත්සාහ කරන්නෙ. මේ වගේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. දැන් හිතන්න ඔයාලා මොනව හරි Challenging ප්‍රශ්නෙකට Solution එකක් ගෙනැල්ලා තියෙනව කියලා. එයා Solution එකක් ගේන්නෙ නෑ. ඒ ගෙනාපු Solution එකේ මොනවද තියෙන වැරදි, මොනවද තියෙන අඩුපාඩු, ඇයි අපි මේක කරන්නෙ නැතුව ඉන්නෙ නැත්තෙ කියන දේවල් තමයි එයාගෙ Mindset එකේ තියෙන්නෙ. හොඳට මතක් කරලා බලන්නකො. ඔයත් එහෙම අය දැකලා ඇති. කොච්චරද කියනව නම්, ඔයා මොකක් හරි වැඩක් කරොත් ඒකෙ 99%ක්ම හොඳ දේවල් තිබ්බොත් එයාට ඒවා පෙන්නෙ නෑ. අර 1%ක් Negative දෙයක් වැරදි දෙයක් තිබ්බොත් එයා ඒකම තමයි අල්ලගන්නෙ. ඒක අල්ලගෙන පුළුවන් තරම් ඒ සෘණාත්මකභාවය පතුරවන්න උත්සාහ කරනවා. හැබැයි Great leader කෙනෙක් කියන්නෙ කවුද දන්නවද? ඔයා කරන රාජකාරියේ 99%ම වැරදි දේවල් තිබ්බත් ඒවා නොසලකා හැරලා 1% හොඳ දේ ගැන අවධානය යොමු කරලා වැඩ කරන කෙනෙක්.

(3) Dabbler – යන්තම් වැඩේ කරන කෙනා
දැන් මේකෙ නම් කලින් Levels දෙකටම වඩා ටිකක් හොඳයි. මේගොල්ලො ඇවිල්ලා වැඩක් පටන් ගන්නකොට මාර උනන්දුවෙන්, උද්‍යෝගයෙන්, අවශ්‍යතාවයකින්, Enegy එකකින් මාර ගැම්මෙන් වැඩේ පටන් ගන්නවා. කලින් පඩිපෙලේ උදාහරණෙට ගියොත් මේ කෙනා කොහොම හරි උඩට නගිමු කියලා හිතනවා. එහෙම හිතලා පඩි කීපයක් උඩට නගිනකොට Challengers ටික ටික එන්න පටන් ගන්නකොට එයා ඒ වැඩෙන් අයින් වෙනවා. ඒ වගේ අයට කියන්නෙ Shooting Stars කියලා. ඒ කියන්නෙ පටන් ගත්ත ගමන් මාර ගැම්මෙන් හයියෙන් ගිහින් ටික ටික වේගෙ අඩු වෙලා පල්ලෙහාටම කඩාගෙන වැටෙනවා. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න මේ Level එකට ඔයා හරි ඔයා දන්න කෙනෙක් හරි අයිති වෙනවද කියලා. මේක කලින් Levels දෙකටම වඩා හොඳයි. හැබැයි ඔයාට මෙතන ඉඳන් තව Levels 2ක් ඉස්සරහට යන්නත් පුළුවන්.

(4) Stressor – ලොකු ආතතියක් තියෙන අවස්ථාවකදි වුණත් වැඩෙ හරියට කරන කෙනා
මේක කලින් තුනටම අඩා හොඳයි කියන එක පැහැදිලීනෙ. හැබැයි දැන් ඔයා ඉන්නෙ පස්වෙනි Level එකෙත් නෙමෙයිනෙ. ඔයා පහේ නැතත් හතරේ ඉන්නව කියන්නෙ ඔයා පොඩ්ඩක් සුවිශේෂී. කලින් තුන්දෙනාටම වඩා ඔයා ඉස්සරහට අවිල්ලා තියෙනවා. මේ Level එකේ ඉන්න අයත් වැඩේ කරගෙන යද්දි Challenge එකක් ආවොත් වැටෙනවා. ඒත් ආපහු ඒ වැඩේ කොහොම හරි කරනවා. කලින් කෙනා වැටුණු තැනේම ඉන්නවා. හැබැයි මේ කෙනා ආය නැගිටිනවා. කොහොම හරි ආයෙත් වැඩේ කරගෙන යනවා. මොකද, මේ අයට පරාජය වීම කියන්නෙ එයාලගෙ Life එකේ Option එකක් නෙමෙයි.

(5) Master
මේ වගේ අය ගොඩක් නෑ. මේ Level එකේ අය බොහොම ටික දෙනයි ඉන්නෙ. කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ. මොකක්ද මේගොල්ලන්ගෙ තියෙන වෙනස. Masters Challengers එනවා. එයාලත් වැටෙනවා. හැබැයි එයා නැගීන්නෙ අඩියක් පසට අරගෙන. Masters works with a strategy. එයාලා වැරදුණු තැනේම ආපහු යන්නෙ නෑ. අඩියක් පස්සට ඇවිත් බලනවා යන්න පුළුවන් තව පාරවල් මොනවද කියලා. ඊටපස්සෙ වෙනම විදියකින් තමයි ආය වැඩේ පටන් ගන්නෙ. ඒක ලේසි නෑ. ඒ වගේම තමන් වැඩ කරන විෂය පථය ඇතුළෙ එයාලට A-Z දැනුම තියෙනවා. එයාලා දැනුම හොයනවා. ඒ නිසා මොකක්ද ගන්න ඕනෙ ක්‍රියාමාර්ගෙ, කොතනින්ද පටන් ගන්න ඕනෙ, කොතනින්ද වෙනස් වෙන්න ඕනෙ, කොයි වෙලාවටද අඩියක් පස්සට ගන්න ඕනෙ, තමන් මොනවද කරන්නෙ වගේ දේවල් සම්බන්ධයෙන් මේ අයට හොඳ අවබෝධයක් තියෙනවා. කලින් කතා කරපු හතර දෙනාම වැඩ කරද්දි ප්‍රශ්නයක් ඇති වුණොත් මුලින්ම කරන්නෙ Goal එක වෙනස් කරන එක. හැබැයි Master කෙනෙක්ට ගැටළුවක් ආවොත් එයා Goal එක වෙනස් කරන්නෙ නෑ. එයා Strategy එක තමයි වෙනස් කරන්නෙ. ඒක තමයි තියෙන ලොකුම වෙනස.

දැන් ඔයාට තේරෙනව ඇති ඔයා කොතනද ඉන්නෙ, ඔයා වටේ ඉන්න ඔයා ආශ්‍රය කරන අය කොතනද ඉන්නෙ, ඔයාගෙ Staff එක / ඔයාගෙ Partner කොතනද ඉන්නෙ කියලා.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

developer

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *