ආයුබෝවන්!
සුභ දවසක්!
මිනිස් ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. ප්‍රතිශතයක් විදියට කිව්වොතින් සමස්ත ශරීරයෙන් 70%ක්ම අන්තර්ගත වෙන්නේ ජලය. එතකොට පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 82%ක් අඩංගු වන්නේ ජලය. එතකොට අපේ ශරීරයේ තිබෙන වැදගත්ම ඉන්ද්‍රියක් වන මොළයෙන් 80%ක්ම අන්තර්ගත වෙන්න ජලය. දැන් ඔබට තේරෙනවා ඇති ජලය අපේ ජීවිතයත් එක්ක කොතරම් ලොකු සම්බන්ධයක් තියනවද කියලා.මෙන්න මේ නිසාම, ශරීරයේ ජල ප්‍රතිශතය අඩු වෙනකොට මොලේ ඇතුළු අපේ අර පෙර සඳහන් කරපු හැම ඉන්ද්‍රියක ම ක්‍රියාකාරීත්වයත් අඩාල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා, ප්‍රමාණවත් පරිදි දවස පුරා ජලය පානය කිරීම තමයි ඉතාම වැදගත්ම දේ.අද අපි බලමු උදෑසන අවදි වූ සැනින් හිස් බඩ වතුර බොන අයට ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි දහයක වාසි 10ක් ගැන.
සාමාන්න්යයෙන් මහන්සි වුණාම බොන වතුර ටික වගේ නෙමෙයි, උදේ පාන්දර නැගිට්ටම බොන පුංචි වතුර වීදුරුවේ අපි හිතනවට වඩා ලොකු පවර් එකක් තියෙනවා. ඒකෙන් අපිට ලැබෙන වාසි ගොඩයි. ජපානයේ කාන්තාවන්ගේ ලස්සනම ලස්සන මුහුණු දැකලා තියෙනවද?ජපාන කාන්තාවන්ගේ මුහුණ සිනිදුයි වගේම මුහුණෙ කිසිම කලලකුත් නෑ.ඔයාලා දන්නවාද, ජපන් ළඳුන්ගේ මේ ලස්සන පිටිපස්සේ තියෙනරහස මොකක්ද කියලා? ඒ රහස තමයි හැමදාම උදේට නැගිටපු ගමන් හිස්බඩ වතුර බොන එක.අපේ ඇඟේ 70%ක් ම තියෙන්නේ ජලය. මේ වතුර ප්‍රමාණය අපේ ඇඟ ඇතුලේ නිතරම පවත්වා ගැනීමට අපි උපරිම උත්සහ කරන්න ඕන.නිකමට හරි මෙන් 70% ලොකු ප්‍රමාණයකින් අඩු වුනොත් ප්‍රශ්න ඇති වෙන්නෙත් අපිටම තමයි.දැන් වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා ආතරයිටීස්, මිග්රේන්, අධි පෝෂණය, පියයුරු පිළිකා, වකුගඩු රෝග වගේ ගොඩක් ලෙඩ හැදෙන්න, අපේ ඇඟේ වතුර ප්‍රමාණය අඩුවීම සෘජුවම බලපානවා කියලා. ඉතින් අර අවදානමට පෙර සූදානම කියන කතාව නිසාම, නිදාගෙන ඇහැරපු ගමන්ම ලොකු වතුර වීදුරුවක් බොන්න අද ඉඳන් ම ඔයාලත් පුරුදු වෙන්න. දැන් අපි බලමු මේ පුරුද්දෙන් අපිට ලැබෙන සෞඛ්‍ය වාසි 10 මොනවද කියලා.
(1) ශරීරය ප්‍රාණවත් කරනවා
අපි රෑට පැය හතක් අටක් වගේ නිදාගන්නවා නෙ.ඉතින් මේ මුළු කාලෙම ඇඟට වතුර ලැබෙන්නේ නැහැ. ඔයාල අහල තියෙනව නේද “විජලනය” කියලා වචනයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ De-hydration කියලා.ඇත්තටම කිව්වොත් රාත්‍රිය පුරාම අපේ ශරීරයට ජලය නොලැබීම නිසා අපේ ඇඟ ටිකක් විතර විජලනය වෙලා තමයි තියෙන්නේ.මේක නිසා තමයි අපි උදේ හැරුණාම ලොකු කම්මැලි ගතියකින් වගේ ඇහැරෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපි කරන්න ඕනේ හොඳම වැඩේ තමයි වෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නැතුව හිස්බඩ වතුර වීදුරු දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් බොන එක. මෙන්න මෙහෙම කරාම අපේ ඇඟ ඉක්මනින්ම සජලනය වීම සිද්ධ වෙලා ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට හොඳ පණක් ලැබෙනවා.
(2) අවධානය වැඩි කරනවා
සාමාන්‍යයෙන් අපි තිබහෙන් ඉන්නකොට අපේ ශරීරයට ලොකු මහන්සියක් තෙහෙට්ටුවක් දැනෙනවා. ඉතින් ගොඩක් වෙලාවක් ඔහොම කන්නේ බොන්නේ නැතුව ඉඳලා උදේ ඇහැරුණු ගමන්ම ඝන ආහාරයක් ගන්න එක අපේ ඇඟට එච්චර හොද දෙයක් නෙමෙයි. හැබැයි මුලින්ම වතුර බිව්වත් නම්, ඒකෙන් අපිට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, නිදිමත ගතියක් මග ඇරෙනවා.අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයිඅපි බොන්නේ අඩු වතුර ප්‍රමාණයක් නම්, ඒකෙන් අපේ ක්‍රියාශීලි බව එහෙමත් නැත්නම් active ගතිය කියන දේ අඩු වෙනවා කියන එක. උදෑසන අවදි වූ සැණින් වතුර බොනකොට රතු රුධිර සෛල වේගයෙන් උත්තේජනය වෙලා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම වැඩිකරනවා. මේ ඔක්සිජන් සැපයුම වැඩි වෙනවා කියලා කියන්නේ මොළය ඇතුළු සමස්ත ඉන්ද්‍රියන්වලට බාහිර පරිසරයේ ක්‍රියාකාරකම් වලට අවධානය යොමු කිරීමේ හැකියාවත් වැඩි වෙනවා කියන එක. ඒක නිසා අද ඉඳන් උදේ නැගිටපු ගමන් සීනි ගොඩක් දාපු තේ එකක්, කෝපි එකක් හරි බොන්නෙ නැතුව හොඳ වතුර වීදුරුවක් දෙකක් බීලම බලන්න, ඒ වෙනස ඔබට දැනෙනවද කියල. ඔබට හොඳ අවධානයකින් ඔබේ දවස ආරම්භ කිරීමේ හැකියාව මෙමගින් ලැබේවි.
(3) මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා
අපේ මොලයේ 80%ක්ම සකස් වෙලා තියෙන්නෙ වතුර වලින් කියලා අපි දැන් දන්නවා. ඉතින්, අපේ මොළය හරියට වැඩ කරන්න නම් වතුර ඕනෙමයි. මෙන්න මේ නිසා තමයි අපි තිබහෙන් ඉද්දි අපි ඔව්ට තෙහෙට්ටු ගතියක් දැනෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, මොලයට වතුර අඩු වෙනකොට අපේ මූඩ් එකත් ටිකක් අවුල් යනවා. මෙන්න මේ වගේ වෙලාවට ඉතින් ඔය මූඩ් එක අවුල් යන එක ෆික්ස් කර ගන්න හොඳම විදිය තමයි වතුර. ඒ වගේම තමයි, හැමදාම උදෑසන අවදි වූ සැනින් වතුර බොන අයගේ මතක ශක්තිය වර්ධනය වෙන බවත් දැන් හොයා ගෙන තියෙනවා. ඉතින් මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් කරගෙන ඔබේ මතකය වර්දනය කරගැනීමට අද ඉඳන් උදේ නැගිටපු ගමන් වතුර වීදුරුවක් පානය කරන්න. මේ පුරුද්ද ඔබේ දින දා ජීවියේ පුරුද්දක් කර ගත්තොතින් අපට පුළුවන් මේ ප්‍රතිඵල ඉක්මනින්ම අත් විඳින්න.
(4) ලෙඩ රෝග අඩු කරලා, ප්‍රතිශක්තිය වැඩි කරවනවා.
අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි නම් අපිට ලේසියෙන් ලෙඩ රෝග හැදෙන්නේ නෑ. උදේ බොන වතුර වීදුරුවෙන් කරන්නෙත් අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරවන එක. ඉතින් උදේට හොඳට වතුර බොන අය ලෙඩ වලට බය වෙන්න ඕනේ වෙන්නේ නෑ. මොකද, විසබීජ එක්ක ෆයිට් කරන්න පුළුවන් සුපිරි හැකියාවක් හැමදාම උදේට වතුර බොන එකෙන් ඒ අයට ලැබෙනවා.
(5) සිරුරේ තියෙන විෂ කරනවා.
රෑ පුරා අපේ ඇඟ ඇතුළෙ එකතු වෙච්චි විෂ ඔක්කොම හෝදලා අයින් කරන්න මේ උදේට බොන වතුර වීදුරුවට පුළුවන්. ඒ නිසා අපේ ඇඟ ආයෙත් fresh කරගෙන බොහොම සතුටින්, නිරෝගීමත් ව, ක්‍රියාශීලීව දවස පටන් ගන්න අපිට පුළුවන් වෙනවා.
(6) පරිවෘත්තිය හැකියාව වැඩි කරනවා.
අපේ ඇඟ ඇතුලෙ තියෙන සෛල නොනැවතීම වැඩ කරනවා නේ. ඒකට තමයි කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියලා. සෛල වැඩ කරන තරමටම අපට ශක්තිය ලැබෙනවා. ඉතින්, උදෑසන ජලය පානය කරන අයගේ පරිවෘත්තිය හැකියාව වැඩි නිසා ජව සම්පන්නව දවස ගෙවන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.
(7) ශරීරයේ බර අඩු වෙන්නත් උදව් කරනවා.
අපි උදෙන්ම හිස්බඩ වතුර බිව්වම බඩගිනි හැදෙන එක ටිකක් අඩුයි. ඒ නිසා ගොඩක් වෙලා යනකල් කන්න ඕනේ වෙන්නෙත් නෑ. ඕනෑවට වඩා කන්නෙත් නැති නිසා ශරීරයේ බර එන්න එන්නම අඩු වෙනවා. ඒ වගේම, ශරීරයට හොඳින් ජලය ලැබෙද්දී අපේ ඇඟ ඇතුලේ එකතු වෙලා තියෙන විෂ සංචිතත් ශරීරයෙන් ඉවත් වෙන්න ගන්නවා. මෙන්න මේ නිසා ශරීරයේ බර අඩු වීමක් සිද්ධ වෙනවා.
(8) සමේ දීප්තිය හා පැහැපත් බව වැඩි කරනවා.
සාමාන්‍යයෙන් හැමෝම කැමතියි ලස්සන, ලප කැලැල් නැති, දිලිසෙන, පැහැපත් සමක් ලබාගන්න. හැබැයි ඒකට අපි එදිනෙදා ජීවිතයේ කොයි තරම් ක්‍රීම් ජාති පාවිච්චි කරනවද. ඒත් උදේ හිස් බඩින් ම බොන වතුර වීදුරුවෙන් මේ දේවල් අපිට නිකන්ම ලැබෙනවා. වතුර වලින් අපේ ඇඟේ විෂ හෝදලා යවනවා නේ. ඉතින් අපේ හමට දිදුලන භාවයක් වගේම පැහැපත් බවක් ඒ නිසා ලැබෙනවා. හමේ සුදුමැලි ගතියත් අයින් වෙලා යනවා. හමේ ඇතිවන අඳුරු ලප, රැලි වැටීම වගේ දේවල් පහසුවෙන් ඉවත් කරන්න මේ උදේට බොන වතුර වීදුරුවට පුළුවන්.
(9) වකුගඩුවල ගල් සෑදීම, මූත්‍රාශය හා බඩවැල්වල හැදෙන්න පුළුවන් රෝග වළක්වනවා.
විශේෂයෙන් උදෑසන අවදි වූ සැනින් හොඳට වතුර බොන්න අයගෙ කවදාවත් මුත්‍රාශය හා වකුගඩු වල හැදෙන්නෙ නෑ. ඒ වගේම තමයි හිස්බඩ ජලය පානය කිරීමෙන් බඩවැල්වල ක්‍රියාකාරීත්වය ද ඉහළ යෑමක් සිද්ධ වෙන නිසා බඩවැල් ආශ්රිත රෝගත් වළක්වාගන්න අපට හැකියාව තියෙනවා.
(10) ලස්සන නිරෝගී කෙස් කළඹක් ලැබෙනවා.
කවුරුත් මේක විශ්වාස කරන එකක් නෑ. හැබැයි දන්නවද, හැමදාම උදේට හිස්බඩ බොන වතුර වීදුරුවෙන් ලස්සන දිග කෙස් කලඹක් ලබා ගන්න අපට පුළුවන් වෙනව. ශරීරයේ වතුර ප්‍රමාණය අඩු උනාම කෙස් ගස් වලට හරියට පෝෂණය ලැබෙන්නේ නෑ. අන්න ඒ නිසා කෙස් වේලිලා, පැලෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි, කෙස් වලට ඕනේ කරන විටමින් වර්ග අරන් යන්නත් වතුර වැදගත් වෙනවා. අපේ සිරුරේ 4 න් පංගුවක් ම වතුර තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා ලස්සන නිරෝගී කෙස් කලඹකට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වතුර කියලා කියන්නෙ.
ලිපිය ඉවර කරන්න කලින් ජපානෙ මිනිසුන් පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු දරුණු රෝග රැසක් සනීප කරගන්න අදටත් භාවිතා කරන දෑසන ජල ප්‍රතිකාරයක් ගැනත් ඔයාලට කියන්නම්. මේ සඳහා උදෑසන අවදි වූ සැනින් ජලය මිලි ලීටර් 640ක් බොන්න ඕනේ. ඊළඟට, සාමාන්‍ය විදිහට දත් මැදලා මූණ හෝදගෙන ඔබේ දවසේ කටයුතු කරගන්න. වතුර බීලා විනාඩි 45ක් යනතුරු කිසිවක් කන්නට බොන්නට එපා. විනාඩි 45ක් විතර ඉඳලා, කුස පිරෙන්නට හොඳ උදෑසන ආහාර වේලක් ලබා ගන්න. කාල ඉවර වෙලා වතුර මිලිලීටර් තුන්සියයක් බොන්න ඕන. දැන් තවත් පැයක් දෙකක් විතර ගත වනතුරු වෙනත් කිසිවක් කෑමට හෝ බීමට ගන්න එපා. මෙන්න මේ පියවර ඉතාම වැදගත්. ඊට පස්සෙ සාමාන්‍ය විදියට වතුර බීලා,කෑම කාලා දවස ගෙවන්න. මෙන්න මේ ජල ප්‍රතිකාරය දින තිහක් නොකඩවා කිරීමෙන් අධි රුධිර පීඩනය හා දියවැඩියාව සුව කරගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා දින දහයකුත්, මල බද්ධය සඳහා දින දහයක් හෝ මගේ ඇරෙන තුරු සිදු කරන්න. ක්ෂය රෝගය සුව කර ගැනීම සඳහා දින 90ක් උණු වතුර භාවිත කරන්න ඕනේ. ආතරයිටිස් රෝගීන් පලවෙනි සතියේ නොකඩවා දින තුනක් මේ වැඩේ කරලා ඉන්පසු දවස් හතර මෙන් සිදු නොකර සිටිය යුතුයි. ඉන් පසු දෙවන සතියේ සිට රෝගය මඟහැරෙන තුරු මෙය දිනපතා සිදු කරන්න ඕන මෙන්න මේ විදියට නොකඩවා දින එකසිය අසූවක් සිදුකිරීමෙන් පිළිකා පවා සනීප වෙනවා කියලා ජපනුන් විශ්වාස කරනවා. මේ ජන ප්‍රතිකාරයෙන් ඇතිවිය හැකි කිසිදු අතුරු ආබාධයක් හෝ රෝගයක් නැහැ. ඕනෙනම් මුත්‍රා පිටවීම ටිකක් විතර වැඩි වෙයි. කොහොම වුණත් කලින් කිව්වා වගේ මෙමගින් ලැබෙන ප්‍රයෝජන නම් අති විශාලයි. ඉතින් හිස් බඩින් ම උදෑසන වතුර වීදුරුවෙන් මේ වගේ වාසි රැසක් පුළුවන් කියලා ඔයාලා නිකමට වත් හිතන්න නැතුව ඇති.අපේ ඇඟට වතුර වැඩිපුර ලැබෙන කොට අපි ඉබේම ලස්සන වෙනවා. ඒ විතරක් නෙවෙයි, නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් අපිට හිමි වෙනවා. නැවතත් මෙවැනි වටිනා ලිපියකින් නැවත හමුවෙමු.
0 Comments