“මොලේ නැද්ද?”
සමහරු කරන වැඩ දැක්කහම එහෙම අහන්න හිතෙනවා නේද? සමහරක් විට ගෙදර අම්මලා තාත්තලා නම් පොඩි කාලේ එක පාරක් හරි මේ ප්‍රශ්නේ ඔයාගෙන් අහල ඇති. එතකොට හිතාගන්න පුළුවන් නේද කරලා තියෙන වැඩේ තරම? හැබැයි, මෙතන ඇත්තටම අපිට මොලයක් තියෙනවනෙ. එහෙම තියාගෙනත්, ඔබත් මේ වගේ වැඩ කරන කෙනෙක් නම් අපිටත් අහන්න වෙන්නේ “මොලේ නැද්ද” කියලා. මොලේ කියන්නේ මිනිස් සිරුරේ මධ්‍යම සැකසුම් ඒකකය .එහෙමත් නැත්නම් ප්‍රොසෙසර් එකට. අපි එදිනෙදා ජීවිතයේ වැඩ කරන phone, tab, computer වගේ ඕන එකක ප්‍රොසෙසරයක් තියෙනවනේ. නමුත් ඊට වඩා සිය දහස් ගුණයක් විශාල වැඩ කොටසක් කරන එකක් තමයි මොලය කියලා කියන්නෙ. එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වූ විශිෂ්ටතම නිර්මාණ වලින් එකක් තමයි මිනිස් මොලය. ඒකට හේතුව තමයි ඒ මේ ලෝකයේ ඇති ඉබේ පහළ නොවූ සෑම දෙයක්ම මුලින්ම සැකසුනේ, ඒ සකසුම නිර්මාණය වුණේ කාගේ හරි මොලයකනෙ. තනි ඉන්ද්‍රියක් හැටියට මොළය මොන තරම් බලසම්පන්න වුණත්, ඒකෙ ක්‍රියාකාරිත්වයට ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන් රැසකගේ දායකත්වයක් ඕන වෙනවා. පරිගණකයක් වුණත් ප්‍රොසෙසරයෙන් උපරිම වැඩ ගන්න නම් හොඳ hard එකක්, ram එකක්, cooling system එකක් මේ වගේ දේවල් ඕනේ වෙනවනෙ. ඒ වගේ තමයි, මොලය හොඳින් ක්‍රියා කරවා ගන්න අපේ ශරීරයේ අනෙකුත් ඉන්ද්රියයන් වල නිරෝගී පැවැත්ම ඉතාම වැදගත් වෙනව. ඒ නිසා මොලයෙන් උපරිම වැඩ ගන්න නම් අපේ ශරීර සෞඛ්‍ය ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනෙ. මොකද, අපේ අතින් ම සිදුවන, අපි හිතන්නෙවත් නැති පුංචි පුංචි අතපසුවීම් නිසා කාලයක් යනකොට මොළේට සිද්ද වෙන හානිය අති විශාලයි. අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නෙ ඔබ නොදැනුවත්වම ඔබ අතින් සිදුකරන නරක පුරුදු 8ක් ගැන.
(01) උදේ ආහාරය මග හැරීම.
සමහරු දැන් ගන්නෙ Brunch එකක්නෙ. ඒ කියන්නේ breakfast එක සහ lunch එක එකට එකතු කරල ගන්න කෑම වේල තමයි brunch කියලා කියන්නෙ. එහෙම කියන්න සමාජයේ මේ වගේ වචන හැදෙන්න තරම් උදේ ආහාරය අපි නොසලකා හැරල තියෙන තරම හිතා ගන්න පුළුවන් නේද? හුඟක් අයට උදේ ආහාරය මඟහැරෙනවා. ඒක ඉතාම නරක පුරුද්දක්. අද වෙනකොට අපි හැමෝම ගත කරන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියනව. ඒ අපි ජීවත් වෙන්න වැඩ කරන්නද? වැඩ කරන්නේ ජීවත් වෙන්න ද කියන එක. මෙන්න මේ ප්‍රශ්න දෙකට හරි උත්තරේ හොයාගන්න පුළුවන් නම් ඔයා ආයෙ කවදාවත් උදේ ආහාරය මගහරින එකක් නෑ. අපි හුඟාක් කාර්යබහුල වෙන නිසා උදේ ආහාරය මග හැරිලා යනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කරල තියෙන්නෙ මෙය ඉතාම නරක පුරුද්දක් කියලා. කලින් දවසේ රාත්‍රි ආහාර වේල අරගෙන පහුවදා උදේ ආහාර වේල ගන්න තෙක්ම කාලය ඉතාම දීර්ඝයි. සමහරක් වෙලාවට ඒක පැය 10ක් 12ක් තරම් දීර්ඝ කාලයක් වෙන්න පුලුවන්. මේ දීර්ඝ කාලය තුළ ආහාර නොමැතිකමින් ශරීරයට නැවත ප්‍රතිපූර්ණ වීමට අවශ්‍ය ඉලෙක්රොමයිස් සහ පෝෂණ ලැබෙන්නේ නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වෙන්නේ, මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම සීමා වෙන එක. ඉතින් උදේට ගන්න ආහාරය පරක්කු වෙන්න පරක්කු වෙන්න මොලයට සිදුවෙන ඔක්සිජන් සැපයුම එන්න එන්නම අඩු වෙනව. දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම වෙනකොට මොළයට ඔබ දන්නෙම නැතුව ලොකු හානියක් වෙලා ඉවරයි. මේක හරියට engine oil අඩුවෙන් දාලා කාලයක් තිස්සෙ පාවිච්චි කරපු වාහනයක engine එක අපි දන්නෙම නැතුව සවුත්තු වෙලා යනව වගේ වැඩක්. දැන් ඔබට තේරෙනවා ඇතිනේ උදේ ආහාරය මගහැරීමේ භයානකකම කොච්චර ද කියලා. අදින් පස්සේ කවදාවත් උදේ ආහාරය මිස් කරගන්න එපා. එහෙම මිස් කරගන්නව නම් ඔබේ ජීවිතයේ ප්‍රමුඛතම ඉන්ද්රිය වන මොළයට තියන ආසාවත් අත්හැරගන්න.
(2) ප්‍රමාණවත් නින්දක් නොලැබීම.
රාත්‍රීයට නිදා නොගැනීම, එහෙමත් නැත්නම් ප්‍රමාණවත් ලෙස නින්දක් ලබා නොගැනීම කියන්නේ මොළයට හානි කරන ඉතාමත්ම නරක පුරුද්දක්. වර්තමානයේ දී තාක්ෂණයේ දියුණුවත් එක්ක විශේෂයෙන් අපේ වගේ රටවල්වල Night time data ලාභදායි වීම සහ data වැඩි ප්‍රමාණයක් රාත්‍රී කාලයේ ලැබීම නිසා බොහෝමයක් දෙනෙක් මධ්‍යම රාත්‍රිය පහු වෙනකල් ම Digital Screen වල එහෙම නැත්නම් පරිඝනක, ටැබ්, ෆෝන් වල ඉන්න පුරුදු වෙලා ඉන්නවා. බොහෝ වෙලාවට අඹුසැමියන් පවා නිදාගන්න ඇවිත් දවසේ සිද්ධ වෙච්ච දේවල් එහෙමත් නැත්නම් හෙට දවසේ කරන්න තියෙන දේවල් කතා කරනවා වෙනුවට ගොළුවන් වගේ තාක්ෂණික උපකරණත් එක්ක සමාජ ජාල වල සැරිසැරීම හෝ පරිඝනක ක්‍රීඩා වල නිරත වීම වගේ දේවල් සිද්ධ කරනව. ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මොළයට ඉතා විශාල හානියක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ශරීරයේ සෛල සහ පටක නැවත ප්‍රකෘතිමත් කර ගන්න නම් පැය 7ක 8ක වගේ නින්දක් අවශ්‍යය වෙනවා. ඒ වගේම බොහොමයක් වෙලාවට එක දිගට වැඩ කිරීමෙන් පස්සේ මොලයේ ක්‍රියාකාරීත්වයට හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා. එහෙම නොවුණොත් සිදුවෙන්නේ මොලයට සෙමෙන් සෙමෙන් හානි සිදු වෙලා දුර්වල වෙලා යන එක.
(3) අධික සීනි පරිභෝජනය.
සීනි කියන්නේ හෙරොයින් තරම්ම නරක මත්ද්‍රව්‍යයක් වගේ ආහාරයක්. සීනි කන්න ඇබ්බැහි උනොත් ඒක අත්හැර ගැනීම ඉතාම අපහසු වන නිසා සහ එයින් ශරීරයට වන හානිය හුඟක් වැඩි නිසයි මේ විදියට කියන්නේ. අද වෙළෙඳ පොළේ තියෙන බිස්කට් වර්ග, බීම වර්ග, කෙටි ආහාර වර්ග, කේක් වර්ග ඇතුළු ආහාර බොහෝමයක සීනි විශාල ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙනවා. මේ විදියට අධික ලෙස සීනි අපේ ශරීරයට ඇතුල් වෙනකොට ආහාරවලින් පෝෂණ සංඝටක අවශෝෂණය කරගැනීමට ශරීරයට තියෙන හැකියාව අඩු වෙලා යනව. මේ විදියට දිගු කාලයක් තිස්සේ අධික ලෙස සීනි ආහාරයට ගන්න කොට මන්දපෝෂණය, තරබාරු බව, දියවැඩියාව වගේ තත්ත්වයන් වගේම මොලයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමක් සිදු වෙන්න ගන්නවා. ඉතින්, මේ වගේ දේවල් වළක්වා ගන්න තියෙන හොඳම ඒ වගේම ලේසිම දේ තමයි පුළුවන් තරම් සීනි පරිභෝජනය අවම කරන එක.
(4) පමණට වඩා ආහාර ගැනීම.
මේ ලිපිය ආරම්භයේ දීම සඳහන් කලා උදේට නොකා හිටියොත් මොනාද වෙන්න පුළුවන් හානි කියලා. ඒත් එහෙම කිව්ව කියලා ඔබ ආහාර ගන්නකොට අධිකවම ආහාර ගැනීම සුදුසු නැහැ. මොකද, පමණට වඩා ආහාර ගැනීම මගිනුත් මොළයේ සෛල වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අපේ මතකය අඩුවීම වගේ දේවල් මෙමගින් සිද්ධ වෙන්න පුළුවන්. හාවර්ඩ් සරසවියේ සෞඛ්‍ය අංශය විසින් මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමියෙකුට නීරෝගීව සිටීමට දවසකට කැලරි 2500ක් මණ ප්‍රමාණවත් කියලා. ඒ වගේම වැඩිහිටි කාන්තාවකට නිරෝගීව සිටීමට දවසකට කැලරි 2000ක් පමණ ප්‍රමාණවත් කියලා. ඉතින් මේ කැලරි වශ්‍යතාවය ඉක්මවා අධික ලෙස කැලරි ප්‍රමාණයක් ශරීරගත වන ලෙස ආහාර ගතහොත් මොළයට හානි වෙලා පසුකාලීනව ඔබේ මතකය දුර්වලවීම වගේ රෝග වලටමුහුණ දෙන්න සිද්ධ වේවි.
(5) දුම්පානය කිරීම.
දුම්පානය කියන්න ඉතාම නරක පුරුද්දක් කියලා අපි පොඩි කාලෙ ඉඳන්ම දන්නවනේ. දුම්පානය මගින්, පෙනහලු වලට වගේම අපේ මොලයටත් විශාල හානියක් සිද්ධ වෙනවා. මෙහෙම වෙන්නේ, මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය ඔක්සිජන් සපයන පෙනහලු වල සිගරට් දුම පීරීම නිසා. ඒ වගේම, මොළේට ගමන් කරන්නේ විෂ වර්ග අඩංගු වන ඔක්සිජන් සංඝටක වීම නිසයි. මේ විදියට දිගු කාලයක් තිස්සේ දුම් පානය කරනකොට මොළයේ පටක සංකෝචනය වීම හා අල්සයිමා, ඩිමෙන්ෂියා වැනි රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අද ම දුම් පානය කරන එක නතර කරගන්න පුළුවන් නම් පෙනහළු පිළිකා විතරක් නෙමෙයි, මොලයට සිදුවන හානි වලිනුත් බේරිලා ඉන්න හැකියාවක් ඔයාටත් ලැබෙයි.
(6) හිස ආවරණය කරගෙන නිදා ගැනීම.
සමහර අය නිදාගන්නෙ හිස ආවරණය කරගෙන. ලිපියේ මෙම කොටස ඉතාමත් වැදගත් වන්නේ, සැබෑම සහ ඔබ අනිවාර්යයෙන් අවධාරණය කරගත යුතු හේතුවක් මෙහි තියෙන නිසා. පොරවනය ඔලුවෙ ඉඳන් වහගෙන නිදාගන්න එක කරනව නම් ඒක අදම නතර කරන්න. මොකද, ඒක ඔබේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට සෑහෙන්න බාධා ඇති කරනවා. මුහුණ ආවරණය වීම නිසා නාසය සහ මුඛ ප්‍රදේශය අවහිර වීම නිසයි මෙහෙම සිද්ධ වෙන්නේ. එහෙම උනාම වෙන එක දෙයක් තමයි මිනිස් මොලය ඇතුළු සියලුම ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ය ඔක්සිජන් සැපයුමට බාධා ඇති වෙන එක. මොකද නහය කට වැහිලා තියෙන නිසා ඒ ක්‍රියාවලිය මන්දගාමී වෙනවා.මේක නෙමෙයි මෙතන තියෙන නරකමවැඩේ. හුස්ම ගැනීමෙන් පස්සේ එළියට පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටිකත්, අපි ඔලුවෙ ඉඳන් වහගෙන නිදා ගන්නකොට එළියට යන්නේ නෑ. මේ නිසා, නැවත ඔක්සිජන් සමග ඩයොක්සයිඩ් වායුවත් අවශෝෂනය කරන්න අපි උත්සාහ ගන්නවා. මේ ක්‍රියාවලිය මොලයට ඉතාම අයහපත් විදියට බලපානව කියලයි සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරලා තියෙනවා.
(7) අසනීපව ඉන්නකොට වැඩ කිරීම.
අද අපි ජීවත්වන මේ තරගකාරී සමාජයේ වියදම් අධික ජීවන රටාවත් එක්ක අසනීප වුණත්, ලෙඩ වුණත් අපිට නිකන් ඉන්න බෑ. හැබැයි, අසනීපෙන් ඉන්නකොට වැඩ කිරීමෙන් මොළයට ලොකු හානියක් සිද්ධ වෙනවා කියලා වර්තමානෙදි සොයාගෙන තියනව. ඇත්තටම අසනීප වෙනව කියලා කියන්නෙ ශරීරයට විවේකයක් අවශ්‍යයි කියලා ශරීරය විසින් ඔබට ලබා දෙන ඉඟි කිරීමක්. ඒකට හේතුව තමයි, මේ වෙලාවේ ඔබේ ශරීරයේ සුදු රුධිරාණු හමුදාව මොලය නැමැති සෙන්පතිගේ මෙහෙයවීමක් මත රෝගය ඇතිකරවූ වෛරස්, බැක්ටීරියා විනාශ කරන්න දැවැන්ත යුද්ධයක් සිදු කරන එක. ඒ සඳහා සහයෝගය පළ කිරීමට ඔබ කරන්න ඕනේ හොඳම දේ තමයි ඔබේ ශරීරයට විවේකයක් ලබා දෙන එක. නමුත්, අසනීපව සිටියදී පවා පෙර පරිදිම වැඩ කටයුතු සිදු කරගෙන යනවනම් එයින් අධික ලෙස මොලය මහන්සි වීමට හේතු වෙනවා. එනිසාම, මොලය වේගයෙන් ගෙවිලා යන්න එය හේතුවක් වෙනව.
(8) මොළයට ව්‍යායාම අඩුවීම.
අපේ ශරීරයේ මාංශ පේශීන් නිරෝගීව සහ ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා අපි ව්‍යායාම කරනවනෙ. අන්න ඒ වගේ තමාඅපේ මොලය නිරෝගී සහ හොඳ ක්‍රියාකාරීත්වයකින් පවත්වාගෙන යාමට ව්‍යායාම් අත්‍යවශ්‍යයි. ඇත්තටම මොළය ද සිදු කරන ව්‍යායාම කියන්නේ, අපි මොළයේ සෛලවලට හිතන්න, ටිකක් වෙනස් විදියට හිතන්න, එතනින් එහාට හිතන්න පුරුදු කරන එක. මෙවැනි ක්‍රියාකාරකම් වලින් මොලයේ සෛල වල උත්තේජනයක් ඇති වෙනවා. හැමදාම එකම දේ හිත හිත, එකම දේ කරනකොට මොළය හරියට පාවිච්චි වෙන්නේ නෑ. මොළයේ පටක දුර්වල වීම සිද්ධ වෙනවා. එතකොට කොහොමද දැන් මොළයට ව්‍යායාම සිද්ධ කරන්නේ? බය වෙන්න එපා. ඒ කාරණයත් අපි කියන්නම්. ඒකට මහ ලොකු දේවල් කරන්න ඕන නෑ. අලුත් හොඳ ක්‍රීඩාවක් ඉගෙන ගන්න, සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න, අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඒ වගේම අලුත් අලුත් කෑම වර්ග පිසීමට ඉගෙනගන්න, හිතෙන් ටිකක් අමාරු ගණන් විසඳන්න,මතකයෙන් චිත්‍ර ඇඳීම වගේ දේවල් ඔබට ලේසියෙන්ම කරන්න පුළුවන්. එතකොට ඔබව අලුත් මානයකට අරන් යාම ඉබේම සිද්ධ වෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම් digital screen වල ඉන්නකොට, ෆෝන් එකේ, ටැබ් එකේ, කම්පියුටර් එකේ ඉන්නකොට quize game වගේ දේවල්වලට යොමු වෙන්න පුළුවන් නම්, එයිනුත් ඔබට ුහුදු හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.
එහෙමනම් මෙම ලිපිය තුලින් අපි ඔබව දැනුවත් කළ මේ නරක පුරුදු 8න් ඉවත් වෙන්න පුළුවන් නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරපු අපිට ඊටවඩා සතුටක් නෑ. ඒ වගේම ඒක අපිට සතුටක් වගේම ඔබටත් මිල කරන්න බැරි සැනසීමක් ලැබෙන දෙයක්. හැබැයි ඔබ තාමත් හිතෙනවා නම් මේ පුරුදු වලින් ඔබට ඉවත් වෙන්න බෑ කියලා, අපිට අහන්න තියෙන්නෙ අපි ලිපිය පටන් ගන්න කොටම අපි ඔබෙන් අහපු ප්‍රශ්නෙ “මොලේ නැද්ද”
0 Comments